ඔස්ට්‍රේලියාවේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ලබාගෙන පවත්වාගෙන යාම ඇත්තෙන්ම වටිනවාද? (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 55.2% ක් පමණ පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයන් ලබාගෙන ඇත.

An image showing the Medibank logo and a patient sitting in hospital

From data breaches and rising premiums to high out-of-pocket costs, is private health insurance really worth it? Source: SBS / Karin Zhou-Zheng

Medibank සමාගමේ පාරිභෝගික දත්ත හැක් කිරීමත් සමග ඔස්ට්‍රේලියානුවන් මිලියන 9.7කගේ සෞඛ්‍ය තොරතුරු හෙළිදරව් වී ඇති බවට මේ වන විට වාර්තා වේ.

Medibank දත්ත හැක් කිරීම නිසා ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් සියයට 40 ක් පමණ මේ වන විට පීඩාවට පත් වී තිබෙන බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 55.2% ක් පමණ පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයන් ලබාගෙන ඇත.

Medibank දත්ත හැක් කිරීම නිසා මේ වන විට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ පිළිබඳ ඔස්ට්‍රේලියාව තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වී තිබේ.

පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ඇත්තෙන්ම වටිනවාද යන්න පිළිබඳ මෙම ලිපියෙන් විමසා බලමු.

පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ඇත්තෙන්ම වටිනවාද?

Australian Prudential Regulation Authority (APRA) හි සංඛ්‍යාලේඛනවලට අනුව 2022 ජුනි 30 න් අවසන් වන වසර සඳහා ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 55.2% ක් පමණ පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයකින් ආවරණය වී ඇත.

සෞඛ්‍ය රක්‍ෂණයක් මිලදී ගැනීමට මිනිසුන්ට ප්‍රධානතම හේතුව වනුයේ ඇතැම් elective සැත්කම් සඳහා අඩු පොරොත්තු කාලයකට ප්‍රවේශ වීමත් එසේ නොවුවහොත් රජයේ රෝහල් පද්ධතිය තුළ දිගු කාලයක් රැඳී සිටීමට සිදුවන බවත් මෙල්බර්න් ව්‍යවහාරික ආර්ථික ආයතනයේ සෞඛ්‍ය ආර්ථික විද්‍යා විශේෂඥයෙකු සහ සමාජ පර්යේෂිකාවක් වන මහාචාර්ය Yuting Zhang පැවසුවාය.
"එය අදාළ වන්නේ දණහිස සහ උකුල් ආදේශ කිරීම වැනි තත්වයන් ඇති පුද්ගලයින් සඳහා පමණි. ඔබ සාමාන්‍යයෙන් දිගු වේලාවක් බලා සිටින ප්‍රධාන සැත්කම් ඒවා වෙනවා. නමුත් අනෙක් ඒවා සාපේක්ෂව ගැටළුවක් නැහැ" යනුවෙන් මහාචාර්ය Zhang පැවසුවාය.

මනෝචිකිත්සක ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් වීමට කැමති මානසික සෞඛ්‍ය තත්ත්වයන් ඇති පුද්ගලයින් ද දැන සිටිය යුතු කරුණක් තිබේ.

එනම් ඇතැම් පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ සැලසුම් පමණක් එම වියදම් සඳහා සම්පූර්ණ ආවරණයක් සපයන බවත්, රෝහලෙන් පිටත සේවාවන් සඳහා වන වියදම් ආවරණය නොවන බවත්ය.

"පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයක් මිලදී ගැනීමට පෙර, ඒ හරහා ඔබ මානසික සෞඛ්‍ය තත්ත්වයන් සඳහා ආවරණය වී ඇත්දැයි හොඳින් පරීක්ෂා කර බලන්න," යනුවෙන් රාජකීය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත මනෝචිකිත්සක විද්‍යාලය (RANZCP) එහි Your Health in Mind වෙබ් අඩවියට උපදෙස් දෙයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා, පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයක් තිබීම ඇත්ත වශයෙන්ම වැදගත් නොවන බව මහාචාර්ය Zhang පැවසුවාය.

"එප්‍රතිකාර හදිසි නම්, ඔබට වහාම රජයේ රෝහලෙන් ප්‍රතිකාර ගත හැකියි, ඔබට ඇත්තටම පුද්ගලික රක්ෂණයක් අවශ්‍ය නැහැ." ලෙසද මහාචාර්ය Zhang සඳහන් කළාය.

පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයක් සලකා බැලීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ තමන්ට කැමති වෛද්‍යවරුන් තෝරා ගැනීමට හැකිවීම බව ද මහාචාර්ය Zhang පැවසුවාය.

"මම හිතන්නේ නැහැ ඒක ප්‍රයෝජනවත් වැඩක් කියලා. මොකද රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ, රජයේ රෝහල් සහ වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය ඉතා හොඳයි," යනුවෙන් ඇය පැවසුවාය.

