ක්‍රිකට් රන් දෙවොළ ඇවිලෙයි, අළුබඳුන දෙවන තරගයේදී නරඹන්නන් ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින්ව අපයෝජනයට ලක්කළ බවට චෝදනා

ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා මණ්ඩපය තුළදී Marylebone ක්‍රිකට් සමාජයේ සමාජිකයින් කිහිප දෙනෙකු විසින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් අපයෝජනයට ලක් කිරීම සහ දෙදෙනෙකු වැට්ටීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය Marylebone ක්‍රිකට් සමාජයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.

Several people, mostly men in ties, cheer from the stands during a cricket match.

MCC members applaud during day five of the second Ashes test match at Lord's, London on Sunday, 2 July 2023. Source: AAP / Mike Egerton

සංචාරක ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අතර මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයද ලකුණු 43 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව ජූලි 02 වනදා සමත් විය.

නමුත් ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී පැවති එම තරගය අතරතුර සහ තරගයෙන් අනතුරුව ප්‍රේක්ෂකයින්ගෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට නොයෙකුත් අපහාස සහ අනුමත කළ නොහැකි ප්‍රතිචාරවලට මුහුණ දීමට සිදුවිය.

මේ සිදුවීම් මේ වන විට ක්‍රිකට් ලෝකය පුරා වඩා වේගයෙන් පුවත් මවන්නට ද පටන් ගෙන තිබේ.
ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා මණ්ඩපය තුළදී Marylebone ක්‍රිකට් සමාජයේ සමාජිකයින් කිහිප දෙනෙකු විසින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් අපයෝජනයට ලක් කිරීම සහ දෙදෙනෙකු වැට්ටීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය Marylebone ක්‍රිකට් සමාජයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.

ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක Alex Carey විසින් එංගලන්තයේ Jonny Bairstow සිය සීමා ඉරෙන් පිටව යන විට ස්ටම්ප් කිරීම නිසා ඔහුව දැවී යාමට පත් කිරීමේ සිදුවීමත් සමග ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් දිගින් දිගටම විහිළුවට ලක් වීමත් සමග මේ සියල්ල ආරම්භ විය.

Long Room තුළ සිදු වූයේ කුමක්ද?

Long Room යනු අදාළ ක්‍රීඩා සමාජයේ සාමාජිකයින්ගේ ක්‍රීඩා මණ්ඩපයේ බිම් මහලේ පිහිටා ඇති විශේෂිත ඉඩකි.

දිවා භෝජන සංග්‍රහයේදී ක්‍රීඩකයින් පිටියෙන් පිටව යන විට Long Room එක ඇතුළතින් දර්ශනය වූ දර්ශනයෙන් පෙනී ගියේ Marylebone ක්‍රිකට් සමාජයේ සමාජිකයින් කිහිප දෙනෙකු විසින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට "වංචාකාරයින්" යනුවෙන් කෑ ගසා ඇති බවය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

විවිධ සාමාජිකයින්ගෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට අපයෝජනය කිරීම් කිහිපයක් සිදුවූ බවත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් "අපකීර්තිමත් උදවිය", "බොරුකාරයන්" ලෙස හඳුන්වමින් ඔවුන්ට ආපසු සිය රටට යන ලෙස එහිදී ඇතැම් සමාජිකයින් පැවසු බවත් AAP පුවත් සේවයට දැනගන්නට ලැබී ඇත.

ඔස්ට්‍රේලියානු පිතිකරුවන් වන Usman Khawaja සහ David Warner ව නවත්වාගෙන එක් අයෙකු ළංවීමට උත්සහ ගෙන ඇති අතර ඊට ප්‍රථමයෙන් ඔවුන්ව ඉවතට ගෙන ගොස් තිබේ.

ක්‍රීඩකයින් දිවා ආහාරය ගැනීමට පෙර මෙම සිදුවීම් පඩිපෙළ දිගේ සිදුව ඇති අතර පසුව කැමරාවට හසු නොවන අභ්‍යන්තර අවකාශයක සිදුව ඇති බව පෙනේ.

