සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් එක් දින ක්‍රිකට් පිටියෙන් ද සමුගැනීම නිවේදනය කරයි

Australian Cricketer David Warner

Australia's Criketer David Warner Source: AAP

සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් එක් දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබේ.


ඩේවිඩ් වෝනර් එක්දින පිටියෙන් ද සමුගන්නා බවට එලෙස නිවේදනය කළේ සිය අවසන් ටෙස්ට් තරගයට දින තුනකට පෙරවීම විශේෂත්වයක්. මේ දිනවල පැවැත්වෙන ඕස්ට්‍රේලියා - පකිස්ථාන ටෙස්ට් තරඟාවලියේ අවසන් ටෙස්ට් තරඟයෙන් අනතුරුව තමා ටෙස්ට් තරඟ පිටියෙන් ද සමුගන්නා බවට වෝනර් මිට පෙර නිවේදනය කොට තිබිණ.

ඒ අනුව ඩේවිඩ් වෝනර් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය ජනවාරි 3 වනදා පකිස්තානයට එරෙහිව සිඩ්නිහි ආරම්භවීමට නියමිතයි.

වොනර්ගේ මේ සමුගැනීමේ තීරණයෙන් අනතුරුව ඉදිරියේදී ඔහු ඕස්ට්‍රේලියානු T 20 තරඟ වලට පමණක් ජාතික කණ්ඩායම නියෝජනය කරනු ඇත.
එක්දින පිටියෙන් ඉවත්වී ලීග් ක්‍රිකට් තරගවලට වැඩි අවස්ථාවක් ලබාදීමට තමන් අපේක්‍ෂා කරන බවද ඩේවිඩ් වෝනර් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.


Share

Published

By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service