වීසා කෝටාව වැඩි කරන්න, නැතිනම් අහෝසි කරන්න. ඔස්ට්‍රේලියාවේ Parent Visa ගැන ලැබුණු නවතම තොරතුරු මෙන්න

ඔස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා අයදුම්පත් 137,000 ක පමණ ප්‍රමාණයක් තවමත් සලකා බලා නොමැති බව Scanlon පදනමේ නවතම වාර්තාවක් අනාවරණය කරයි.

A man walks behind a glass door.

Home Affairs has a combined total of more than 137,000 parent visa applications on hand, according to a report by the Scanlon Foundation. Source: AAP / April Fonti

ඔස්ට්‍රේලියාවේ Parent visa හෙවත් දෙමාපිය වීසා අයදුම්පත් 130,000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ගොඩ ගැසී ඇති බව වාර්තා වේ.

මේ සා විශාල අයදුම්පත් සංඛ්‍යාවක් සලකා බැලීමට ප්‍රමාද වීම ඔස්ට්‍රේලියානු වීසා පද්ධතියේ පසුබෑමක් බවත් Scanlon පදනම විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් පවසයි. 

ඔස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා අර්බුදය

ඔස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා අයදුම්පත් 137,000 ක පමණ ප්‍රමාණයක් තවමත් සලකා බලා නොමැති බව Scanlon පදනමේ නවතම වාර්තාවක් අනාවරණය කරයි.

මෙලෙස දෙමාපිය වීසා අයදුම්පත් ගොඩ ගැසී ඇති නිසාම ඔස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා ලබා ගැනීම සඳහා වසර 30 ත් 50 ත් අතර කාලයක් බලා සිටිය යුතු බවත් එය ප්‍රායෝගික නොවන බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

ලබාදෙන දෙමාපිය වීසා ප්‍රමාණය වැඩි කළ යුතු බවත් නැතිනම් මෙම වීසා බලපත්‍රය අහෝසි කළ යුතු බවත් මෙම වාර්තාවේ ප්‍රධාන කර්තෘ Peter Mares පවසයි.

මෙම වසර මුලදී, හිටපු රාජ්‍ය සේවා ප්‍රධානී Martin Parkinson විසින් මෙහෙයවන ලද ප්‍රධාන සංක්‍රමණ සමාලෝචනයක් මගින් , වැඩිපුර කෙටි කාලීන වීසා බලපත්‍ර ලබාදීමේ අරමුණින් දෙමාපියන් සඳහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදෙන වීසා මුළුමනින්ම ඉවත් කිරීමට යෝජනා කළේය.
එම යෝජනාව විවාදාත්මක විය හැකි නමුත්, එය ඔස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා සම්බන්ධයෙන් දැනට පවතිනවාට වඩා ලාභදායී, සාධාරණ, වේගවත් සහ වඩාත් නිශ්චිත ප්‍රවේශයක් ලබා දෙනු ඇතැයි Scanlon පදනමේ වාර්තාව පවසයි.

පවුල් දස දහස් ගණනකට සිත් වේදනාවක් ඇතිකරන සහ ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවයට විශාල පරිපාලන බරක් ඇති කරන වීසා බලපත්‍රයක් ලෙස මෙම වාර්තාවේ ප්‍රධාන කර්තෘ Peter Mares වත්මන් දෙමාපිය වීසා ක්‍රමය හඳුන්වා ඇත.

කෲර සහ අනවශ්‍ය ක්‍රියාවක්

දැනට දෙමාපිය වීසා අයදුම්පතක් සලකා බලා අවසන් තීරණයක් පිරිනැමීමට ගතවන කාලය වසර 30 ත් 50 ත් අතර කාලයක් නිසා අදාළ දෙමාපියන්ගෙන් පාර්ශවයෙන් බලන කල ඔවුන්ගේ වයසත් සමග එය කිසිදු අන්දමේ ප්‍රයෝගික ප්‍රතිලාභයක් ලබා නොදෙන බවද Scanlon පදනමේ වාර්තාව පවසයි.

බොහෝ විට කිසිදා නොලැබෙන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට මිනිසුන්ට අවස්ථාවක් ලබා දීම කෲර මෙන්ම අනවශ්‍ය ක්‍රියාවක් බව මෙම වාර්තාවේ ප්‍රධාන කර්තෘ Peter Mares පවසයි.
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණ වීසා කෝටාවේ සාමාන්‍යයෙන් වසරකට දෙමාපිය වීසා සඳහා ලබා දෙන්නේ 8,500 ක පමණ කෝටාවකි.

නමුත් දැනට ගොඩ ගැසී ඇති අයදුම්පත් ප්‍රමාණය හා සංසන්දනය කරන කල එම කෝටාවේ ප්‍රමාණාත්මක අගය පිළිබඳවද ගැටළුවක් මතුවේ.

මේ වන විට වසරකට කොපමණ දෙමාපිය වීසා අයදුම්පත් සංඛ්‍යාවක් යොමු කරනවාද යන්න පිළිබඳ නිශ්චිත අගයක් අනාවරණය නොවුණද සංක්‍රමණ පද්ධතිය තුළ මේ වන විට ගොඩ ගැසී ඇති අයදුම්පත්වලින් කොපමණ ප්‍රමාණයකට වීසා ලබාදෙනවා ද යන ප්‍රශ්නයද අප හමුවේ පවතී.



Share

Published

By Rashida Yosufzai, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
වීසා කෝටාව වැඩි කරන්න, නැතිනම් අහෝසි කරන්න. ඔස්ට්‍රේලියාවේ Parent Visa ගැන ලැබුණු නවතම තොරතුරු මෙන්න | SBS Sinhala