2021-22 මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඕස්ට්‍රේලියා Skilled Migration වැඩසටහන ඇරඹේ (SBS සිංහල වාර්තා)

ජූලි මස 20 වැනිදා උදෑසන 8 සිට 2021-22 මුල්‍ය වර්ෂය සඳහා වන දකුණු ඕස්ට්‍රේලියා නිපුණතා සංක්‍රමණ වැඩසටහන විවෘත කොට තිබේ.

Skills Migration Program for the 2021-22 financial year

Skills Migration Program for the 2021-22 financial year Source: SBS

Highlights

  • සැපිරිය යුතු දකුණු ඕස්ට්‍රේලියා State nomination requirements
  • නිපුණතා සංක්‍රමණ වැඩසටහනේ අවධානය යොමු වන ක්ෂේස්ත්‍ර
  • නිපුණතා සංක්‍රමණිකයින් හට පවතින Employer sponsored visa මාර්ග

සැපිරිය යුතු දකුණු ඕස්ට්‍රේලියා State nomination requirements

දකුණු ඕස්ට්‍රේලියානු state nomination අවශ්‍යතා සම්පුර්ණ කරන නිපුණතා සංක්‍රමණිකයින් හට ජුලි මස 20 වැනි අඟහරුවාදා දින උදෑසන 8 සිට අයදුම් කිරීමට හැකියාව පවතී.

සම්පුර්ණ කලයුතු දකුණු ඕස්ට්‍රේලියානු state nomination අවශ්‍යතා :

  • පදිංචිය
  • වයස
  • රැකියාව
  • නිපුණතා ඇගයීමක් ලබාගැනීම
  • රැකියා අත්දැකීම
  • ඉංග්‍රීසි භාෂා දැනුම
  • අදාළ points සංක්‍යාව
Visa
Source: Getty Images/Alexander W Helin

නිපුණතා සංක්‍රමණ වැඩසටහනේ අවධානය යොමු වන ක්ෂේස්ත්‍ර

2021-22 යන මුල්‍ය වර්ෂය සඳහා වන දකුණු ඕස්ට්‍රේලියා නිපුණතා සංක්‍රමණ වැඩසටහන ප්‍රධාන ක්ෂේස්ත්‍ර 4 සම්බන්ධයෙන් අවධානය යොමු කොට තිබේ.
ඒවා අනුපිළිවෙලින් :

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය තුල ප්‍රමුඛතා වර්ධන කර්මාන්ත අංශවලට දායක විය හැකි පිරිස සඳහා

දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල වාසය කරන සහ දිගු කලක් දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය තුල වාසය කරන පිරිස සඳහා

දකුණු ඕස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර උපාධිදාරීන් සඳහා

දකුණු ඕස්ට්‍රේලියා නිපුණතා සංක්‍රමණ රැකියා ලැයිස්තුවේ පවතින රැකියා අවශ්‍යතා සපුරන ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් සඳහා
Western Australia announced 2022-23 Migration Program changes with the new Occupation List
Large Group of Diverse People with Different Occupations. Source: Getty Images

නිපුණතා සංක්‍රමණිකයින් හට පවතින Employer sponsored visa මාර්ග

මීට අමතරව නිපුණතා සංක්‍රමණිකයින් හට Employer sponsored visa මාර්ග දෙකක්ද පවතී

  • Skilled Employer Sponsored Regional [Provisional] [subclass 494]
මෙය තාවකාලික වීසා බලපත්‍රයක් වේ.

දකුණු ඕස්ට්‍රේලියානු ව්‍යාපාරවලට දේශීය සේවකයින්ගෙන් පිරවීමට නොහැකි තනතුරු සඳහා පුහුණු සංක්‍රමණිකයින්ට අනුග්‍රහය දැක්විය හැකිය.

  • Temporary Skill Shortage visa [subclass 482]
මෙය සේවා යෝජකයා විසින් අනුග්‍රහය දක්වන වීසා බලපත්‍රයක් වේ.

දකුණු ඕස්ට්‍රේලියානු ව්‍යාපාර සඳහා දකුණු ඕස්ට්‍රේලියාවේ නම් කරන ලද ප්‍රදේශවල සංක්‍රමණ ගිවිසුම්වල නිර්ණායක සපුරාලන්නේ නම් රැකියා සඳහා පුහුණු සංක්‍රමණිකයින් නම් කිරීමට මෙමගින් අවස්ථාව ලබා දේ.



SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙරවරු 11 සිට , 93.1fm, 97.7fm, 105.5fm

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


දකුණු ඕස්ට්‍රේලියානු Skilled Occupation List එක මඟින් ඔබට නිශ්චිත වෘත්තීය අවශ්‍යතා සමාලෝචනය කිරීමට අවස්ථාව ලැබේ.

අයදුම් කිරීම් සඳහා මාර්ගගත අයදුම්පත් ක්‍රමය (online application system) 2021 ජූලි 20 වන අඟහරුවාදා උදෑසන 8 සිට ලබා ගත හැක.

Share

Published

Updated

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service