ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් දහස් ගණනකට ස්ථිර පදිංචියට ඉඩ. බෝට්ටුවෙන් ආවා නම් වීසා නැහැ (SBS සිංහල/වාර්තා)

තාවකාලික වීසා බලපත්‍ර ඇති පුද්ගලයින් 19,000කට සඳුදා සිට ස්ථිර වීසා සඳහා අයදුම් කිරීමට අවසර ලබා දෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කර තිබේ.

Immigration Minister Andrew Giles

Immigration Minister Andrew Giles said it made “no sense” to keep people who worked and paid taxes “in limbo”. Source: AAP / Lukas Coch

Key Points
  • ඔස්ට්‍රේලියාවේ සිය වීසා තත්වය මත අවිනිශ්චිතව ජීවත් වන සරණාගතයින් දහස් ගණනකට සඳුදා සිට ස්ථිර වීසා සඳහා අයදුම් කිරීමට අවසර ලැබේ.
  • මෙය පුද්ගලයන් 19,000 කට පමණ අදාළ වේ.
  • සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් පැවසුවේ රැකියා වල නිරත වූ සහ රටට බදු ගෙවූ පුද්ගලයින් මෙවන් අවිනිශ්චිතභාවයක තබා ගැනීම පදනම් විරහිත බවයි.
කම්කරු පක්ෂය සිය ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට ගත් තීරණයත් සමඟ ඔස්ට්‍රේලියාවේ සිය වීසා තත්ත්වය පිළිබඳ ව අවිනිශ්චිතව ජීවත් වන දහස් ගණන් සරණාගතයින්ට රට තුළ ස්ථිරව රැඳී සිටීමට අයදුම් කිරීම සඳහා අවසර හිමි වනු ඇත.

සඳුදා සිට, තාවකාලික ආරක්ෂණ වීසා (TPVs) හෝ Safe heaven enterprise වීසා (SHEVs) ලාභී පුද්ගලයින් 19,000 කට පමණ ස්ථිර වීසා සඳහා අයදුම් කිරීමට අවසර හිමි වේ. ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දිගු කලක් බලා සිටි මෙම නිවේදනය ඉරිදා රාත්‍රියේ සිදු කොට තිබේ.

රැකියා වල නිරත වූ සහ රටට බදු ගෙවූ පුද්ගලයින් මෙවන් අවිනිශ්චිතභාවයක තබා ගැනීම පදනම් විරහිත බව සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් පවසයි.
තාවකාලික ආරක්ෂණ වීසා හෝ Safe heaven enterprise වීසා ලාභී පුද්ගලයින්TPV සහ SHEV රැකියා වල නිරත වන අතර රටට බදු ගෙවනු ලබයි. එමෙන්ම ඔවුන් ව්‍යාපාර ආරම්භ කර ඔස්ට්‍රේලියානුවන්ට රැකියා අවස්ථා ලබා දෙන අතර සහ බොහෝ විට ග්‍රාමීය සහ ප්‍රාදේශීය ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානු ප්‍රජාවන්ගේ ජීවිත ගොඩ නැගීමට දායක වේ.

නමුත් ස්ථිර වීසා නොමැතිව, ඔවුන්ට නිවසක් මිලදී ගැනීමට, ඔවුන්ගේ ව්‍යාපාර ගොඩ නැගීමට හෝ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට ණයක් ලබා ගැනීමට නොහැකි වී තිබේ.
මෙම වෙනස අදාළ වන්නේ 2013 වසර අගභාගයේදී ස්වෛරී දේශසීමා මෙහෙයුම ආරම්භ කිරීමට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණි හෝ 2023 පෙබරවාරි 14 ට පෙර TPV හෝ SHEV මත සිටින හෝ දැනටමත් අයදුම් කර ඇති සරණාගතයින්ට පමණි.

දැනටමත් ස්ථිර වීසා බලපත්‍රයක් ලබා දී ඇති පුද්ගලයින්ට සමාජ ආරක්ෂණ ගෙවීම් සඳහා අයදුම් කිරීමට, ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්‍රමය වෙත ප්‍රවේශ වීමට සහ උසස් අධ්‍යාපනය සඳහා වන ආධාර ලබා ගැනීමට අවසර හිමි වේ. ඔවුන්ට ඔස්ට්‍රේලියානු පුරවැසියන් වීමටත්, පවුලේ සාමාජිකයන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අනුග්‍රහය දැක්වීමටත් අවසර ලැබේ.

තාවකාලික වීසා අවලංගු කර ඇති හෝ ප්‍රතික්ෂේප වී ඇති පුද්ගලයන් 2,500කට පමණ මෙම ස්ථිර පදිංචි වීසා සඳහා අයදුම් කිරීමට අවසර හිමි නොවේ.

ස්වේච්ඡාවෙන් ඔස්ට්‍රේලියාවෙන් පිටව යන ලෙස ඔවුන්ගෙන් ඔස්ට්‍රේලියානු රජය ඉල්ලා සිටී.

Cyber Security Minister Clare O'Neil
Home Affairs Minister Clare O'Neil said the Albanese government remained committed to Operation Sovereign Borders Source: AAP / Mick Tsikas
ස්වෛරී දේශසීමා මෙහෙයුමට ඔස්ට්‍රේලියානු රජය කැපවී සිටින බවත් බෝට්ටුවකින් පැමිණෙන ඕනෑම අයෙකු ආපසු හරවා යැවීම ඔස්ට්‍රේලියානු රජය විසින් දිගින් දිගටම කටයුතු කරනු ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil පවසයි.

"ඔබ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළහොත් ඔබව ආපසු හරවා යැවීම හෝ ඔබ පැමිණි රට වෙත ආපසු භාර දීම සිදු කෙරෙනු ඇත.
ස්වෛරී දේශසීමා මෙහෙයුම යටතේ මෙසේ පැමිණෙන පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ පදිංචි වීමට කිසිදු අවස්ථාවක් හිමි නොවේ” යනුවෙන් ඇය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

පවුලේ සාමාජිකයන් ඔස්ට්‍රේලියාවට රැගෙන ඒම සඳහා බෝට්ටුවකින් ඔස්ට්‍රේලියාවට පැමිණි ස්ථිර වීසා මත සිටින සරණාගතයින් වෙත කම්කරු පක්ෂයේ මෙම තීරණයෙන් පසුව නවතම නිවේදනය නිකුත් කර තිබේ.

Refugee Action Coalition (RAC) විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් රජය සිදු කළ නිවේදනය පිළිගත් නමුත්, "තවත් බොහෝ දේ" කළ යුතු බව කියා සිටි අතර, ප්‍රතිපත්ති වල ඇති "ප්‍රතිවිරුද්ධතා" වෙනුවෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද රජයෙන් ඉල්ලා සිටී.

වීසා ප්‍රතික්ෂේප කරන ලද සරණාගතයින්, Nauru සහ පැපුවා නිව් ගිනියා (PNG) වෙතින් මෙරටට පැමිණි සරණාගතයින් යනාදී දහස් ගණනක් සරණාගතයින් මෙම ක්‍රියාවලියේදී අතහැර දැමීම පදනම් විරහිත බව RAC හි ප්‍රකාශක Ian Rintoul පවසයි.
ස්ථිර වීසා ලබා දීමට කම්කරු පක්ෂය විසින් මෙම කොටස් වශයෙන් සිදු කරන ක්‍රියාවලිය නිසා TPVs මත සිටින ඇතැම් සරණාගතයින් දුක්ඛිත තත්වයට පත් කරනු ලැබේ.

ඔවුන්ට ස්ථිර වීසා බලපත්‍රයක් ලැබෙන විට ඔවුන්ගේ සහකරුවන්ට සහ විදෙස් හි සිටින අනෙකුත් පවුලේ සාමාජිකයින්ට ස්ථිර පදිංචිය ලැබෙනු ඇතැයි සැලකේ.

මෙම වීසා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලින් සිය සංවිධානයට ‍යම් සහනයක් ඇති වුවද, ඇතැම් සරණාගතයින් එම වැඩපිළිවෙලෙන් ඉවත කර ඇති අයුරු දැකීමෙන් ඔවුන් කලකිරීමට පත්වන බව Amnesty International Australia සංවිධානයේ ප්‍රචාරකවරයෙක් ලෙස කටයුතු කරන Zaki Haidari පවසයි.

මෙම නිවේදනය අදාළ වන 19,000 කට වැඩි සරණාගතයින් සඳහා වසර ගණනාවකට පසු ලැබුණු මෙම අවස්ථාව පිළිබඳව මානව හිමිකම් සංවිධානයක් ලෙස ඔවුන් ඉතාමත් සතුටට පත් වන අතරම ස්ථිර වීසා සඳහා අවස්ථාව නොලැබුණු සරණාගතයින් පිළිබඳව කණගාටුවට පත් වන බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

මෙම නව ප්‍රතිසංස්කරණය යම් ආකාරයක ජයග්‍රහණයක් වුවද, 12,000ක් පමණ සරණාගතයින් තවමත් ස්ථිර වීසා මාවතක් බලාපොරොත්තුවෙන් සිටින බව සරණාගත සම්පත් මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

රජය විසින් සිදු කළ මෙම නිවේදනයේ වැදගත්කම අවතක්සේරු කළ නොහැකි වන බවත් වසර 10 ක් පුරා බලා සිටි සරණාගතයින් සියලු දෙනාටම හිමි විය යුතු ස්ථීර වීසා ලැබීම ගැන ඔවුන් සතුටු කඳුළු හෙලන පවත් සරණාගත සම්පත් මධ්‍යස්ථානය උපදේශක අධ්‍යක්ෂ Jana Favero පැවසීය.

Share

Published

By Rashida Yosufzai, Athini Amarasiri
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service