රැකියා ස්ථාන තම වගකීම් කඩ කිරීම නැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නීති ප්‍රතිසංස්කරණ යෝජනා කර තිබේ.
එය මීළඟ රැස්වීමේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
විශේෂයෙන්ම සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ ශ්‍රමය සූරා කෑම වැළක්වීම මෙම යෝජිත නීතිවල ප්‍රධාන අරමුණ වේ.
ශ්‍රමය සූරා කෑමට එරෙහිව නව නීති
මෙම යෝජිත වෙනස්කම් මගින් යමෙකුට ඔවුන්ගේ වීසා කොන්දේසි කඩ කරන ලෙස බල කිරීම සාපරාධී වරදක් බවට පත් කරනු ඇත.
මීට පෙර අවස්ථාවලදී තාවකාලික වීසා මත සිටින සංක්‍රමණිකයින් සූරා කන ලද සේවා යෝජකයින්ට තාවකාලික වීසා මත සිටින පුද්ගලයින්ව රැකියා සඳහා බඳවා ගැනීම නැවැත්වීමට සහ වැරදි දේ කරන සේවා යෝජකයන්ට දඬුවම් වැඩි කිරීමට මේ හරහා බලය ලැබේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ශ්‍රමය සූරාකෑමේ හැසිරීම් පැමිණිලි කරන පුද්ගලයින් නොතකන දැනට පවතින සංක්‍රමණ නීතියේ කොටසක් ද මෙයින් අවලංගු කෙරේ.
මෙම යෝජිත නීති ප්‍රතිසංස්කරණ ඵලදායී ලෙස නිර්මාණය කර ඇත්නම් ඒවා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ශ්‍රමිකයින් සූරාකෑම නැවැත්වීමේ ප්‍රබල ක්‍රියාවක් විය හැකි බව සංක්‍රමණික යුක්තිය ආයතනයේ සහ UNSW හි නීතිය සහ යුක්තිය පිළිබඳ පීඨයේ සම-විධායක අධ්‍යක්ෂ සහකාර මහාචාර්ය Bassina Farbenblum පැවසුවාය.
මෙම නීති සම්මත වුවහොත් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු වතාවට, සංක්‍රමණික සේවකයින්ට තමා හට සිදුවන වැටුප් අක්‍රමිකතා ආරක්ෂිතව පැමිණිලි කළ හැකි අතර වීසා අවදානමකින් තොරව ඔවුන්ව සූරාකන සේවා යෝජකයන්ගෙන් ඉවත් විය හැකිය යනුවෙන්ද ඇය පැවසුවාය.
"අඩු වැටුප් ගෙවුවහොත් හෝ අපයෝජනයකට ලක් වුවහොත් ජාත්‍යන්තර සිසුන් සහ අනෙකුත් සංක්‍රමණිකයන් නිශ්ශබ්දව දුක් විඳිනු ඇතැයි උපකල්පනය කිරීමට චෞර සේවා යෝජකයන්ට තවදුරටත් නොහැකි වනු ඇත." ලෙසද මහාචාර්ය Bassina Farbenblum වැඩි දුරටත් පැහැදිලි කළාය.
තාවකාලික වීසා මත සිටින සංක්‍රමණිකයින්ට ඓතිහාසික අවස්ථාවක්
බොහෝ සංක්‍රමණික සේවකයින් සඳහා වත්මන් විධිවිධාන "සූරාකෑමේ අර්බුදයක්" ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles විස්තර කළේය.
මෑත කාලීන සංක්‍රමණිකයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ඔස්ට්‍රේලියාවේ අවම වැටුපට වඩා අඩු මුදලක් ගෙවන බව හෙළිවී ඇතැයිද ඔහු පැවසීය.
මෙම නීති ප්‍රතිසංස්කරණ හරහා අසාධාරණයට ලක්වන ශ්‍රමිකයින්ට හඬක් නැගීමට අවස්ථාවක් ලබාදෙන අතර අක්‍රමික ක්‍රියාවන් කරන සේවා යෝජකයින් ඉලක්ක කිරීමට උපකාරී වනු ඇති බවද ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles පැවසුවේය.
වීසා සඳහා වන සේවා යෝජක අනුග්‍රාහකයින් අතර රැකියාවක් මාරු කිරීමට අදාළ අවසර ලත් කාලය දින 60/90 සිට දින 180 දක්වා දීර්ඝ කිරීමට ද මෙම යෝජිත නීති හරහා මධ්‍යම රජය සූදානම් වේ.
නව නීති බලාත්මක කිරීම සඳහා අමතර ඩොලර් මිලියන 50 ක් ඔස්ට්‍රේලියානු දේශසීමා හමුදාවට ලබා දෙනු ඇත.
මෙවැනි අන්දමේ අක්‍රමිකතා සහ වංචා හෙළිදරව් කරන තාවකාලික වීසා බලපත්‍රලාභීන්ගේ ආරක්ෂාව පිළිබඳ සහ Fair Work Ombudsman හා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අනාගත උපදේශන කටයුතු ද සිදු කරනු ඇත.