විදෙස් ශ්‍රමිකයින්ව සූරා කන පුද්ගලයින් සහ ඔස්ට්‍රේලියානු වීසා පද්ධතියේ අක්‍රමිකතා සොයන්න ස්වාධීන විමර්ශනයක්

ඔස්ට්‍රේලියාවේ දැනට ඇති පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය පිළිබඳ ගැටලුව මධ්‍යයේ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති රැකියා සහ නිපුණතා සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලද සමාලෝචනයෙන් වෙන්ව මෙම සමාලෝචනය සිදු කරන බව SBS ප්‍රවෘත්ති සේවය තහවුරු කර ගත්තේය.

Visa Application

Home Affairs Minister Clare O'Neil calls an inquiry into the 'broken' immigration system Source: Getty / Getty Images

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ හා වීසා පද්ධතියේ දුර්වලතා රාශියක් පවතින බවත් ඒ සම්බන්ධව ස්වාධීන විමර්ශනයක් සිදුකළ යුතු බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil ප්‍රකාශ කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ හා වීසා පද්ධතියෙන් අපරාධකරුවන් ප්‍රයෝජන ගන්නා ආකාරයද එහිදී සමාලෝචනය කිරීමට නියමිතය.
Nine මාධ්‍ය ජාලයට අයත් Sydney Morning Herald, The Age සහ 60 Minutes යන මාධ්‍යවල ඒකාබද්ධ විමර්ශනයකින් අනාවරණය වූ වීසා අක්‍රමිකතා සහ විදේශ ශ්‍රමිකයින් සූරාකෑම පිළිබඳ මෑත කාලීන වාර්තා මෙම තීරණයට හේතුවී තිබේ.

මිනිස් ජාවාරම් සම්බන්ධ නමගිය ප්‍රධානියෙකු එක්සත් රාජධානියේ සිරගත කර තිබියදී මෙරටට ඇතුළු වූ බවට හෙළිදරව් කිරීම් ද එම අනාවරණය කිරීම්වලට ඇතුළත් විය.
Home Affairs Minister Clare O'Neil
Home Affairs Minister Clare O'Neil Source: AAP / James Ross

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ හා වීසා පද්ධතිය සමාලෝචනය කිරීම

ඔස්ට්‍රේලියාවේ දැනට ඇති පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය පිළිබඳ ගැටලුව මධ්‍යයේ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති රැකියා සහ නිපුණතා සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලද සමාලෝචනයෙන් වෙන්ව මෙම සමාලෝචනය සිදු කරන බව SBS ප්‍රවෘත්ති සේවය තහවුරු කර ගත්තේය.

මෙම නව සමාලෝචනයේ නියමයන් තවමත් හෙළිදරව් කර නොමැත.

මේ මොහොතේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ හා වීසා පද්ධතියේ විවිධ අක්‍රමිකතා සිදුවෙමින් පවතින බව තමාට සම්පූර්ණයෙන්ම පැහැදිලි බව ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil නොවැම්බර් 07 වනදා ABC ගුවන් විදුලියට පැවසුවාය.

එහිදී වත්මන් විපක්ෂ නායක සහ ඔස්ට්‍රේලියාවේ පැවති ලිබරල් සන්ධාන රජයේ හිටපු ස්වදේශ කටයුතු හා ආරක්ෂක අමාත්‍ය Peter Dutton ව ඇය ඉලක්ක කරමින් අදහස් දැක්වූවාය.

Peter Dutton දේශසීමා සම්බන්ධයෙන් දැඩි ලෙස කතා කළ නමුත් ඒ සමඟම මේ අක්‍රමිකතා සිදු වීමට ඉඩ සලසන පද්ධතියකට නායකත්වය දුන් බව ඇය එහිදී පැවසුවාය.
සිඩ්නි විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාලයේ මහජන නීතිය පිළිබඳ මහාචාර්යවරියක් වන Mary Crock පවසන පරිදි, ප්‍රමාණවත් වීසා සැකසීමේ හැකියාවක් නොමැතිකම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ සූරාකෑම අනාවරණය කර ගත නොහැකි වී තිබේ.

"ඔබට තීරණ ගැනීමට ප්‍රමාණවත් පුද්ගලයින් නොමැති නම්, අක්‍රමිකතා සිදු නොවන බව සහතික කිරීමට ඔබට සුදුසු පුද්ගලයින් සංඛ්‍යාවක් ද යෙදවීමට නොහැකියි," යනුවෙන් ඇය පැවසුවාය.

මෙම අක්‍රමිකතා ඉක්මනින් මුලිනුපුටා දැමිය නොහැකි නිසා වීසා අයදුම්පත් සලකා බැලීමේ දීර්ග කාලය මෙම සූරාකෑම උග්‍ර කළ බව ඇය සඳහන් කළාය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ගොඩගැසී ඇති ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත්

පසුගිය මැයි මාසයේදී ඔස්ට්‍රේලියාවේ බලය දිනාගත් කම්කරු පක්ෂයට ගොඩගැසුණු වීසා අයදුම්පත් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් පැවති ලිබරල් සන්ධාන රජයෙන් උරුම විය.

වීසා අයදුම්පත් සැකසීම සඳහා අමතර කාර්ය මණ්ඩලය 260ක් යෙදවීමෙන් පසු ගොඩගැසී ඇති අයදුම්පත් ප්‍රමාණය 880,000 දක්වා පහත වැටී ඇති බව කම්කරු පක්ෂ රජය මෑතකදී අනාවරණය කළේය.
ඔක්තෝබර් 25 වන දින එළිදක්වන ලද කම්කරු පක්ෂ රජයේ මංගල අයවැය, වීසා සැකසීමේ ධාරිතාව වැඩි කිරීම සඳහා 2022-23 සිට වසර දෙකක් දක්වා ඩොලර් මිලියන 42.2 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කළේය.

තනි පුද්ගලයෙකුට වීසා අයදුම්පතක් සම්පූර්ණයෙන් අධීක්‍ෂණය කිරීමට සහ අයදුම්කරුවන් සංක්‍රමණ පද්ධතිය සූරාකෑම හෝ ඔවුන්ව සූරාකෑමට ලක් නොවන බව සහතික කර ගැනීමට හැකි වන පරිදි caseworkers ලාද අනියුක්ත කළ යුතු බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාලයේ මහජන නීතිය පිළිබඳ මහාචාර්යවරියක් වන Mary Crock පැවසුවාය.

සංක්‍රමණික සේවකයන්ට අඩු වැටුප් ගෙවන සේවා යෝජකයන්ට දැඩි දඬුවම්

සමාලෝචනයක් අවම වශයෙන් වසරක්වත් ක්‍රියාත්මක විය යුතු අතර ව්‍යාපාර, වෘත්තීය සමිති, සංක්‍රමණ නියෝජිතයින් සහ සංක්‍රමණිකයින් ඇතුළු සමාජයේ සියලුම කොටස් වෙතින් කරුණු අසා දැනගත යුතු බව ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයෙකු වන Abul Rizvi පැවසීය.

මෙය සිදු වීමට ඉඩ දුන්නේ කෙසේද, අපරාධකරුවන් කොපමණ සංඛ්‍යාවක් සිටීද සහ ඔවුන් හඳුනාගෙන ස්ථානගත කළ හැක්කේ කොතැනද සහ සංක්‍රමණිකයන් සූරාකෑමට ලක්වන්නේ කෙසේද යන්න සමාලෝචනය මගින් විමර්ශනය කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

සංක්‍රමණික සේවකයන්ට අඩු වැටුප් ගෙවන සේවා යෝජකයන්ට සිර දඬුවම් වැනි දැඩි දඬුවම් ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

Share

Published

Updated

By David Aidone, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service