ඔස්ට්‍රේලියාව තුළ නොමිලයේ භාෂා සහ භාෂණ පරිවර්තන සේවාවන් ලබා ගන්නේ කෙසේද? මෙවර SBS සිංහල settlement guide වෙතින්.

ඔස්ට්‍රේලියාවේ නිවෙස් තුළ 5 න් එකකට වඩා පිරිසක් ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂාවක් කතා කරයි. එනිසාම ඔස්ට්‍රේලියාව තුළ නොමිලයේ භාෂා සහ භාෂණ පරිවර්තන සේවාවන් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ දැන සිටීම වැදගත් වේ.

Free translating and interpreting services in Australia

Free translating and interpreting services in Australia Source: Boston Globe

TIS National හරහා නොමිලයේ ලබා දෙන භාෂණ පරිවර්තන සේවාව

Translating and Interpreting Service හෙවත් TIS National සේවාව සමස්ත ඔස්ට්‍රේලියාව පුරාම ක්‍රියාත්මක වන අතර ඉංග්‍රීසි භාෂාව කතා නොකරන පුද්ගලයින් හට නියෝජිත ආයතන හෝ ව්‍යාපාරික ස්ථාන සමග සන්නිවේදනය කිරීමට අවශ්‍ය විට ඔවුන්ට ඒ සඳහා නොමිලයේ භාෂා පරිවර්තන සේවාවන් ලබා දෙයි.

එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

ඔවුන් වසරේ සෑම දිනකම පැය 24 පුරාම ක්‍රියාත්මකය.

ඔවුන්ව සම්බන්ධ කරගැනීමට ඇති පහසුම ක්‍රමය වන්නේ 131 150 යන දුරකථන අංකය හරහාය.

දුරකථනය හරහා ක්ෂණික භාෂණ පරිවර්තන සේවාවන්, නියමිත ස්ථාන වලදී සපයන භාෂණ පරිවර්තන සේවාවන් සහ පෙර වෙන්කරගත් දුරකථන සේවාවන් හරහා භාෂණ පරිවර්තන සේවාවන් සැපයීම ඔවුන්ගේ සේවාවන් අතර වේ.

බොහෝ සංවිධාන TIS සමග ලියාපදිංචි වී ඇති අතර භාෂණ පරිවර්තන සේවා සඳහා යන වියදම් ආවරණය කර තිබේ.

වෛද්‍යවරයෙකු මුණ ගැසෙන විට, ඖෂධවේදියෙකු සමග ඇතිවන කතාබහකදී හෝ ඔබගේ දුරකථන සේවා සමාගම සමග ඇතිවන සංවාදයකදී ඔබට ඔවුන්ගේ සේවාව ලබා ගත හැකිය.

අදාළ සංවිධානය TIS සමග ලියාපදිංචි වී නොමැති විට ඔබ ලබාගන්නා සේවාවන් සඳහා ගෙවීමට ඔබටම හැකියාව පවතී.

ඔබ TIS වෙත ඇමතූ විට ප්‍රථමයෙන්ම ඔබට අවශ්‍ය භාෂාව කුමක්දැයි අසන අතර ඉන් අනතුරුව ඔබට අවශ්‍ය භාෂවට අදාළ භාෂණ පරිවර්තකයා සහ ඔබට කතා කිරීමට අවශ්‍ය ආයතනය සම්බන්ධ කර දෙයි.

ඔබව වඩාත් සුදුසුම භාෂණ පරිවර්තකයා හා සම්බන්ධ කෙරේ. නමුත් සංවේදී තොරතුරු හුවමාරු කෙරෙන අවස්ථා වලදී විශේෂිතවූ භාෂණ පරිවර්තකයින් (ගැහැණු හෝ පිරිමි) ඔබට ඉල්ලීමට හැකියාවක්ද ඇත.
ree translating and interpreting services in Australia
Source: SBS
TIS Multilingual

TIS භාෂණ පරිවර්තකයින් හට භාෂා 160 ක් කතා කිරීමට හැකියාව පවතී.

ඔබට ඔවුන් හට කතා කිරීමට පෙරාතුව වැඩි තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් භාෂා 19 කින් ඇති TIS වෙබ් අඩවියට මෙතනින් පිවිසිය හැකිය.

භාෂණ පරිවර්තකයින් වැදගත් වන්නේ ඇයි?

බොහෝ පුද්ගලයින් භාෂණ පරිවර්තකයින් ලෙස තම නෑදෑ හිත මිතුරන්ව භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.

නමුත් එය නිර්දේශ කිරීමට නොහැකිය. ඔවුන් වෘත්තිමය නොවන අතර ඔවුන්ගේ පරිවර්තනයන් නිවැරදි නොවීමට ඉඩ ඇත.

