ඔබත් Centrelink සේවාව අමතා බොහෝ වේලාවක් දුරකතනයේ රැඳී සිටියාද? පසුව ඔබව විසංධි කොට දැමුවාද?

සහය අවශ්‍ය ඔස්ට්‍රේලියානුවන් කිහිප දෙනෙක් ඔවුන්ගේ ඇමතුම් ලබා නොගන්නා Centerlink හි ස්වයංක්‍රීය දුරකථන පණිවිඩ පද්ධතිය පිළිබඳව ඔවුන්ගේ කනස්සල්ල පළ කොට තිබේ.

Photo of Centrelink branch and a woman on the phone

Several Australians have expressed their frustration with Centrelink after its phone lines automatically hang up on callers.

Key Points
  • Centrelink හි ස්වයංක්‍රීය දුරකථන පද්ධතිය ස්වයංක්‍රීයව විසන්ධි වූ පසු සේවා ලබා ගැනීමට Centrelink සේවාව අමතන බොහෝ දෙනෙකුට අවශ්‍ය සහාය ලබා ගැනීමට නොහැකි වේ.
  • ඇතැම් පුද්ගලයන්ට ආබාධිතභාවය හේතුවෙන් උපකාර සඳහා ප්‍රාදේශීය ශාඛාවකට ප්‍රවේශ වීමට නොහැකි වන අතර අනෙක් පුද්ගලයින් ප්‍රාදේශීය ශාඛා මගින් ආපසු හරවා යවනු ලැබේ.
  • Services Australia වෙත ලැබෙන දුරකථන ඇමතුම් වැඩිවීමක් ඔවුන් විසින් අත්විඳිමින් සිටින අතර ඔවුන්ගේ දුරකථන මාර්ග මගින් ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට දිගටම උත්සාහ කරන ලෙස Services Australia ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඔබ අප වෙත ළඟා වීමට උත්සාහ කළ බව අපි දනිමු," රොබෝවරයෙක් පවසයි.

"කෙසේ වෙතත්, අපි මේ මොහොතේ ඉහළ ඇමතුම් පරිමාවක් අත්විඳින බැවින් ඔබගේ ඇමතුම ලබා ගැනීමට අපට හැකියාවක් නැත. සිදු වූ අපහසුතාවයට අපි සමාව අයදිමු.

"ඇමතුමට ස්තුතියි. ඔබට සුබ දවසක්."

එවිට, දුරකථන විසන්ධි විය.

24 හැවිරිදි Emma-Lee Capone නම් කාන්තාව, Centerlink හි පාරිභෝගික සේවා නිලධාරියෙකු සමඟ කතා කිරීමට දැරූ උත්සාහයකදී 15 වතාවක් පමණ ඇය අසා ඇති Centerlink හි ස්වයංක්‍රීය පණිවිඩය මෙයයි.
මුලින් සදහන් කළාට වඩා ඉක්මනින් ඇගේ අන්‍යෝන්‍ය බැඳීම් නිදහස් කිරීම කල් ඉකුත් වීමට නියමිතව ඇතැයි Emma-Lee ට Centerlink වෙතින් ලැබුණු ලිපියක සඳහන් විය.

ඒ මන්දැයි Centrelink නිලධාරියෙකුගෙන් විමසීමට ඇය විසින් දින දෙකක්, වාර කිහිපයක් උත්සාහ කරන ලද අතර මිනිත්තු 40ක් දුරකථනයේ ‍රැදී සිටීමට සිදුව තිබේ.

එම ලිපිය ලැබුණු විට ඇය තැති ගෙන හඬා ඇති අතර ආතතියට පත් ව තිබේ.

ඉන්පසු, ලිපියේ දැක්වෙන ආකාරයට ඇයට සිදුවෙමින් පවතින දේ පැහැදිලි කර ගැනීමට Centrelink ආයතනය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීමෙන් ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වයන් උග්‍ර වූ බව ඇය පවසයි.

Emma-Lee දැඩි නිදන්ගත වේදනාවක් මෙන්ම ඔටිසම් සහ ADHD සමඟ ජීවත් වන බැවින් මේ පිළිබඳ විමසීමට තම ප්‍රාදේශීය ශාඛාව වෙත ගමන් කිරීම ඇයට සරල කාර්යයක් නොවන බව ඇය පැවසුවාය.

ඇය පමණක් නොව Centerlink හි දුරකථන ඇමතීමට උත්සාහ කර අවසානයේ දුරකථනය විසන්ධි වීම අත්විදි ඔස්ට්‍රේලියානුවන් විශාල සංඛ්‍යාවක් ඒ සම්බන්ධයෙන් තම කෝපය ප්‍රකාශ කර තිබේ.

