Alpha, Kappa, Delta වලට අමතරව Lambda නමින් ඔස්ට්‍රේලියාවේ තවත් COVID-19 ප්‍රභේදයක් (SBS සිංහල/ වාර්තා)

Lambda COVID-19 ප්‍රභේදය පසුගිය අප්‍රේල් මාසයේදී විදෙස් රටක සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණ හෝටල් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු හට තිබූ බව වාර්තා වේ.

Why the new Covid-19 strain more dangerous than the original virus?

Source: Pixabay/ Flutie

ඔස්ට්‍රේලියාවේ මේ වන විට Alpha, Kappa සහ Delta නමැති නව COVID-19 ප්‍රභේද හඳුනාගෙන තිබේ.

ඒ අතරේ Lambda නමින් තවත් COVID-19 ප්‍රභේදයක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ බව සඳහන්.


Highlights

  • මෙම නව ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත විය හැකි අතර COVID-19 එන්නත් වලින් මර්දනය කිරීමට අපහසු විය හැකි බව ඇතැම් වාර්තා පෙන්වා දෙයි.
  • මෙය මීට පෙර හඳුන්වනු ලැබුවේ C.37 ලෙස වන අතර එය ප්‍රථම වරට සොයාගනු ලැබුවේ 2020 වසරේ දෙසැම්බර් මාසයේ පේරු රාජ්‍යයෙනි.
  • ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විට නිල වශයෙන් නම් කරන ලද COVID-19 ප්‍රභේද 11 ක් පවතී.

Lambda COVID-19 ප්‍රභේදය

මෙම නව COVID-19 ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Lambda නමින් නම් කරනු ලැබුවේ පසුගිය මාසයේදීය.

කෙසේනමුත්, එය පසුගිය අප්‍රේල් මාසයේදී විදෙස් රටක සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණ හෝටල් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු හට තිබූ බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම නව ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත විය හැකි අතර COVID-19 එන්නත් වලින් මර්දනය කිරීමට අපහසු විය හැකි බව ඇතැම් වාර්තා පෙන්වා දෙයි.
මෙය මීට පෙර හඳුන්වනු ලැබුවේ C.37 ලෙස වන අතර එය ප්‍රථම වරට සොයාගනු ලැබුවේ 2020 වසරේ දෙසැම්බර් මාසයේ පේරු රාජ්‍යයෙනි.

එතැන් පටන් මෙම Lambda COVID-19 ප්‍රභේදය රටවල් 29 කට සම්ප්‍රේෂණය වී ඇති අතර එයින් 7 ක්ම දකුණු ඇමෙරිකානු රටවල් ලෙස සඳහන්.

මේ වසරේ අප්‍රේල් සිට මැයි දක්වා කාලයේදී පේරු රාජ්‍යයේ වාර්තා වූ COVID-19 ආසදිතයින්ගෙන් 80% කටත් අධික ප්‍රමාණයකට මෙම Lambda COVID-19 ප්‍රභේදය වැළදී තිබුණි.

ඊට සමගාමීව චිලී රාජ්‍යය, ආරජන්ටිනාව සහ ඉක්වදෝරය යන රටවල ද වාර්තා වූ COVID-19 ආසදිතයින්ගෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වූයේ මෙම Lambda COVID-19 ප්‍රභේදය වැළදීමෙනි.

දකුණු ඇමෙරිකානු මහද්වීපයේ මෙම Lambda COVID-19 ප්‍රභේදය ඉතා ශීග්‍ර ලෙස සම්ප්‍රේෂණය වීම නිසාවෙන් පසුගිය ජුනි 14 වන දින මෙය අවධානයක් යොමු කළ යුතු COVID-19 ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කළේය.
3D rendering Microscopic illustration of the spreading 2019 corona virus or Covid-19 on alpha layer black Background
3D rendering Microscopic illustration of the spreading Covid-19 Source: Getty, Moment RF

මෙය වෙනත් COVID-19 ප්‍රභේදයන්ට වඩා වෙනස් වන්නේ කෙලෙසද?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විට නිල වශයෙන් නම් කරන ලද COVID-19 ප්‍රභේද 11 ක් පවතී.

මෙම සියලු COVID-19 ප්‍රභේද ඒවායේ spike ප්‍රෝටීන වල විකෘති මගින් එකිනෙකාගෙන් වෙන්කර හඳුනාගත හැකිය.

නවතම පර්යේෂණ වලට අනුව Lambda COVID-19 ප්‍රභේදයට තමාටම අද්විතීය spike ප්‍රෝටීන් විකෘති හතක් ඇත.
පහත සඳහන් COVID-19 ප්‍රභේද හතර පිළිබඳ මේ වන විට බරපතල ලෙස සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

  1. Alpha
  2. Beta
  3. Gamma
  4. Delta
පහත සඳහන් COVID-19 ප්‍රභේද හත පිළිබඳවද සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

  1. Epsilon
  2. Zeta
  3. Eta
  4. Theta
  5. Iota
  6. Kappa
  7. Lambda

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ඔස්ට්‍රේලියාව මේ පිළිබඳ වද විය යුතුද?

ඔස්ට්‍රේලියාවේ මේ වන තෙක් Lambda COVID-19 ප්‍රභේදය ආසාදනය වූ එක් පුද්ගලයකු පමණක් වාර්තා වී ඇත.

ඔහුද විදෙස් රටක සිට ඔස්ට්‍රේලියාවට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙකුය.

එනිසාම මේ පිළිබඳ අවධියෙන් සිටීම ඉතා වැදගත් බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

Source: SBS Sinhala radio


Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
Alpha, Kappa, Delta වලට අමතරව Lambda නමින් ඔස්ට්‍රේලියාවේ තවත් COVID-19 ප්‍රභේදයක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala