Stock photo of a woman on a video call with her father
Stock photo of a woman on a video call with her father
This article is more than 3 years old

නොවැම්බර් 01 සිට ඔස්ට්‍රේලියාවට දෙමාපියන්ව ගෙන්වා ගත හැකි සියලුම තොරතුරු මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ දෙමාපියන්ට 2021 නොවැම්බර් 01 සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දී තිබේ.

Published

Updated

By Akash Arora, Madhura Seneviratne
Source: SBS News
ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ දෙමාපියන්ට 2021 නොවැම්බර් 01 සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දී තිබේ.

නමුත් ඔවුන් ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා travel exemption හෙවත් විශේෂ අවසරයක් ලබාගැනීම පිණිස අයදුම් කළ යුතු බවත් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දුන් හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නත්වලින් එකක මාත්‍රා දෙකම ලබාගෙන සිටිය යුතු බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.


Highlights

  • අයදුම්කරුගේ ජාතිකත්වය මත පදනම්ව, දෙමාපියන්ට කෙටි කාලීන ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍ර තුනකින් එකක් සඳහා ඉල්ලුම් කළ හැකිය.
  • දෙමාපියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමේ Travel exemption සඳහා ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ Travel Exemption Portal එක හරහා අයදුම් කළ යුතුය.
  • එහිදී පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද බවට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ගත හැකි දෙමාපිය ඛාණ්ඩ

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ පහත සඳහන් දෙමාපිය ඛාණ්ඩ සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා ගැනීම පිණිස අයදුම් කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

  • ජෛව විද්‍යාත්මක දෙමාපියන් (biological parents)
  • හදා වඩා ගත් දෙමාපියන් ඇතුළුව නීත්‍යනුකුල දෙමාපියන් legal (including adoptive) parents
  • සුළු දෙමාපියන් (step-parents)
  • සහකරු හෝ සහකාරියගේ දෙමාපියන් (parents in-law)
COVID-19 update
Travellers arriving on the first quarantine free international flights are embraced by family at Sydney International Airport, Monday,November 1, 2021. Source: AAP

ඔවුන්ට අයදුම් කළ හැකි වීසා ඛාණ්ඩ

අයදුම්කරුගේ ජාතිකත්වය මත පදනම්ව, දෙමාපියන්ට පහත සඳහන් කෙටි කාලීන වීසා තුනෙන් එකක් සඳහා ඉල්ලුම් කළ හැකිය.

01. eVisitor වීසා (651 උප ඛාණ්ඩය):

පහත දැක්වෙන යුරෝපීය රටවල පුරවැසියන්ට මෙම වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැකිය.

ඔස්ට්‍රියාව, බෙල්ජියම, බල්ගේරියාව, ක්‍රොයේෂියාව, සයිප්‍රසය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයිස්ලන්තය, අයර්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, Liechtenstein, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටා, මොනාකෝ, නෙදර්ලන්තය, නොර්වේ, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, සැන් මරිනෝ ජනරජය, ස්ලෝවැක් ජනරජය, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ වතිකානුව.

  • ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට හැකි කාලය - මාස 3 ක් දක්වා
  • වීසා අයදුම්පත සලකා බැලීමට ගතවන කාලය - දින 31 ත් මාස 4 ත් අතර
  • වීසා අයදුම්පත් ගාස්තු - ගාස්තු නොමැත

02. Electronic Travel Authority (601 උප ඛාණ්ඩය):

බෲනායි, කැනඩාව, හොංකොං, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල පුරවැසියන්ට මෙම වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැකිය.

  • ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට හැකි කාලය - මාස 3 ක් දක්වා
  • වීසා අයදුම්පත සලකා බැලීමට ගතවන කාලය - වාර්තා වී නොමැත
  • වීසා අයදුම්පත් ගාස්තු - $20

03. සංචාරක වීසා (600 උප ඛාණ්ඩය):

ඉහත සඳහන් කළ රටවල් ඇතුළුව ඕනෑම රටක පුරවැසියෙකුට මෙම වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැකිය.

  • ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට හැකි කාලය - මාස 12 ක් දක්වා
  • වීසා අයදුම්පත සලකා බැලීමට ගතවන කාලය - මාස 8 ත් 20 ත් අතර 
  • වීසා අයදුම්පත් ගාස්තු - $145
NACA Feature, Coronavirus, COVID-19,COVID-19 Vaccine,
A family is reunited in international arrivals terminal at Tullamarine Airport in Melbourne, Monday, November 1, 2021. Source: AAP

Travel exemption සඳහා දෙමාපියන් අයදුම් කළ යුත්තේ කෙසේද?

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ දෙමාපියන්ට නොවැම්බර් 01 සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා ගැනීම සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ Travel Exemption Portal එක හරහා හැකිය.

වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් වුවද ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට මෙම Travel exemption සඳහා අයදුම් කළ හැකිය.

අයදුම් කරන පුද්ගලයා ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ online ගිණුමක් සාදා එයට log වී මේ සඳහා අයදුම් කළ යුතුය.

එහිදී තරමක් සරල පෝරමයක් පිරවිය යුතු අතර පහත සඳහන් අවශ්‍ය ලේඛනවල ස්කෑන් කරන ලද වර්ණ පිටපත් ඇමිණිය යුතුවේ.

  • විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතික, පුරවැසි සහතිකය සහ ඔස්ට්‍රේලියානු ස්ථිර වීසා වැනි ඔස්ට්‍රේලියානු පුරවැසියාගේ හෝ ස්ථිර පදිංචිකරුගේ අනන්‍යතාවය තහවුරු කරන ලේඛන.
  • විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතික, පුරවැසි සහතිකය වැනි ඔස්ට්‍රේලියානු පුරවැසියාගේ හෝ ස්ථිර පදිංචිකරුගේ දෙමාපියන්ගේ අනන්‍යතාවය තහවුරු කරන ලේඛන.
  • උප්පැන්න සහතික සහ family booklets වැනි අයදුම්කරු සහ ඔස්ට්‍රේලියානු පුරවැසියා හෝ ස්ථිර පදිංචි ලාභියා අතර සම්බන්ධය සනාථ කළ හැකි ලේඛන.
  • පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද බවට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතිකය.

ඔස්ට්‍රේලියාව විසින් දැනට අනුමත කර ඇති හා පිළිගත් කොවිඩ් එන්නත් වර්ග

ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය  ලබා දී ඇති කොවිඩ් එන්නත් වර්ග 4 කි.

ඒවා පහත පරිදි වේ.

01. Pfizer

02. AstraZeneca

03. Moderna

04. Johnson and Johnson

ඊට අමතරව ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී සංචාරකයින් විසින් ලබා ඇති තවත් කොවිඩ් එන්නත් වර්ග 4 ක් මේ වන විට ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් පිළිගෙන තිබේ.

ඒවා පහත පරිදි වේ.

01. ඉන්දියාවේ නිෂ්පාදිත Covishield

02. ඉන්දියාවේ නිෂ්පාදිත Covaxin

03. චීනයේ නිෂ්පාදිත Sinovac

04. චීනයේ නිෂ්පාදිත Sinopharm


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


භාෂා පරිවර්තන සහය අවශ්‍ය නම් කුමක් කළ යුතුද?

ඔස්ට්‍රේලියාවේ සිටින ඔබ විසින් ඔබගේ දෙමාපියන්ගේ upload කරන ලේඛන ඉංග්‍රීසියෙන් නිකුත් කර නොමැති ඒවානම් ඔස්ට්‍රේලියාවේ NAATI ප්‍රත්‍යනය ලත් පරිවර්තකයෙකු ලවා ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කර භාවිතා කිරීම නිර්දේශ කරයි.

එසේ නැතිනම්, දෙමාපියන් සිටින රටේ වලංගු භාෂා පරිවර්තකයෙකු ලවා එම ලේඛන ඉංග්‍රීසියට පරිවර්තනය කර ඒවා නිවැරදි හා සත්‍ය බවට සනාථ කරගත යුතුය.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service