අගමැති ස්කොට් මොරිසන් විසින් මැයි 21 වෙනිදාට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණය කැඳවයි

අග්‍රාමාත්‍යවරයා 2022 ෆෙඩරල් මැතිවරණය නිල වශයෙන් කැඳවීමෙන් පසුව, මැයි 21 වෙනිදා, සුදුසුකම් ලත් ඡන්දදායකයින් විසින්, මීළඟ රජය පිහිටුවන්නේ කුමන දේශපාලන පක්ෂයද යන්න තීරණය කරනු ඇත.

Prime Minister Scott Morrison arrives to see Governor General David Hurley at Government House in Canberra, Sunday, April 10, 2022. (AAP Image/Mick Tsikas)

Prime Minister Scott Morrison arrives to see Governor General David Hurley at Government House in Canberra, Sunday, April 10, 2022. Source: AAP

ස්කොට් මොරිසන් ෆෙඩරල් මැතිවරණය නිල වශයෙන් කැඳවීමෙන් පසු මිලියන සංඛ්‍යාත ඡන්දදායකයින් මැයි 21 වෙනිදා ඡන්ද මධ්‍යස්ථාන වෙත යනු ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ මැතිවරණය නියෝග කිරීමට අවසර ලබා ගැනීම සඳහා ආණ්ඩුකාර ජෙනරාල් ඩේවිඩ් හර්ලි හමුවීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඉරිදා උදෑසන සිඩ්නි සිට කැන්බෙරා වෙත ගුවන් මගින් ගමන් කළේය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණ කොට්ඨාශ 151ක් සහ සෙනෙට් සභාවේ ආසන 40ක් සඳහා මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

මේ වන විට, ලිබරල් සන්ධානය ආසන 76ක් ද, කම්කරු පක්ෂය ආසන 68ක් ද, Greens පක්ෂය ආසන 1ක් ද, ස්වාධීන මන්ත්‍රීවරු ආසන 3ක් ද හිමි කරගෙන සිටී.
How the 151 seats of the lower house are divided ahead of the 2022 federal election
How the 151 seats of the lower house are divided ahead of the 2022 federal election Source: SBS
ටෝනි ඇබට්, මැල්කම් ටර්න්බුල් සහ ස්කොට් මොරිසන් යන අග්‍රාමාත්‍යවරුන් තිදෙනා ප්‍රමුඛ තනතුරු හොබවමින්, 2013 වසරේ සිට ඕස්ට්‍රේලියාව තුළ බලයේ සිටින්නේ ලිබරල් සන්ධානයයි.
2004 වසරේ ජෝන් හොවාර්ඩ්ගෙන් පසු පිට පිට මැතිවරණ දෙකක් ජයග්‍රහණය කළ පළමු වත්මන් අගමැති බවට පත්වීම මොරිසන් මහතාගේ අරමුණයි.
2019 වසරේදී පරාජයෙන් පත්වීමෙන් ඉල්ලා අස් වූ බිල් ශෝර්ටන්ගෙන් පසු විපක්ෂයට නායකත්වය දුන් ඇන්තනි ඇල්බනීසි කම්කරු පක්ෂය බලයට ගෙන ඒමට සහ ඕස්ට්‍රේලියාවේ 47 වැනි පාර්ලිමේන්තුව සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ 31 වැනි අගමැති වීමට අපේක්ෂා කරයි.
The federal election will take place on 21 May, 2022.
The federal election will take place on 21 May, 2022. Source: SBS
නිල මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වූ 2021 ජූනි මාසයේ සිට ප්‍රධාන පක්ෂ දෙකේ මනාප වලින් සියයට 55ක මනාප ලබා ගනිමින් කම්කරු පක්ෂය අඛණ්ඩව ඡන්ද විමසීම්වල ඉදිරියෙන් සිටී.

ආසන 151 කින් යුත් පහළ මන්ත්‍රණ සභාවෙන් ලිබරල් සන්ධානය ආසන 76 ක් ජයග්‍රහණය කරමින් මැතිවරණ තරඟය ආරම්භ වන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ Hawke නව ආසනයේ ජයග්‍රහණය නිල වශයෙන් තහවුරු වුවහොත්, කම්කරු පක්ෂයට ආසන්න 69 ක් හිමි වනු ඇත.

මහ මැතිවරණයකදී, ඉහළ මන්ත්‍රණ සභාවේ මන්ත්‍රී ආසන ගණනින් අර්ධයක් වන එනම් ආසන හතළිහක් සඳහා පමණක් මන්ත්‍රී ධූර වෙනස් වේ.


Share

Published

Updated

By Athini Amarasiri
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
අගමැති ස්කොට් මොරිසන් විසින් මැයි 21 වෙනිදාට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණය කැඳවයි | SBS Sinhala