ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ PR ලාභීන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට සුබදායී පුවතක් (SBS සිංහල/ වාර්තා)

මීට පෙර එම පිරිස් ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට travel exemption එකක් හෙවත් සංචාරක නිදහස් කිරීමකට අයදුම් කර එය ලබා ගත යුතුව තිබුණි

Passengers arrive from their overseas flights and walk to the arrivals hall after landing at Sydney Airport

Source: Getty Images for Sydney Airport/James D. Morgan)

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින් (immediate family) ලෙස සැලකෙන පුද්ගලයින්ට දැන් සංචාරක නිදහස් කිරීමක් ලබා නොගෙන ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දී තිබේ.

මීට පෙර එම පිරිස් ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට travel exemption එකක් හෙවත් සංචාරක නිදහස් කිරීමකට අයදුම් කර එය ලබා ගත යුතුව තිබුණි.


Highlights

  • සහකරු හෝ සහකාරිය, බිරිඳ හෝ ස්වාමි පුරුෂයා, de facto සහකරු හෝ සහකාරිය, යැපෙන දරුවන්, යැපෙන දරුවෙකුගේ දෙමාපියන්, යැපෙන දරුවෙකුගේ නීත්‍යානුකූල භාරකරු සහ දෙමාපියන් සමීපතම පවුලේ සාමාජිකයින් ලෙස සැලකේ.
  • ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ දෙමාපියවරුන් ද ඛාණ්ඩ කිහිපයකට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් බෙදා ඇත.
  • ඔබගේ සමීපතම පවුලේ සාමාජිකයා ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු, ස්ථිර පදිංචිකරුවෙකු සහ සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ වාසය කරන බවට ඔබ සාක්ෂි සැපයිය යුතුය.

සමීපතම පවුලේ සාමාජිකයින් ලෙස සැලකෙන්නේ කවුරුන්ද?

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින් ලෙස ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පහත පිරිස් දක්වා තිබේ.

  • සහකරු හෝ සහකාරිය
  • බිරිඳ හෝ ස්වාමි පුරුෂයා
  • de facto සහකරු හෝ සහකාරිය
  • යැපෙන දරුවන්
  • යැපෙන දරුවෙකුගේ දෙමාපියන්
  • යැපෙන දරුවෙකුගේ නීත්‍යානුකූල භාරකරු
  • දෙමාපියන්

 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


COVID-19 update
People wearing PPE arriving at Sydney International Airport in Sydney. Source: AAP

ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ගත හැකි දෙමාපිය ඛාණ්ඩ

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ දෙමාපියවරුන් ද ඛාණ්ඩ කිහිපයකට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් බෙදා ඇත.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ පහත සඳහන් දෙමාපිය ඛාණ්ඩ සඳහා දැන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබේ.

  • ජෛව විද්‍යාත්මක දෙමාපියන් (biological parents)
  • හදා වඩා ගත් දෙමාපියන් ඇතුළුව නීත්‍යනුකුල දෙමාපියන් legal (including adoptive) parents
  • සුළු දෙමාපියන් (step-parents)
  • සහකරු හෝ සහකාරියගේ දෙමාපියන් (parents in-law)

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔබේ සම්බන්ධතාවය පිළිබඳ සාක්ෂි

ඔබගේ සමීපතම පවුලේ සාමාජිකයා ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු, ස්ථිර පදිංචිකරුවෙකු සහ සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ වාසය කරන බවට ඔබ සාක්ෂි සැපයිය යුතුය.

ඒ සඳහා පහත සාක්ෂි සැලකේ:

  • ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය, ඔස්ට්‍රේලියානු පුරවැසි සහතිකය හෝ ඔස්ට්‍රේලියානු උප්පැන්න සහතිකය
  • ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය පිළිබඳ සාක්ෂි
සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචි ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුට, ස්ථිර පදිංචිකරුවෙකුට ඔබේ සම්බන්ධතාවය පිළිබඳ සාක්ෂි ද ඔබ සැපයිය යුතුය.

එම සාක්ෂි පිළිබඳ සම්පුර්ණ විස්තර මෙතනින් ලබාගත හැකිය.



Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ PR ලාභීන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට සුබදායී පුවතක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala