ප්‍රංශයේ ලාබාලතම ජනපතිගේ පදවිප්‍රාප්තිය මේ ඉරිදා පැරිස් නුවරදී.

French Election 2017

Source: SBS

පසුගිය මැයි 07 වන දින පැවති ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් අත්කරගත් Emmanuel Macron හට ජනාධිපති ධුරයේ නිල වශයෙන් බලය පැවරීම එළඹෙන මැයි 14 වන දින සිදු කරන බව වත්මන් ප්‍රංශ ජනාධිපති Francois Hollande තහවුරු කර තිබේ.

දක්ෂිණාංශික දේශපාලන චරිතයක් වන Marine Le Pen පරාජය කරමින් 39 හැවිරිදි වියෙහි පසුවන  Emmanuel Macron මෙවර ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජය ලැබුවේ ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වෙමිනි.

ඒ අනුව එළඹෙන මැයි 14 වන දින Emmanuel Macron ගේ දිවුරුම් දීම ප්‍රංශ ජනපති නිල නිවස වන පැරිස් නුවර Elysee මාළිගාවේදී පැවැත්වෙනු ඇත.
French Election 2017
The Elysee Palace, Paris, France Source: www.pico-sa.com
මේ අතර ප්‍රංශයේ විරැකියා අර්බුදය විසඳීමට ප්‍රංශ නව ජනාධිපති Emmanuel Macron හට ජර්මනියේ උපරිම සහය ලබා දෙන බව ජර්මානු චාන්සලර් Angela Merkel  පවසයි.

ප්‍රංශ ජනාධිපතිවරණ සටනේදී  Emmanuel Macron යුරෝපානු හිතැති ප්‍රවර්ධන වැඩසටහනක යෙදුනු බවත් යුරෝපයේ ආර්ථික ස්ථාවරයට එය සුබ ලකුණක් බවත් ඇය පවසා තිබේ.

යුරෝපානු සංගමයේ ඉදිරි ගමනට මෙම ජයග්‍රහණය අතිශය වැදගත් බව ද Angela Merkel   පෙන්වා දෙයි.


Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ප්‍රංශයේ ලාබාලතම ජනපතිගේ පදවිප්‍රාප්තිය මේ ඉරිදා පැරිස් නුවරදී. | SBS Sinhala