ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කළ හැකි ක්වීන්ස්ලන්තයේ 491 සහ 190 වීසා සඳහා නිකුත් කළ නවතම නිවේදනය මෙන්න (SBS සිංහල/ වාර්තා)

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Skilled Nominated (Permanent) වීසා හෙවත් 190 වීසා වැඩසටහන තවමත් වසා දමා ඇති අතර එය අප්‍රේල් මාසයේදී පවා විවෘත නොකරන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ව්‍යාපාර සහ නිපුණතා සංක්‍රමණ දෙපාර්තමේන්තුව දන්වයි.

The latest updated of Australian Visa Processing time

Source: Getty Images

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Skilled Work Regional (Provisional) වීසා හෙවත් 491 වීසා වැඩසටහන යළි විවෘත කර තිබේ.

අප්‍රේල් 19 විවෘත කළ මෙම 491 වීසා වැඩසටහන 2021 අප්‍රේල් 25 වන දින නැවතත් වසා දමන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ව්‍යාපාර සහ නිපුණතා සංක්‍රමණ දෙපාර්තමේන්තුව පවසයි.


Highlights

  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වසා දැමුණු 491 වීසා වැඩසටහන අප්‍රේල් 19  සිට 25 දක්වා යළි විවෘත කර තිබේ.
  • 2020/21 මුල්‍ය වර්ෂය සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 190 වීසා වැඩසටහන යළි විවෘත නොකෙරෙනු ඇත.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දැනට රැකියා කරමින් සිටින අයදුම්කරුවන්ට පමණක් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් කළ හැකිවේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 491 වීසා වැඩසටහන

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 491 වීසා වැඩසටහන මාර්තු මාසයේ සිට වසා දැමුණු අතර යළි අප්‍රේල් 19 දින විවෘත කෙරිණි.

නමුත් එම විවෘත කිරීම සතියක පමණ කෙටි කාල සීමාවකට වලංගු වී තිබේ.

ඒ අනුව අප්‍රේල් 19 දිනෙන් යළි විවෘත කෙරුණු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 491 වීසා වැඩසටහන 2021 අප්‍රේල් 25 වන දින නැවතත් වසා දැමෙනු ඇත.

එමෙන්ම ඔබ 2021 පෙබරවාරි 1 - 7 අතර කාලය තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 491 වීසා සඳහා EOI එකක් යොමු කර ඇතිනම් නව EOI එකක් යොමු කිරීම අනවශ්‍ය බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ව්‍යාපාර සහ නිපුණතා සංක්‍රමණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එක් අයදුම්කරුවෙකු EOI කිහිපයක් යොමු නොකරන ලෙසට ඔවුන් ඉල්ලා සිටියි.

මේ අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 491-SBO (Small Business Owners) Pathway ද දැන් විවෘත බව සඳහන්.
 Australian passport- Getty Images/alicat
Source: Getty Images/alicat

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 190 වීසා වැඩසටහන

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Skilled Nominated (Permanent) වීසා හෙවත් 190 වීසා වැඩසටහන තවමත් වසා දමා ඇති අතර එය අප්‍රේල් මාසයේදී පවා විවෘත නොකරන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ව්‍යාපාර සහ නිපුණතා සංක්‍රමණ දෙපාර්තමේන්තුව දන්වයි.

ඒ අනුව 2020/21 මුල්‍ය වර්ෂය සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 190 වීසා වැඩසටහන යළි විවෘත නොකෙරෙනු ඇත.

කෙසේවෙතත්, 190 වීසා සඳහා නව කෝටාවන් ලැබුණු පසුව 2021/22 නව මුල්‍ය වර්ෂය සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 190 වීසා වැඩසටහන යළි විවෘත කෙරෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ව්‍යාපාර සහ නිපුණතා සංක්‍රමණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර 2021 පෙබරවාරි 1 - 7 අතර කාලය තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 190 වීසා සඳහා යොමු කළ EOI නොකඩවා සැලකිල්ලට ගන්නා බවද ඔවුන් දන්වා තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් කිරීම

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දැනට රැකියා කරමින් සිටින අයදුම්කරුවන්ට පමණක් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් කළ හැකිවේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් කිරීමේදී කොරෝනා වසංගතයෙන් යළි ගොඩ ඒමේ අරමුණු ඇතිව ක්‍රියාත්මක වන පහත සඳහන් රැකියා ක්ෂේත්‍ර කෙරෙහි ඉහළ ප්‍රමුඛතාවක් දක්වයි.

  • Air Ambulance
  • Critical Medical
  • Medical Technology,
  • Engineering
  • Critical Infrastructure
  • Supply Chain
  • Telecommunications
  • Film & Television Production
  • Maritime Industry
  • Agricultural Technology
  • Food Technology
  • Mining
  • Emerging Technology
  • Financial Technology
  • Large Scale Manufacturing
ඉහත ක්ෂේත්‍ර වලට අමතරව තෝරාගත් hospitality ක්ෂේත්‍රයේ රැකියා කිහිපයක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 491 වීසා සඳහා සුදුසුකම් ලබා තිබේ.

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service