ඔස්ට්‍රේලියාවට ලඟදි පැමිණි සංක්‍රමණික සේවකයින් දහස් ගණනක් වැඩ කරන්නේ අඩු පඩියකට. මෙන්න නවතම දත්ත

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත විශ්ලේෂණය කළ මෙම වාර්තාවට අනුව මෑතකදී පැමිණි සංක්‍රමණිකයන්ගෙන් 16% ක් දක්වා ඔස්ට්‍රේලියාවේ ජාතික අවම වැටුප වන ඩොලර් 21.38 ට වඩා අඩුවෙන් ගෙවා ඇත.

A person picking fruit.

A new report lists a number of ways worker exploitation of migrants could be "stamped out". Source: SBS

සංක්‍රමණිකයන් දස දහස් ගණනක් මෑතකදී ඔස්ට්‍රේලියාවට රැකියා සඳහා පැමිණි අතර, ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයකට අදාළ රැකියාවල අවම වැටුපටත් වඩා අඩු වැටුපක් ගෙවන බව වාර්තා වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයින්ගේ ශ්‍රමය සූරාකෑම "පුළුල්" බව Grattan ආයතනයේ නවතම වාර්තාවක් සොයාගෙන ඇත.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයින්ගේ ශ්‍රමය සූරාකෑම

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත විශ්ලේෂණය කළ මෙම වාර්තාවට අනුව මෑතකදී පැමිණි සංක්‍රමණිකයන්ගෙන් 16% ක් දක්වා ඔස්ට්‍රේලියාවේ ජාතික අවම වැටුප වන ඩොලර් 21.38 ට වඩා අඩුවෙන් ගෙවා ඇත.

එය අඩු වැටුප් ලබන ඔස්ට්‍රේලියානු සේවකයන්ගේ අනුපාතය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

ජාත්‍යන්තර සිසුන්, තාවකාලික වීසා මත සිටින පුහුණු ශ්‍රමිකයින්, seasonal workers හෙවත් සෘතුමය සේවකයින්, working holidaymakers සහ නවසීලන්ත පුරවැසියන් මෙලෙස අවම වැටුපටත් වඩා ගෙවීම් ලබන පිරිස අතර ප්‍රධාන ඛාණ්ඩ ලෙස හඳුනාගෙන තිබේ.

තාවකාලික වීසා මත සිටින 82,000 දක්වා වූ සංක්‍රමණික සේවකයින් ඒ අතර වන බව Grattan ආයතනයේ නවතම වාර්තාව පවසයි.

සැබෑ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකියි

එකතු කරන ලද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවල ග්‍රහණය කර නොගත හැකි සංක්‍රමණිකයින්ගේ ශ්‍රමය සූරාකෑමේ ආකාර පවතින බැවින් සත්‍ය සංඛ්‍යාව මීට බොහෝ සෙයින් වැඩි විය හැකි බව අදාළ වාර්තාවේ සම කර්තෘ Trent Wiltshire පැවසීය.

දැඩි ආර්ථික පරිසරය සහ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණයින්ගේ සංඛ්‍යාව යථා තත්ත්වයට පත්වීම සංක්‍රමණිකයන් සූරාකෑමේ අවදානම ඉහළ නංවන බව ඔහු පැවසීය.
පොලී අනුපාත ඉහළ යාමත් සමඟ ආර්ථික මන්දගාමිත්වයක් අපේක්ෂා කරන අතර ඉදිරි වසර තුළ ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

එම තත්ත්වය බොහෝ ශ්‍රමිකයින්ට ද පීඩනයක් එල්ල කරනු ඇති බව්ටැහැ අඩු වැටුප් ගෙවීම්, ශ්‍රමය සූරාකෑම් යළිත් ඉහළ යාමට පටන් ගැනීම දක්නට ලැබිය හැකි බවත් Trent Wiltshire පැවසීය.

ඔස්ට්‍රේලියාවේ වීසා ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම, සංක්‍රමණික සේවකයින් ආරක්ෂා කිරීම සඳහා බලධාරීන් විසින් නීතිමය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ වැටුප් අයකර ගැනීම සඳහා වැඩි දියුණු කරන ලද යාන්ත්‍රණයන් වැනි ක්‍රියාමාර්ග මගින් සංක්‍රමණිකයන්ගේ ශ්‍රමය සූරාකෑම දුරු කරගත හැකි බව අදාළ වාර්තාව පවසයි.

