ඔස්ට්‍රේලියාවේ ඉහළම ඉල්ලුමක් සහිත රැකියා 20 නම් කරයි (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල ඉහළ ඉල්ලුමක් ඇති කුසලතා හිඟය කේන්ද්‍ර වී ඇත්තේ ඉංජිනේරු සහ වෛද්‍ය ක්ෂේත්‍රවලය.

Jobs and Skills Australia revealed top 20 Occupations in Demand in Australia

Source: Getty / Getty Images

Jobs and Skills Australia (JSA) හෙවත් ඔස්ට්‍රේලියාවේ රැකියා සහ නිපුණතා ආයතනය ඔස්ට්‍රේලියාවේ ඉහළම ඉල්ලුමක් පවතින වෘත්තීන් 20 නම් කර තිබේ.

ජාතික මට්ටමින් ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළඳපොළ පිළිබඳ යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කරමින් JSA ආයතනය මෙම දත්ත අනාවරණය කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ඉහළම ඉල්ලුමක් පවතින වෘත්තීන් ලැයිස්තුව

සෞඛ්‍ය සේවා, ඩිජිටල්, ඉදිකිරීම් සහ ඉංජිනේරු වෘත්තිකයන් මෙන්ම සාම්ප්‍රදායික වෘත්තීය පුහුණු සේවකයන් (trades workers) ඇතුළු විවිධ වෘත්තීන් මිශ්‍රණයකින් මෙම ලැයිස්තුව සමන්විත වේ.

විගණකාධිපතිවරුන්, සමාගම් ලේකම්වරුන්, ආයතනික භාණ්ඩාගාරිකයින් සහ සූපවේදීන් දැන් තවදුරටත් ඉහළම ඉල්ලුමක් පවතින වෘත්තීන් 20 අතර නැති නමුත් තවමත් ඔස්ට්‍රේලියාව තුළ ඒවාට ඉහළ ඉල්ලුමක් පවතින බව JSA ආයතනයේ මෙම නවතම යාවත්කාලීන වාර්තාව පෙන්වා දෙයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————
ප්‍රචාරණ සහ අලෙවිකරණ වෘත්තිකයන්, Data Base සහ Systems Administrators සහ ICT Security Specialists දැන් ඉහළම ඉල්ලුමක් පවතින වෘත්තීන් 20 ලැයිස්තුවේ සිටී.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල ඉහළ ඉල්ලුමක් ඇති කුසලතා හිඟය කේන්ද්‍ර වී ඇත්තේ ඉංජිනේරු සහ වෛද්‍ය ක්ෂේත්‍රවලය.

ඔස්ට්‍රේලියාවේ නිපුණතා ශ්‍රම හිඟය

ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළෙඳපොල තත්ත්වයන් පූර්ණ කාලීන රැකියා වල ප්‍රබල වැඩිවීමක් සහ දිගු කාලීන රැකියා විරහිතයන් සහ ඌන සේවා නියුක්තිකයන් යන දෙඅංශයේම වැඩිදියුණු වීම් සමඟ ශක්තිමත් බව 2022 දෙසැම්බරයෙන් අවසන් වූ කාර්තුව සඳහා වන මෙම වාර්තාව සොයාගෙන ඇත.

නමුත් බොහෝ නිපුණතා ශ්‍රම හිඟයන් පවතින බව එය සොයා ගත්තේය.

ඉතා ඉහළ ඉල්ලුමක් ඇති මෙම වෘත්තීන් ගණනාවක් සඳහා නිවැරදි තාක්ෂණික කුසලතා ඇති පුද්ගලයින්ගේ හිඟකම මෙම නිපුණතා ශ්‍රම හිඟයට මූලික හේතුව බව මූලික JSA විශ්ලේෂණ මගින් පෙන්වා දෙයි.

මෙම JSA වාර්තාවේ සොයාගැනීම් පිරිපුන් ආර්ථිකයක් සඳහා වැඩිදුර අධ්‍යාපනයේ වැදගත් කාර්යභාරය පෙන්නුම් කරන බව නිපුණතා සහ පුහුණු කටයුතු අමාත්‍ය Brendan O’Connor පවසයි.

"ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද පුළුල් කරන ලද ඔස්ට්‍රේලියානු ආධුනිකත්ව ප්‍රමුඛතා ලැයිස්තුව සහ දැන් ජාතික වශයෙන් ලබා ගත හැකි ගාස්තු රහිත TAFE සහ VET පාඨමාලා දෙකම, මෙම තීරණාත්මක ශ්‍රම හිඟ ක්ෂේත්‍රවල කුසලතා වර්ධනය කිරීම සඳහා සහාය ලබා දෙයි," අමාත්‍ය O'Connor පැවසීය.

පසුගිය වසර පුරා, ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා වර්ධනයෙන් 36% ක් පමණ වී සිදුව ඇත්තේ විශ්වවිද්‍යාල සුදුසුකම් මූලික කරගත් ධාරාව යටතේ ඇති වෘත්තීන්වල වන අතර, සමස්ත රැකියාවලින් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් වර්ධනය වී ඇත්තේ VET සුදුසුකම් මූලික කරගත් ධාරාව යටතේ ඇති වෘත්තීන්වලය.

ඔස්ට්‍රේලියාවේ ඉහළම ඉල්ලුමක් සහිත රැකියා 20

  1. Registered Nurses
  2. Software and Applications Programmers
  3. Aged and Disabled Carers
  4. Child Carers
  5. Construction Managers
  6. Motor Mechanics
  7. Retail Managers
  8. Chefs
  9. Generalist Medical Practitioners
  10. Metal Fitters and Machinists
  11. ICT Business and Systems Analysts
  12. Civil Engineering Professionals
  13. Electricians
  14. Early Childhood (Pre-primary School) Teachers
  15. Contract, Program and Project Administrators
  16. Advertising and Marketing Professionals
  17. Physiotherapists
  18. Gardeners
  19. Mining Engineers
  20. Database and Systems Administrators, & ICT Security Specialists

 



Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ ඉහළම ඉල්ලුමක් සහිත රැකියා 20 නම් කරයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala