ඔස්ට්‍රේලියාවේ First Home Guarantee වැඩසටහනට ජූලි 1 සිට වෙනසක්, නිවසක් ගන්න අලුතින් සුදුසුකම්ලත් පාර්ශව මෙන්න

ඔස්ට්‍රේලියානු පුරවැසියන් මෙන්ම ඔස්ට්‍රලියාවේ ස්ථිර පදිංචිකරුවන්ද මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබන බව මධ්‍යම රජය නිවේදනය කරයි.

A house with a for sale sign outside it.

Buying or renting a home has become unaffordable for many Australians. Source: AAP / Dan Himbrechts

එළඹෙන ජූලි 1 වැනිදා ආරම්භ කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ First Home Guarantee වැඩසටහනේ වෙනස්කම් යටතේ අමතර ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ පළමු නිවස මිලදී ගැනීමට උපකාර ලැබෙනු ඇත.

මෙම වැඩසටහන යටතේ, ෆෙඩරල් රජය ඇපකරුවෙකු ලෙස ක්‍රියා කරන අතර එමඟින් අදාළ පුද්ගලයින්ට 5% ක් වැනි අඩු තැන්පතුවක් සහිතව නිවසක් මිලදී ගැනීමට සහ මිල අධික lender's mortgage රක්ෂණය ගෙවීමෙන් වැළකී සිටීමට ඉඩ සලසයි.

මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුරුන්ද?

First Home Guarantee වැඩසටහන මීට පෙර විවාහක හෝ එකට ජීවත්වන යුවලවලට කුඩා ප්‍රමාණයේ මුදල් තැන්පතුවක් තබා නිවසක් මිලදී ගැනීමට ඉඩ ලබා දුන්නේය.

නමුත් ජූලි 01 සිට ඊට අමතරව පුද්ගලයන් දෙදෙනෙකු එම ඛාණ්ඩයට ඇතුළත් කිරීමට නිර්ණායක පුළුල් කෙරෙනු ඇත.

ඒ අනුව මිතුරන් දෙදෙනෙකුට, දෙමාපියෙකු සහ දරුවෙකුට හෝ සහෝදර සහෝදරියන් දෙදෙනෙකුට එක්ව කුඩා ප්‍රමාණයේ මුදල් තැන්පතුවක් තබා නිවසක් මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම වැඩසටහන කාලයත් සමග වෙනස් විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නිවාස අමාත්‍ය Julie Collins පැවසුවාය.

මූල්‍ය දුෂ්කරතාවයට පත් වූවන්ට උපකාර කිරීමේ අරමුණින්, කලින් නිවසක් තිබු නමුත් පසුගිය වසර 10 තුළ තමන් සතුව නිවසක් නොතිබූ පුද්ගලයින් ද මේ සඳහා සුදුසුකම් ලබයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————
ඔස්ට්‍රේලියානු පුරවැසියන් මෙන්ම ඔස්ට්‍රලියාවේ ස්ථිර පදිංචිකරුවන්ද මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබන බව මධ්‍යම රජය නිවේදනය කරයි.

සමස්තයක් වශයෙන්, සෑම වසරකම පළමු නිවාස ගැනුම්කරුවන් සඳහා අවස්ථා 35,000 ක් ලබා ගත හැකි අතර, regional first homebuyer guarantee සඳහා 10,000 ක් සහ family home guarantee සඳහා 5,000 ක් ඇත.

First Home Guarantee සහ Family Home Guarantee නිවාස මිල සීමාවන්

First Home Guarantee and Family Home Guarantee Property Price Cap Table.JPG
Credit: Niluka Jayasundera

Regional First Home Buyer Guarantee නිවාස මිල සීමාවන්

Regional First Home Buyer Guarantee Property Price Cap Table.JPG
Credit: Niluka Jayasundera
Regional centres යනු Newcastle සහ Lake Macquarie, Illawarra, Geelong, Gold Coast සහ Sunshine Coast වේ.

Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service