Centrelink හි දුරකථන ප්‍රහේලිකාව

යම් පුද්ගලයෙක් Centrelink අමතන විට, මුලින්ම ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ Centerlink යොමු අංකය කියවන ලෙසත්, ඔවුන්ගේ ඇමතුමේ අරමුණ වචන කිහිපයකින් පැහැදිලි කරන ලෙසත්ය.

නොපැහැදිලි පැහැදිලි කිරීමක් සපයන ඇමතුම්කරුවන් සඳහා, ඔවුන්ගේ විමසීම් පිළිබඳ අමතර තොරතුරු ලබා ගැනීම සඳහා සබැඳි ද්වාරය වන myGov වෙත ප්‍රවේශ වීම පිළිබඳ සාමාන්‍ය ස්වයංක්‍රීය පණිවිඩයකින් පසුව එම ඇමතුම විසන්ධි වන බව ඔවුන් SBS ප්‍රවෘත්ති සේවය වෙත පවසා ඇත.

"මගේ මූලික ගැටළු විසඳීම සඳහා මම වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම මගේ ජීවිතය පරදුවට තබමි."


ඇතැම් අවස්ථාවල දී ඔවුන්ව දුරකථන ක්‍රියාකරුවෙකු වෙත යොමු කරන බවත් දුරකථන පෝලිම අවහිර වී ඇත්නම්, නැවතත් සමාව ඉල්ලා දුරකථනය ස්වයංක්‍රීයව විසන්ධි වන බව Centerlink ඇමතුම් ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් SBS ප්‍රවෘත්ති සේවය වෙත පැවසීය.

යම් පුද්ගලයෙක් එම දුරකථන අංකයෙන් නැවත ඇමතුවහොත්, Centrelink හි බුද්ධි පද්ධතිය ඔවුන් නැවත නැවත අමතන්නෙකු ලෙස හඳුනාගෙන, ඔවුන් නැවත සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් පිළිගෙන නැවත වරක් එම ඇමතුම විසන්ධි කරනු ලබයි.

JobSeeker සහනාධාර ලබන්නෙකු වන Leigh නම් පුද්ගලයාට පසුගිය බදාදා දුරකථනයෙන් Centrelink නිලධාරියෙකු සමඟ කතා කිරීමට හැකි වුවත් ඉන් ඵලක් නොවීය.
A man wearing glasses
Leigh, a 39-year-old JobSeeker recipient, said he had no choice but to travel to his local Centrelink branch to receive assistance. Source: Supplied
එම නිලධාරියාගේ එකම විසඳුම වූයේ ඔහුගේ Centerlink ප්‍රාදේශීය ශාඛාවට යාමයි. නමුත් බව ප්‍රතිශක්තිකරණය අඩු කෙනෙකුට එය අවදානම් සහිත ගමනක් වන බව Leigh පැවසුවේය.


Centerlink ශාඛාවට ගියවිට, ඔවුන් හමු වීමට වේලාවක් වෙන් කර ගැනීමට අවශ්‍ය වන බව Leigh ට දන්වා ඇති අතර ඒ සඳහා ශාඛාවේ දුරකථන භාවිතා කර නැවත Centerlink වෙත දුරකථනයෙන් අමතන ලෙසට Leigh ට දැනුම් දී තිබේ.



Centerlink ආයතනය දැන් දුරකථනයේ පෝලිමේ සිටීම ප්‍රතික්ෂේප කරන නිසා මූලික ගැටළුවක් විසඳීමට ඔහුගේ ජීවිතය පරදුවට තැබීමට සිදුවී තිබේ.



මෙම සිදුවීම වාර්තා වීමත් සමඟ , Services Australia ආයතනය විසින් Emma-Lee ගෙන් විධිමත් සමාවක් ඉල්ලා ඇති අතර ඇයගේ පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කරමින් සිටී.

Services Australia හි සේවාවන්ට අධික ඉල්ලුමක්


පසුගිය මාස 12 තුළ තමන් ස්වයංක්‍රීය දුරකථන විසන්ධි වීම අත්විඳ ඇති බව Centrelink සේවා ලබන්නන් කිහිප දෙනෙකු SBS ප්‍රවෘත්ති සේවය වෙත පැවසීය. මීට පෙර, දුරකථනයෙන් අමතන්නන් පෝලිම්වල තැබීම හෝ දුරකථනය කාර්යබහුල සංඥාවක් ලබා දීම හෝ සිදු කර තිබේ.

2017 දී සෙනෙට් සභාවක සිදු කළ විමර්ශනයකට අනුව එම වසරේ ජනවාරි සහ ජූලි මාස අතර Centerlink ඇමතීමට උත්සාහ කිරීමේදී මිලියන 28 ක ජනතාවකට දුරකථනය කාර්යබහුල බවට සංඥාවක් ලැබී ඇති බව අනාවරණය විය.

2020 දී, Centrelink පටිගත කළ පණිවිඩයක් යොදා ගනිමින් එම කාර්යබහුල සංඥා ඉදිරිපත් කිරීමේ පුරුද්ද අවසන් කළේය.

SBS ප්‍රවෘත්ති සේවය මගින් මේ පිළිබඳ විමසූ විට, Services Australia විසින් Centrelink හා සම්බන්ධ වීමට සාමාන්‍යයෙන් දුරකථනයේ රැදී සිටිය යුතු කාලය කොපමණ දැයි ප්‍රකාශ නොකළේය.

ඔවුම් එදිනෙදා කටයුතු කළමනාකරණය කරමින් සිටින අතර හදිසි අවස්ථා ඇතුළුව සෘතුමය උච්චතම අවස්ථාවන්ට සහ අනපේක්ෂිත ඉල්ලුම් වකට ප්‍රතිචාර දැක්වීමටද සිදු වන බැවින් මෙම රැදී සිටීමේ කාලය දින, සති සහ මාස ලෙස වෙනස් විය හැකිය යනුවෙන් Centerlink මාධ්‍ය ප්‍රකාශකයෙක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එම මාධ්‍ය ප්‍රකාශකයා විසින් Centrelink "මේ මොහොතේ ඇමතුම්වල වැඩිවීමක් අත්විඳිමින් සිටින" නමුත් අවදානමට ලක්වන පුද්ගලයින්ට "ප්‍රමුඛත්වය දී ඇති බව පවසා ඇති අතර centerlink වෙත දුරකථන පණිවිඩ යැවීමෙන් තදබදය මඟ හැරිය හැකි" බවට සහතික වී තිබේ.

ජනතාවට ඔවුන් වෙත ළඟා වීමට ගැටලු ඇති බව ඇසීම ගැන ඔවුන් කණගාටු වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

2021-22 මූල්‍ය වර්ෂය තුළ Centrelink වෙත දුරකථන ඇමතුම් මිලියන 73 ක් ලැබී ඇති අතර එය පෙර වසරට වඩා මිලියන 16 ක වැඩි වීමකි.

ඔවුන් සමඟ කතා කිරීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට නැවත උත්සාහ කරන ලෙස ඔවුන් දිරිමත් කරන බවත් ඔවුන්ගේ කාර්ය මණ්ඩලය සියලු ඇමතුම්වලට පිළිතුරු දීමට වෙහෙසෙන බවත් ඔහු සඳහන් කළේය.

පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි කාර්ය මණ්ඩලය අඛණ්ඩව සේවයේ යොදවන බවත්, ඔවුන්ගේ තාවකාලික රැකියා ලේඛන සඳහා ලියාපදිංචි වීමට ජනතාව දිරිමත් කර ඇති බවත් Services Australia ආයතනය පවසයි.

ඔවුන්ගේ කාර්ය මණ්ඩලය සැමවිටම සේවා මධ්‍යස්ථානවලට පැමිණෙන පුද්ගලයින්ට සහාය දක්වන බවත් කාර්ය මණ්ඩලයට නිශ්චිත ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකි නම්, ඔවුන්ට දුරකථන ඇමතුම් හෝ විශේෂඥ කාර්ය මණ්ඩලය සමඟ හමුවීම් වෙන්කරවා ගත හැකි අතර, වැඩිදුර සහාය සඳහා වෙනත් සංවිධාන වෙත යොමු කළ හැකි බවත් Service Australia හි ප්‍රකාශකයා පැවසීය.
මෙම කාල සීමාව තුළ සෘතුමය උච්චතම අවස්ථාවන් සම්බන්ධ ගැටළු Centrelink ආයතනය විසින් අත්විඳින අතර බොහෝ දෙමාපියන් නැවත රැකියාවට පැමිණෙන බැවින් ළමා රැකවරණය සඳහා සහාය ද ජනතාවට අවශ්‍ය බව ප්‍රකාශකයා පැවසීය.

Services Australia විසින් Centerlink සේවාව අමතන ජනතාවගේ අත්දැකීම් වඩා යහපත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් උදාහරණයක් ලෙස ජනතාව Centerlink ඇමතීමට හේතු විශ්ලේෂණය කිරීමට එම දුරකථන දත්ත භාවිතා කරමින් එම ගැටළු ආමන්ත්‍රණය කරමින් සිටී.

Share

Published

By Rayane Tamer
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service