වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික ශ්‍රමිකයින්ට වීදි මත පදනම්ව ක්‍රියා කිරීමට අවසර (SBS සිංහල/ වාර්තා)

මෙම වෙනස හේතුවෙන් තමන්ට එරෙහි සිදුවන අපරාධ වාර්තා කිරීම සහ කරදරවලදී සහාය ලබා ගැනීම පිළිබඳව අදාළ ලිංගික ශ්‍රමිකයින්ට වැඩි විශ්වාසයක් දැනෙනු ඇතැයි වික්ටෝරියා ප්‍රාන්ත රජය පැවසීය.

Stock photo of a sex worker on Saturday, 4 April, 2015

Sex workers are free to operate on Victoria's streets, as new laws kick in with a view to making those in the industry safer. Source: AAP / PA

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික ශ්‍රමිකයින්ට (Sex workers) ප්‍රාන්තයේ වීදි මත පදනම්ව ක්‍රියා කිරීමට දැන් නිදහස ලබාදී තිබේ.

අදාළ කර්මාන්තයේ නියැලෙන්නන් වෘත්තීය වශයෙන් වඩාත් සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම නව නීති ආරම්භ වේ.


Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික ශ්‍රමිකයින්ට වීදි මත පදනම්ව ක්‍රියා කිරීමට දැන් නිදහස ලබාදී තිබේ.
  • මෙම වෙනස් කිරීම 2021 Sex Work Decriminalisation පනත යටතේ ක්‍රියාත්මක වේ.
  • වික්ටෝරියා ප්‍රාන්තය යනු ලිංගික ශ්‍රමය අපරාධයක් හෝ නීති විරෝධී ක්‍රියාවක් නොවන බවට නීති සම්මත කළ ඔස්ට්‍රේලියාවේ තෙවැනි ප්‍රාන්තය වේ.

ලිංගික ශ්‍රමිකයින්ට වික්ටෝරියා ප්‍රාන්තයේ වීදිවල ක්‍රියා කිරීමට අවසර

මෙම නව නීති අද (10/05) සිට ක්‍රියාත්මක වීම ඇරඹේ.

අවස්ථා කිහිපයකදී හැර වීදිවල ලිංගික ශ්‍රමිකයින්ට කටයුතු කිරීම නීත්‍යානුකූල කිරීම ඒ හරහා සිදු කෙරේ.

මෙම වෙනස හේතුවෙන් තමන්ට එරෙහි සිදුවන අපරාධ වාර්තා කිරීම සහ කරදරවලදී සහාය ලබා ගැනීම පිළිබඳව අදාළ ලිංගික ශ්‍රමිකයින්ට වැඩි විශ්වාසයක් දැනෙනු ඇතැයි වික්ටෝරියා ප්‍රාන්ත රජය පැවසීය.
වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික රැකියා අපරාධයක් නොවන බවට පත් කිරීමේ මෙම පියවර වැදගත් සන්ධිස්ථානයක් බව පාරිභෝගික කටයුතු අමාත්‍ය Melissa Horne පැවසුවාය.

සෑම ශ්‍රමිකයෙකුටම තම රැකියාවේදී සුරක්ෂිත බවක් දැනිය යුතු බව Workplace Safety අමාත්‍ය Ingrid Stitt පැවසුවාය.

"WorkSafe තුළ කැපවූ ලිංගික ශ්‍රම ආරක්ෂණ කණ්ඩායමක් සමඟින්, සේවකයින් ආරක්ෂිතව තබා ගැනීම සඳහා හොඳම මගපෙන්වීම සහ ක්‍රියා පටිපාටි සමඟ ලිංගික රැකියා නිසි ලෙස නියාමනය කිරීමට අපි වග බලා ගන්නෙමු," යනුවෙන්ද ඇය පැවසුවාය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


අදාළ නීති පනත යටතේ ඇති කොන්දේසි

මෙම වෙනස් කිරීම 2021 Sex Work Decriminalisation පනත යටතේ ක්‍රියාත්මක වේ.

සිදුකළ ප්‍රතිසංස්කරණ යටතේ, පුද්ගලයන්ට සහ සංවිධානවලට ලිංගික ශ්‍රමිකයෙකු යන පදනම මත යම් කෙනෙකුගේ සේවය වෙනස් කොට සැලකීම හෝ ප්‍රතික්ෂේප කිරීම ද තහනම් වේ.

උදෑසන 6 සිට පස්වරු 7 දක්වා පාසල්, care services හෙවත් රැකවරණ සේවා සහ පූජනීය ස්ථාන අසල සහ නිවාඩු දිනවලදී අදාළ වීදි වල ලිංගික ශ්‍රමිකයන් තම රැකියාවේ යෙදීම නීතියෙන් වරදක් වේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික ශ්‍රම කටයුතු ප්‍රතිසංස්කරණවල දෙවන වටය 2023 අග භාගයේදී ක්‍රියාත්මක වීමට නියමිත අතර, එවිට ලිංගික රැකියා බලපත්‍ර ක්‍රමය ඉවත් කරනු ලැබේ.

වික්ටෝරියා ප්‍රාන්තය යනු ලිංගික ශ්‍රමය අපරාධයක් හෝ නීති විරෝධී ක්‍රියාවක් නොවන බවට නීති සම්මත කළ ඔස්ට්‍රේලියාවේ තෙවැනි ප්‍රාන්තය වේ.

1995 දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයත් 2019 දී Northern Territory ත් ලිංගික ශ්‍රමය අපරාධයක් හෝ නීති විරෝධී ක්‍රියාවක් නොවන බවට නීති සම්මත කළේය.



Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service