ඕස්ට්‍රේලියානු රජය විසින් යෝජනා කර ඇති සම ලිංගික විවාහ නීතිගත කිරීමේ තැපැල් මත විමසුමට ඔබට සහභාගී වියහැකි අයුරු SBS සිංහල වෙතින්

රජය විසින් යෝජනා කර ඇති සම ලිංගික විවාහ නීතිගත කිරීමේ තැපැල් මත විමසුමට සහභාගී වන්නේ මෙසේයි

postman

its operations. (AAP Image/Dan Peled) NO ARCHIVING Source: AAP

ඔබ ලියා පදිංචි විය යුතුද?

මේ සදහා සාමාන්‍ය චන්ද ලැයිස්තුව යොදා ගැනේ. ඔබ පසුගිය චන්දයට සහභාගී වී තවම එම ලිපිනයේම සිටී නම් ඔබ ඒ සදහා අයත් .ඔබ ලියා පදිංචි වී නැත්නම් හෝ තොරතුරු වෙනස් වී ඇත්නම් අගෝස්තු 24 තෙක් ඔබට AEC වෙබ් අඩවිය ඔස්සේ ලියා පදිංචි විය හැකියි 

නවතම වාර්තා අනුව වයස 18-24ත් අතර පුද්ගලයන්ගෙන් 14%ක් මෙසේ ලියාපදිංචි වී නැහැ . සමස්ත ඔස්ට්‍රේලියානුවන්ගෙන් 5%ක් එසේ ලියා පදිංචි වී නැහැ

චන්දය පැවැත්වෙන්නේ කවදාද ?

සැප්තැම්බර් මස 12 සිට චන්ද අත්රිකා ඔබට ලැබේ
නොවැම්බර් 7 තෙක් ඔබට ඒවා තැපැල් කල හැකියි

මෙය අනිවාර්යද ?

නැහැ ජන මත විචාරණයක් ලෙස මෙය අනිවාර්ය නැහැ
ඒ නිසා මෙයට සහභාගී වන ප්‍රමාණය අඩු වී නිවැරදි නියෝජනයක් නොමැති වේ යයි චෝදනා ද එල්ල වේ නොයෝජ්‍ය අගමැති Barnaby Joyce පවසන්නේ අවශ්‍ය අයට මේ සදහා සහභාගී වීය හැකි බව

සම ලිංගික පුද්ගලයන් මෙය සම්පුර්ණයෙන් වර්ජනයටද සැරසේ . එවන් වූ හිටපු ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු Michael Kirby ද එසේ මේ නිසා තමා දෙවැනි පෙළ පුරවැසියෙකු ලෙස සලකා ඇති බවට දැනුනු බව පවසනවා

මට අන්තර්ජාලය ඔස්සේ චන්දය ප්‍රකාශ කල හැකිද ?

නැහැ 

මෙය ඕස්ට්‍රේලියානු සන්ක්‍යා ලේඛන කාර්යාලය විසින් තැපැල් මගින් පැවැත්වේ 

කම්කරු පක්ෂය පවසන්නේ ඒ නිසා තරුණයින් මෙයට එතරම් සහභාගී නොවේ කියයි . කම්කරු පක්ෂයේ Sam Dastyari එය අන්තර්ජාලය ඔස්සේ පැවැත්විය යුතු බව කීවත් Barnaby Joyce එයට එකඟ නැහැ

විදේශයක සිට සහභාගී විය හැකිද


ඔව් ඔබ විදේශීය චන්ද දායකයකු ලෙස ලියා පදිංචි වී ඇත්නම් ඔබට පත්‍රිකා තැපෑලෙන් ලැබේ

මෙහි ප්‍රතිපලයේ බලපෑම්

අවසන් ප්‍රතිපලය නොවැම්බර් 15 වැනිදා නිකුත් වේ. එමගින් සම ලිංගික විවාහ නීති ගත කල නොහැකි වුවත් ජන මතය ඒ සදහා එකග නම් රජය පාර්ලිමේන්තුවේ ඒ සදහා නිදහස් චන්දයක් තුලින් පනත සම්මත කිරීමට කටයුතු කෙරේ. බොහෝ දේශපාලකයින් තම පෞද්ගලික මතය කුමක් වුවත් ජනමතයට සහය දීමට සැරසී සිටී .
බහුතර මතය එකග නොවේ නම් , ඒ පිලිබඳ පනතාක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවේ

 

 

 

 

 

Share

Published

Updated

By Charitha Adikari, James Elton-Pym
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service