කෙසේ වෙතත්, තම දරුවා ප්‍රසූත කිරීම සඳහා තමන් කැමති ප්‍රසව වෛද්‍යවරයා භාවිතා කිරීමට කැමති දරු ප්‍රසූතිය වැනි ඇතැම් අවශ්‍යතා සඳහා, පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය ආකර්ශනීය විකල්පයක් විය හැකිය.

අතින් ගෙවිය යුතු වියදම් වැඩිවීම

පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් මිලදී ගන්නා බොහෝ අය තවමත් බොහෝ සේවාවන් සඳහා තමන්ට අතින්ද වියදම් කිරීමට සිදුවනවා යයි නොදන්නා බව මහාචාර්ය Zhang පැවසුවාය.

"ඔබට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණයක ඉතා මූලික ආවරණයක් පමණක් තිබේ නම්, බොහෝ වියදම් ආවරණය නොකෙරේ. ඔවුන් ඒවා ආවරණය කළත්, සේවා කාලය තුළ ඔබට විශාල මුදලක් ගෙවීමට සිදුවෙනවා. මන්ද සෞඛ්‍ය රක්ෂණය එම වියදම ආවරණය කරන්නේ යම් මුදලක් පමණක් වන අතර ඉතිරිය ඔබ ගෙවිය යුතුයි," ලෙස ඇය එම ක්‍රියාවලිය පැහැදිලි කළාය.

"එබැවින් එය ඉතා වැදගත් සාධකයක්, මිනිසුන් කොපමණ මුදලක් තම අතින් වියදම් කළ යුතුද යන්න ගැන හොඳින් සොයා බැලිය යුතුයි, එමෙන්ම ඇත්ත වශයෙන්ම ආවරණය කරන්නේ කුමන ආකාරයේ සැත්කම් ද යන්න සොයා බැලිය යුතුයි. මොකද බොහෝ සෞඛ්‍ය රක්ෂණවලින් බොහෝ සැත්කම් ආවරණය වන්නේ නැහැ." යනුවෙන් මහාචාර්ය Zhang වැඩිදුරටත් පැහැදිලි කළාය.

මේ අතර සෞඛ්‍ය රක්ෂණ පාරිභෝගිකයින් තමා අතින් වියදම් කළ යුතු වියදම් වැඩිවීම පිළිබඳව වැඩි වැඩියෙන් කනස්සල්ල පළ කර ඇති බව ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික සෞඛ්‍ය සංසදයේ ප්‍රධාන විධායක නිලධාරිනි Elizabeth Deveny පැවසුවාය.

"බොහෝ සෞඛ්‍ය පාරිභෝගිකයින් අපට පවසන්නේ පුද්ගලික වෛද්‍ය විශේෂඥයින් සහ සේවාවන් වෙත ප්‍රවේශ වීමේදී ඔවුන් විසින් අතින් වියදම් කරන වියදම් ගැන වැඩි වැඩියෙන් කනස්සල්ලට පත්ව සිටින බවයි," ඇය පැවසුවාය.

Medicare levy surcharge: පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් මිලදී ගැනීමට දිරිගැන්වීමක්

ඔස්ට්‍රේලියාව පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණය ඉහළ නැංවීම දිරිමත් කිරීමට සැලසුම් කර ඇති මධ්‍යම රජයේ ප්‍රතිපත්ති ඇත.

ඔබට, ඔබේ සහකරු හෝ සහකාරිය සහ ඔබේ යැපෙන දරුවන්ට සැලකිය යුතු මට්ටමේ පෞද්ගලික රෝගී හෝ රෝහල් ආවරණයක් නොමැති නම් සහ ඔබ යම් ආදායම් මට්ටමකට වඩා උපයන්නේ නම් ඔබ මෙම Medicare බද්ධ ගෙවිය යතු බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පැහැදිලි කරයි.
මෙම Medicare බද්ධ ගෙවීමට ඔබ නොබැඳී සිටින මූලික ආදායම් සීමාවන් පහත පරිදිවේ:
  • තනිකඩ පුද්ගලයෙකු සඳහා - $90,000
  • පවුලක් සඳහා - $180,000
සිය ජීවිත කාලය සඳහා සෞඛ්‍ය ආවරණ පැටවීමේ ප්‍රතිපත්තිය (LHC) හරහා පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් මිලදී ගැනීමට සහ පවත්වාගෙන යාමට රජය තරුණ පිරිස් දිරිමත් කරයි.

"ඔබට වයස අවුරුදු 31 සිට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් පවත්වාගෙන ගොස් නොමැති නම්, ඔබ රෝහල් ගත වීමට තීරණය කරන්නේ නම්, ඔබ වයස අවුරුදු 30 ට වැඩි සෑම වසරකම ඔබේ වාරිකය මත 2% ක LHC ගාස්තුවක් ගෙවීමට සිදුවෙනවා." යනුවෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පැහැදිලි කරයි

APRA ට අනුව, 2022 ජුනි 30 දක්වා කාලය තුළ, පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ කර්මාන්තය තම ආදායම් බදු ගෙවීමෙන් පසු ඩොලර් බිලියන 1.1 ක ශුද්ධ ලාභයක් වාර්තා කළේය.


Share

Published

By Isabelle Lane, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service