ප්‍රාදේශීය කලාපයක සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කරන අයට ලැබුණු නවතම සුබ ආරංචිය මෙන්න

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා හඳුන්වා දුන් නවතම Skilled වීසා ඛාණ්ඩය ලෙස මෙම 191 වීසා ඛාණ්ඩය හැඳින්වේ.

Home Affairs removed the minimum Income requirement for the Subclass 191 visa which is the latest PR visa in Australia

A long road through the Australian Outback with kangaroo sign Source: Moment RF / Richard Fairless/Getty Images

ඔස්ට්‍රේලියාවේ Permanent Residence (Skilled Regional) වීසා හෙවත් 191 වීසා සඳහා අයදුම් කිරීමේදී මීට පෙර පනවා තිබූ වාර්ෂික ආදායම් සීමාව ඉවත් කර ඇතැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා හඳුන්වා දුන් නවතම Skilled වීසා ඛාණ්ඩය ලෙස මෙම 191 වීසා ඛාණ්ඩය හැඳින්වේ.

491 සහ 494 වීසා හිමියන්ට සුබ පණිවිඩයක්

Permanent Residence (Skilled Regional) වීසා හෙවත් 191 වීසා සඳහා අයදුම් කිරීමට හැකි වන්නේ පහත සඳහන් වීසා හිමියන්ට පමණි:
  • Skilled Work Regional (Provisional) වීසා හෙවත් 491 වීසා හිමියන්
  • Skilled Employer Sponsored Regional (Provisional) වීසා හෙවත් 494 හිමියන්
ඉහත වීසා හිමියන්ට 191 වීසා සඳහා අයදුම් කිරීමේදී සපුරාලිය යුතු ප්‍රධාන කොන්දේසි තුනෙන් එක් කොන්දේසියක් වූයේ $53,990 ක අවම වාර්ෂික ආදායමක් වසර 3 ක් පුරාවට ලබා තිබිය යුතු වීමය.

නමුත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව 191 වීසා සඳහා අයදුම් කිරීමේදී දැන් එලෙස අවම වාර්ෂික ආදායම් අවශ්‍යතාවයක් නොමැත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

Permanent Residence (Skilled Regional) වීසා හෙවත් 191 වීසා සඳහා සැපිරිය යුතු ප්‍රධාන කොන්දේසි

  • ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නම් කර ඇති ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගරයක හෝ කලාපයක වසර 3 ක් වාසය කළ යුතුය.
  • ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නම් කර ඇති ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගරයක හෝ කලාපයක වසර 3 ක් කුමන අන්දමේ හෝ රැකියාවක් හෝ රැකියා කළ යුතුය.
  • ප්‍රාථමික අයදුම්කරුවන් ඔවුන්ගේ වසර 5 කට හිමි 491 හෝ 494 වීසා බලපත්‍රයේ වසර පහෙන් වසර තුනක් තමන් ලැබූ වාර්ෂික ආදායම සඳහා වාර්ෂික Tax Return එකක් යොමු කර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් නිකුත් කරන notices of assessment හෙවත් ආදායම් බදු තක්සේරු ප්‍රකාශයක් සැපයිය යුතුය.
දැනටමත් 191 වීසා සඳහා අයදුම් කර ඇති ප්‍රාථමික අයදුම්කරුවන් ඉහත සඳහන් කළ ආදායම් බදු තක්සේරු ප්‍රකාශ තුන සපයන බවට සහතික විය යුතුය.



Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service