ඇතැම්විට ඔබව අපහසුතාවට පත් කිරීමට ඇති නොකැමැත්ත හේතුවෙන් සංවාද වලදී 100% ක්ම ඔබ පවසන තොරතුරු එලියට නොදී ඔබගේ ඇතැම් තොරතුරු සඟවා තබා ගැනීමට ද ඔවුන් පෙළඹෙයි.

සමජා සේවා දෙපාර්තම්න්තුව හරහා නොමිලයේ සැපයෙන භාෂා පරිවර්තන සේවාවන්.

සුදුසුකම් ලත් ලේඛන 10 ක් දක්වා ඉංග්‍රීසි භාෂාවට, භාෂා පරිවර්තක සේවාවන් නොමිලයේ ලබා දීමට  සමජා සේවා දෙපාර්තම්න්තුව ඉදිරිපත්ව ඇත.

මෙම සේවාව ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපනය වීමට අපේක්ෂා කරන පුදගලයින් හට ලබා දෙයි.

සේවා යෝජකත්වය සඳහා දිරිගැන්වීම, අධ්‍යාපනය හා ප්‍රජා සම්බන්ධකම් ගොඩනංවා ගැනීමට උනන්දු කිරීම මෙම සේවාවන් හරහා ඔවුන් අපේක්ෂා කරයි.



මෙම සේවාවන් ලබා ගැනීමට සුදුසුකම් ලත් අය කවරේද?

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන් හට සහ ඇතැම් තාවකාලික හා ආරක්‍ෂිත වීසා වර්ග සිටින පුද්ගලයින් හට ඔවුන්ගේ වීසා ලැබී ප්‍රථම වසර 2 තුළ මෙම සේවාවන් සඳහා හිමිකම් කීමට හැකිවේ.

කුමන ලේඛන සඳහා මෙම භාෂා පරිවර්තක සේවාවන් ලබා ගත හැකිද?

ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථාපනය වීමට අවශ්‍ය ලිපි ලේඛන ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගැනීමට පමණක් මෙම සේවාව යොදාගත හැකි නමුත් වීසා අයදුම් කිරීමේ කටයුතු සඳහා එය ලබා නොදෙයි.

  • උප්පැන්න සහතික, විවාහ සහතික, නම් වෙනස් කිරීමේ සහතික යනාදී අනන්‍යතා ලිපි ලේඛන;
  • රියදුරු බලපත්‍ර, පොලිස් වාර්තා, වෛද්‍ය වාර්තා;
  • විභාග ප්‍රතිඵල සහ පාසල් සහතික වැනි අධ්‍යාපනික ලේඛන;
  • සේවා යෝජක නිර්දේශ, සේවා යෝජක කොන්ත්‍රාත්තු , වෘත්තිමය සහතික වැනි සේවා යෝජකත්වය සම්බන්ධ ලේඛන යනාදිය මෙම සේවාව හරහා ඉංග්‍රීසියට පරිවර්තනය කරගැනීමට හැකියාව පවතී.
මේ සඳහා අවශ්‍ය වැඩි විස්තර මෙතනින් ඔබට ලබා ගත හැකිය.

භාෂා සහ භාෂා පරිවර්තක සේවාවන් සඳහා ගෙවීම් කිරීම.

අනුමත ලැයිස්තුවෙන් පිටත ඇති ලේඛන ඔබට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගැනීමට අවශ්‍යනම් ඒ සඳහා භාෂා පරිවර්තකයෙකුගේ සේවාව මුදලට ලබා ගත හැකිය.

එමෙන්ම, පරිවර්තනය කරන ඔබගේ සියලුම ලිපි ලේඛන National Accreditation Authority for Translators and Interpreters හෙවත් NAATI සහතික කරන ලදා ඒවා විය යුතු බවට ඔබ වගබලාගත යුතුය.

ඔබට භාෂා පරිවර්තකයෙකු NAATI වෙබ් අඩවිය හරහා සොයා ගැනීමට හැකියාවක් ඇති අතර ඔබගේ භාෂා පරිවර්තකයා NAATI ප්‍රත්‍යයනය ලත් අයෙකු දැයි පරීක්ෂා කරගැනීමටද එම වෙබ් අඩවිය හරහා ඔබට හැකිය.

ප්‍රයෝජනවත් වෙබ් අඩවි කිහිපයක්.

TIS National 

TIS Multilingual

Free translating service by the Department of Social Services 

NAATI 


Share

Published

Updated

By Madhura Seneviratne, Audrey Bourget
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාව තුළ නොමිලයේ භාෂා සහ භාෂණ පරිවර්තන සේවාවන් ලබා ගන්නේ කෙසේද? මෙවර SBS සිංහල settlement guide වෙතින්. | SBS Sinhala