සංක්‍රමණික සේවකයින්ට අඩු වැටුප් ලැබීමේ සම්භාවිතාව 40% කින් වැඩියි

පසුගිය වසර පහ තුළ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණික ශ්‍රමිකයින් එකම රැකියාවක නියැලෙන සමාන කුසලතා ඇති දිගු කාලීන පදිංචිකරුවන් හා සසඳන විට අඩු වැටුප් ලැබීමට ඇති ඉඩකඩ 40% කින් වැඩි බව මෙම පර්යේෂණයෙන් සොයාගෙන ඇත.

දිගු කාලීන පදිංචිකරුවන් අතර ඔස්ට්‍රේලියාවේ උපන් ශ්‍රමිකයන් සහ වසර 10කට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණි අයද ඇතුළත් වේ.

කර්මාන්ත වර්ගය, කුසලතාව සහ වයස යන සාධකවලට ඔබ්බෙන් පවතින සාධක රාශියක් සංක්‍රමණිකයන් සඳහා අඩු ගෙවීම් මෙහෙයවන බව ඉන් පෙනී යනවා යැයි අදාළ වාර්තාවේ සම කර්තෘ Trent Wiltshire පැවසීය.
සංක්‍රමණිකයන් සඳහා අඩු ගෙවීම් බහුලව සිදු වූ කර්මාන්ත වර්ග අතර ලැයිස්තුවේ ඉහළින්ම කෘෂිකර්මාන්තය සහ hospitality ක්ෂේත්‍ත් පහළින්ම මූල්‍ය සේවාත් ඇතුළත් විය.

වයස අවුරුදු 20 සිට 30 දක්වා වූ පිරිස වයස අවුරුදු 30 සිට 40 දක්වා වූ පිරිස මෙන් අඩු වැටුප් ලැබීමට ඇති ඉඩකඩ හය ගුණයකින් වැඩි බව Grattan ආයතනයේ මෙම පර්යේෂණයෙන් හෙළි විය.

"තාවකාලික සංක්‍රමණිකයන් ... සාමාන්‍යයෙන් තරුණ අය, සාමාන්‍යයෙන් අඩු කුසලතා ඇති, සාමාන්‍යයෙන් අඩු ගෙවීම් වලට නිරාවරණය වන කර්මාන්තවල වැඩ කරයි." යනුවෙන් අදාළ වාර්තාව පවසයි.
Chart shows a list of occupations and the prevalence of the underpayment of wages for migrant workers.
The chart shows a list of job sectors and the prevalence of the underpayment of wages for migrant workers. Source: Supplied / Grattan Institute

අධික දඩ මුදල් සහ නව බද්දක් අය කිරීමන් නව ප්‍රතිසංස්කරණ සඳහා අරමුදල්

වීසා, බලාත්මක කිරීම සහ වැටුප් ප්‍රතිසාධන යාන්ත්‍රණයන් යන ක්‍රියාමාර්ග තුනෙන් ඔබ්බට මෙම ගැටලුව විසඳීම සඳහා, නව 'Workplace Rights Authority'' ලෙස නැවත නම් කරන ලද Fair Work Ombudsman සඳහා වැඩි අරමුදල් සහ බලතල ලබා දිය හැකි බව අදාළ පර්යේෂකයන් කියා සිටියේය.

“Fair Work Ombudsman යන නම වෙනස් කිරීම මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කරනවාට වඩා නීති බලාත්මක කිරීමේ ආයතනයක් ලෙස එහි භූමිකාව වඩාත් පැහැදිලිව පිළිබිඹු කරන බවද අදාළ වාර්තාවේ සම කර්තෘ Trent Wiltshire පැවසීය.
ශ්‍රමිකයින් 100,000කට එක් පරීක්ෂකවරයෙකුට සමාන බලාත්මක කිරීමේ පරිමාණය භාර ගැනීමට Fair Work Ombudsman හට කාර්ය මණ්ඩලය හිඟ බව මෙම වාර්තාව සොයා ගෙන ඇත.

වසර 10ක උපරිම සිර දඬුවමක් සහිත ජාතික මට්ටමේ වැටුප් සොරකම් කිරීමේ වරදක් නම් කිරීම වැනි ශක්තිමත් නීතිමය රාමුවක් හරහා එම නීති බලාත්මක කිරීමේ බලතල ශක්තිමත් කළ හැකි බව එයින් යෝජනා කරයි.

එවැනි දඬුවමක් දැනටමත් ක්වීන්ස්ලන්තයේ සහ වික්ටෝරියා ප්‍රාන්තවල නීතිගත කර ඇත.


Share

Published

By Biwa Kwan, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service