"ලෝඩ්ස් ටෙස්ට් තරගයේ පස්වන දිනයේ දිවා ආහාරය අතරතුර සාමාජිකයින් සිටිනා මණ්ඩපයේ ප්‍රේක්ෂකයින් සම්බන්ධ සිද්ධීන් කිහිපයක් පිළිබඳව විමර්ශනය කරන ලෙස ඔස්ට්‍රේලියානු කළමනාකාරිත්වය MCC වෙතින් ඉල්ලා ඇත," යනුවෙන් Cricket Australia ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
A man in cricket gear walks down the stairs as people on either side look on.
Australia's Steve Smith walks out of the pavilion following victory on day five of the second Ashes test match at Lord's on Sunday. Source: AAP / Adam Davy

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචාරය

"ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය Marylebone ක්‍රිකට් සමාජයේ සාමාජිකයින්ගේ ප්‍රදේශය හරහා දිවා ආහාරය සඳහා යනවිට , ඇතැමුන් ශාරීරිකව හා වාචිකව අපයෝජනයට ලක් වූ බවට චෝදනා එල්ල වේ."

ඔස්ට්‍රේලියානු කළමනාකාරිත්වය ශාරීරිකව අපයෝජනය සම්බන්ධයෙන් විස්තර කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

නමුත් Warner සහ Steve Smith දිවා ආහාරය සඳහා පඩිපෙළ දිගේ ඇතුළට ඇවිද යන විට අවම වශයෙන් එක් අයෙකු හෝ කකුල් මාට්ටුවක් දමා ඇති බව ඒ මොහොතේ ක්‍රීඩා මණ්ඩපයේ සිටි තොරතුරු සපයන්නෙකු AAP වෙත පවසා ඇත.

තත්ත්වය කෙතරම් බරපතළ වීද යත්, MCC ප්‍රධාන විධායක නිලධාරී Guy Lavender ක්‍රීඩකයන්ට ගරු කරන ලෙස මතක් කර දීම සඳහා දිවා භෝජන සංග්‍රහයේදී සාමාජිකයන් ඇමතීමට පැමිණියේය.

ලෝඩ්ස් හි ශාරීරික හා වාචික අපයෝජන චෝදනා

"එය ඉතා කනගටුදායී සිදුවීමක්, ක්‍රීඩා කිරීමට හොඳම ස්ථානය කොහිදැයි කවුරුන් හෝ මගෙන් ඇසුවොත්, මම නිතරම පවසන්නේ ලෝඩ්ස් ය; එහි ක්‍රීඩා තරග නැරඹීමට පැමිණෙන පිරිස විශිෂ්ටයි, විශේෂයෙන් MCC සාමාජිකයින් විශිෂ්ටයි," Khawaja චැනල් නයින් වෙත පැවසීය.

“නමුත් MCC සාමාජිකයින්ගේ මුවින් පිටවූ ඇතැම් දේවල් ඇත්තෙන්ම බලාපොරොත්තු සුන් කරවන සුළු වූ අතර මම ඒවා නිකම්ම බලා සිටියේ නැහැ. මම ඔවුන්ගෙන් කිහිප දෙනෙකු සමඟ කතා කළා, ඔවුන්ගෙන් කිහිප දෙනෙක් ඉතා විශාල චෝදනා කිහිපයක් කළා." යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

'පිළිගත නොහැකි' හැසිරීම හේතුවෙන් තිදෙනෙකුගේ සාමාජිකත්වය තහනම් කරයි

ජූලි 02 වන දින පස්වරුව වන විට MCC ක්‍රීඩා සමාජය ක්‍රීඩා සාමාජිකයින්ගේ මණ්ඩපය ඇතුළත සිට සම්පූර්ණ තොරතුරු රැස් කරමින් සිටි නමුත් පුද්ගලයින් තිදෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව තහවුරු විය.

එම පුද්ගලයන් තිදෙනා ක්‍රීඩකයන්ට ශාරීරිකව හිරිහැර කිරීමක් කළ බවට කිසිදු යෝජනාවක් නොමැත.

"සාමාජිකයින් තිදෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව තහවුරු කළ බවට MCC විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ පිලිබඳ ක්‍රියාත්මක කෙරෙන පරීක්ෂණය සිදුවන අතරතුර ඔවුන්ට නැවත ලෝඩ්ස් වෙත යාමට ඉඩ නොදෙන බවත් සාමාජිකයින් සුළු පිරිසකගේ හැසිරීම සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව තරයේ කියා සිටින බවත් MCC නිවේදනයේ දැක්වේ.

ඒ නොමනා හැසිරීම හෙළා දකින බවත් නැවත වරක් Cricket Australia වෙතින් සමාව අයැද සිටින බවත් MCC ය පවසා තිබේ.


Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service