ඔස්ට්‍රේලියාවට පැමිණි නවතම සංක්‍රමණිකයින් හට නොමිලයේ පවත්වන ඉංග්‍රීසි පන්ති වලට සහභාගී වන්නේ කෙසේද? SBS සිංහල settlement guide වෙතින්.

ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් හට සහ සරණාගතයින් හට ඔස්ට්‍රේලියානු රජය විසින් නොමිලයේ ඉංග්‍රීසි පන්ති පවත්වයි.

How to access free English classes for new migrants

Source: SBS

ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් හට සහ සරණාගතයින් හට මෙරට සමාජයත් සමග මුහු වීමට හා රැකියාවක් සොයාගැනීමට ආදී දේ සඳහා ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය වේ.

එනිසාම ඔවුන් හට නොමිලයේ ඉංග්‍රීසි පන්ති පැවැත්වීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.

The Australian Migrant English Program (AMEP)

How to access free English classes for new migrants
Yazidi Refugees learning English at TAFE NSW Riverina Institute Source: SBS Arabic 24


AMEP යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවට අලුතින්ම සංක්‍රමණය වූ සංක්‍රමණිකයින් හට මෙම වැඩසටහන හඳුන්වා දී ඇත.

මෙමගින් ඔවුන් හට ඉංග්‍රීසි භාෂාවේ මූලික කරුණු උගත හැකි අතර මෙන්ම මෙහි ස්ථාපිත වීමට අවශ්‍ය දැනුමද ලබා දේ.

මේ සඳහා සුදුසුකම් ලැබූ උදවියට පැය 510 ක් දක්වා නොමිලයේ ඉංග්‍රීසි පන්ති සඳහා සහභාගී විය හැකිය.

සුදුසුකම් මොනවාද?

ඔබ ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුය. නැතහොත් Partner visa හෝ  Temporary Protection visa  යනාදී සුදුසුකම් ලද තාවකාලික වීසා හිමි අයෙකු විය යුතුය.

ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණ මාස 6 ක් ඇතුළත AMEP සැපයුම්කරුවෙකු සමග ඔබ ලියාපදිංචි විය යුතුය.

වයස අවුරුදු 18 ට අඩු ළමුන් සහ තරුණයින් සඳහා මාස 12 ක් දක්වා එම කාලය දීර්ඝ වේ.

ඉන් අනතුරුව ඔබේ පාඨ මාලාව මාස 12 ක් ඇතුළත ඔබ ආරම්භ කළ යුතු අතර වසර 5 ක් ඇතුළත අවසන් කළ යුතු වේ.

ලියාපදිංචි වන්නේ කෙසේද?

ඔස්ට්‍රේලියාව තුළAMEP සැපයුම්කරුවන් 300 ක් පමණ සිටිති.

මෙම ලැයිස්තුවෙන් ඔබට සමීපතම AMEP මධ්‍යස්ථානය සොයා ගත හැකිය.

භාෂා ප්‍රශ්නයට සහය වීම.

බොහෝ AMEP සැපයුම්කරුවන් යටතේ භාෂා ද්විත්වයක් කතා කිරීමට හැකි සේවකයින් සිටින අතර ඔබට ඔවුන්ගේ සහය ලබාගත හැකිය.

ඊට අමතරව ඔබේ පන්ති කාමරයේදී පවා භාෂා ද්විත්වයක් කතා කළ හැකි ස්වේච්ඡා පුද්ගලයින් සිටියි.

ඒ සඳහා වැඩි විස්තර මෙතනින්.

Skills for Education and Employment (SEE)

How to access free English classes for new migrants
Learning the English alphabet Source: Pro-Image photography


SEE  යනු කුමක්ද?

ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණ මාස 6 කට වඩා වැඩිනම්, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මූලික පාඨ මාලාවක් හදාරා ඇත්නම්  නමුත් ඔබට රැකියාවක් සඳහා ඔබගේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරගැනීමට අවශ්‍ය නම් SEE  වැඩසටහන ඔබ සඳහා වේ.

රැකියාවක් සොයා ගැනීම ඉලක්ක කරගනිමින් භාෂා සහ ගණිතමය පුහුණව සඳහා පැය 800 ක නොමිලයේ පුහුණුවක් මේ සඳහා සුදුසුකම් ලැබුවන් හට හිමි වේ.

සුදුස්සන් කවුරුන්ද?

ඔබ,

  • වයස අවුරුදු 15 ත් 64 ත් අතර විය යුතුය.
  • මානව සේවා දෙපාර්තමේන්තුවේ රැකියා සොයන්නෙකු ලෙස ලියාපදිංචි විය යුතුය.
  • පූර්ණ කාලීන ශිෂ්‍යයෙකු නොවිය යුතුය.
  • වීසා කොන්දේසි සහ අනෙකුත් අවශ්‍යතා සැපිරිය යුතුය.
සියලු සුදුසුකම් සහිත ලැයිස්තුව මෙතනින් ලබා ගන්න.

ලියාපදිංචි වන්නේ කෙසේද?

මානව සේවා දෙපාර්තමේන්තුවේ Jobactive හෝ ParentsNext හරහා ඔබව නිර්දේශ කළ යුතුය.

132 850 අංකයෙන් මානව සේවා දෙපාර්තමේන්තුව අමතා ඔබට වැඩි විස්තර දැනගත හැකිය.

විශේෂ කරුණු

ඔබට දුරස්ථ අධ්‍යාපනය ලැබිය හැකි අතර දහවල් හෝ සන්ධ්‍යා කාලයේදී පන්ති වලට සහභාගී විය හැකිය.

ඔබට පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව ඉගෙනම ලැබිය හැකිය.

ඔබ AMEP වැඩසටහන සඳහා සහභාගී වනවානම් පාසල් වයසට වඩා අඩු ළමුන් සඳහා ඔබට නොමිලයේ ළමා සුරැකුම් පහසුකම්ද ලබා ගත හැකිය.

How to access free English classes for new migrants
Source: AAP


ප්‍රයෝජනවත් වෙබ් අඩවි කිහිපයක්

AMEP 

AMEP (information in 26 languages)  

SEE 

Reading Writing Hotline 1300 6 555 06

Adult Learners Week 1-8 September 

AMES - migrant and refugee settlement services 

Adult Learning Australia 

 


Share

Published

Updated

By Madhura Seneviratne, Audrey Bourget
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවට පැමිණි නවතම සංක්‍රමණිකයින් හට නොමිලයේ පවත්වන ඉංග්‍රීසි පන්ති වලට සහභාගී වන්නේ කෙසේද? SBS සිංහල settlement guide වෙතින්. | SBS Sinhala