ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා අයදුම්පත සමග යොමු කළ යුතු GTE ප්‍රකාශය නොවැම්බර් සිට සංශෝධනය කෙරේ

ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා අයදුම්පතේ කොටසක් ලෙස ඔස්ට්‍රේලියාවට ඔබේ පැමිණීම අව්‍යාජ එකක් බවට තහවුරු කිරීම සඳහා ඔබ සහ ඔබේ අරමුණු පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයක් යොමු කළ යුතුවේ.

Home Affairs has changed the GTE statement for Australian student visa application

Home Affairs has changed the GTE statement for Australian student visa application Source: Getty / Getty Images/FatCamera

ඔස්ට්‍රේලියානු student වීසා හෙවත් ශිෂ්‍ය වීසා අයදුම්පත් සමග යොමු කළ යුතු Genuine Temporary Entrant (GTE) ප්‍රකාශයට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සංශෝධනයක් සිදු කර තිබේ.

ඒ අනුව 2022 නොවැම්බර් මාසයේ සිට ශිෂ්‍ය වීසා අයදුම්පත් සමග යොමු කළ යුතු Genuine Temporary Entrant (GTE) ප්‍රකාශයේ වචන සංඛ්‍යාව 300 ක් (අක්ෂර 2000 සීමාවක් සහිතව) බව ඔවුහු නිවේදනය කර ඇත.

Genuine Temporary Entrant (GTE) ප්‍රකාශය

ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා අයදුම්පතේ කොටසක් ලෙස ඔස්ට්‍රේලියාවට ඔබේ පැමිණීම අව්‍යාජ එකක් බවට තහවුරු කිරීම සඳහා ඔබ සහ ඔබේ අරමුණු පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයක් යොමු කළ යුතුවේ.

මෙය Genuine Temporary Entrant හෙවත් GTE ප්‍රකාශය ලෙස හැඳින්වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

එමෙන්ම මෙය Statement of Purpose හෙවත් SOP ලෙසද හඳුන්වයි.

මෙම ප්‍රකාශය ඔබගේ ශිෂ්‍ය වීසා අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු අතර එයින් පහත කරුණු පැහැදිලි කළ යුතුය:
  • ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ ඉගෙනීමට මිස වෙනත් හේතුවක් නිසා නොවන බව
  • ඔබ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින්නේ ඔබගේ වීසා බලපත්‍රයේ අවසර දී ඇති කාලය සඳහා පමණක් බව

ඇතුළත් කළ යුතු සාක්ෂි සහ තොරතුරු

ඔබට ඔබගේ GTE ප්‍රකාශය තහවුරු කිරීම සඳහා සහය වන ලේඛන ඔබගේ ImmiAccount වෙත යොමු කළ යුතුය.

ඔබ සහ ඔබේ පැමිණීමේ අව්‍යාජත්වය තහවුරු කිරීම ආවරණය කළ හැකි සෑම තොරතුරක්ම එහිදී යොමු කරන ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ඒ සඳහා පහත මාර්ගෝපදේශය ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සපයා තිබේ.
  • පූර්ව අධ්‍යාපනය: අධ්‍යයන පිටපත් සහ සහතික මෙන්ම ඔබේ අධ්‍යාපන සැපයුම්කරුවන්ගේ විස්තර ඇතුළත් කරන්න.
  • Study gaps හෙවත් අධ්‍යාපනයේ හිඩැස්: අධ්‍යයනය කළ හෝ නිම නොකළ පාඨමාලා අතර කිසියම් කාල හිඩැසක් ඇතිනම් පැහැදිලි කරන්න.
  • රැකියාව: සමාගම් ලිපිනය, රැකියාවේ නියුතු වූ කාල වකවානු, ඔබේ තනතුර සහ ඔබේ සේවායෝජකයාව සම්බන්ධකරගනීමට හැකි තොරතුරු ඇතුළුව ඔබේ පෙර හෝ වත්මන් රැකියාවේ විස්තර ගෙනහැර දක්වන්න.
  • රැකියාවේ ආදායම: tax returns හෝ බැංකු ප්‍රකාශ වැනි ඔබේ වීසා අයැදුම්පත ඉදිරිපත් කිරීමට මාස 12කට පෙර ආදායම පිළිබඳ සාක්ෂි සපයන්න.
  • අනාගත රැකියා අවස්ථා: වැටුප් සහ අනෙකුත් අපේක්ෂිත ප්‍රතිලාභ ඇතුළුව අධ්‍යනය කිරීමට අපේක්ෂිත පාඨමාලා අවසන් කිරීමෙන් පසු රැකියා සඳහා ඇති ඕනෑම අවස්ථාවක් සටහන් කරන්න.
  • මුල්‍ය, පවුල් හෝ සමාජ බැඳීම්: ඔබ ඔස්ට්‍රේලියාවේ ගත කරන කාලයෙන් පසු ඔබට ආපසු මව් රටට යාමට අවශ්‍ය වීමට හේතු දක්වන්න.



Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service