ඕස්ට්‍රේලියාවේ "නොමිලේ" දෙන TAFE පාඨමාලා වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඔබට උපදෙස් (SBS සිංහල / වාර්තා)

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය හා ප්‍රාන්ත රජයන්ගේ ඒකාබද්ධ ප්‍රයත්නයක් වශයෙන් 2023 වසරේදී නොමිලේ TAFE පාඨමාලා 180,000 ක් ලබාදීමට නියමිතව තිබේ. මේ පිළිබඳව SBS සිංහල ගුවන් විදුලිය මෙල්බර්න් හි සුදුසුකම් ලත් අධ්‍යාපන උපදේශකවරයකු වන නිපුණ නිලක්ෂ සමගින් සිදු කල සාකච්චාවක් ඇසුරින් මෙමෙ ලිපිය සැකසේ.

The Sydney Institute of TAFE campus in Sydney on Monday, Sept. 17, 2012. (AAP Image/April Fonti) NO ARCHIVING

The Sydney Institute of TAFE campus in Sydney Source: AAP / AAP, April Fonti

Key Points
  • ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් නොමිලේ ලබාදෙන TAFE පාඨමාලා ලබාදෙන ප්‍රමුඛ අධ්‍යාපන ක්ෂේස්ත්‍ර
  • මෙම නොමිලයේ ලබාදෙන TAFE පාඨමාලා සඳහා ප්‍රවේශ වීමට ප්‍රමුඛත්වය ලැබෙන්නේ කාටද?
  • අලුතින් ශ්‍රම බලකායට එක්වීමට බලාපොරොත්තු වන සහ සිය රැකියාවේ වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන පිරිසට උපදෙස්

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් නොමිලේ ලබාදෙන TAFE පාඨමාලා ලබාදෙන ප්‍රමුඛ අධ්‍යාපන ක්ෂේස්ත්‍ර

නොමිලයේ TAFE පාඨමාලා ලබාදීම ක්ෂේස්ත්‍ර රැසක් ඇතුලත් වන අතර, මේ සඳහා සුරැකුම් ක්ෂේස්ත්‍රය, සත්කාරක ක්ෂේස්ත්‍රය, කළමනාකරණ ක්ෂේස්ත්‍රය, ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය, තොරතුරු තාක්ෂණ ක්ෂේස්ත්‍රය සහ එහි අනු අංශ, කෘෂිකාර්මික ක්ෂේස්ත්‍රය සහ එහි අනු අංශ ඇතුලත් වේ.

මෙම නොමිලයේ ලබාදෙන TAFE පාඨමාලා සඳහා ප්‍රවේශ වීමට ප්‍රමුඛත්වය ලැබෙන්නේ කාටද?

මේ සාකච්චාව සඳහා එක් වූ සුදුසුකම් ලත් අධ්‍යාපන නියෝජිත උපදේශකවරයකු වන නිපුණ නිලක්ෂ සඳහන් කොට සිටියේ පහත කණ්ඩායම් සඳහා මෙහි ප්‍රමුඛත්වය හිමි වන බවයි

  • ස්වදේශික පිරිස
  • රැකියා වෙළඳපලට පිවිසීමට නියමිත අවුරුදු 17ත් 27ත් අතර පිරිස
  • ආර්ථික අභියෝග සඳහා මුහුණ දුන් කාන්තාවන්
  • සුරැකුම් ක්ෂේස්ත්‍රයේ වැටුප් නොලබන ස්වේච්චා සේවකයින්
  • ඉදිකිරීම් ක්ෂේස්ත්රයේ (Certificate II ) සම්පූර්ණ කල කාන්තාවන්
  • ඉලෙක්ට්‍රොනික ක්ෂේස්ත්රයේ (Certificate II ) සම්පූර්ණ කල කාන්තාවන්
  • විශේෂ අවශ්‍යතා තිබෙන පිරිස
  • විවිධ සංස්කෘතිකමය සහ භාෂාමය පසුබිම්වලින් පැමිණෙන පිරිස

අලුතින් ශ්‍රම බලකායට එක්වීමට බලාපොරොත්තු වන සහ සිය රැකියාවේ වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන පිරිසට උපදෙස්

අධ්‍යාපන උපදේශකවරයකු වන නිපුණ සඳහන් කොට සිටියේ ඔස්ට්‍රේලියාව තුල බොහෝ පිරිසක් තමන් සතුව යම් ක්ෂේස්ත්‍රයක නිපුණතා සහ කුසලතා පැවතුනත් වෙනත් ක්ෂේස්ත්‍රයක රැකියාව සිදු කරන බවයි. මෙය යම් විටෙක අකමැත්තෙන් පවා සිදු කරන අවස්ථා තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.
NN.jpg
Nipuna Nilaksha , Qualified Education Agent Counsellor from Melbourne Credit: SBS Sinhala

මෙහිදී විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව තුල කාන්තා පාර්ශවය, සිය කුසලතා වලින් බැහැර වෙනත් ක්ෂේස්ත්‍රයක රැකියාවේ නිරත වන බව ඔහු පවසයි.

ඉදිරි කාලසීමාව තුල පහත සඳහා රැකියා සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් නිපුණ පෙන්වා දෙයි.

  • මුල් ළමා විය පිලිබඳ ගුරුවරුන්
  • මුල් ළමා විය පිලිබඳ අධ්‍යාපනඥයින්
  • සූපවේදීන්
  • හෝටල් කළමණාකාරවරුන්
  • ආපන ශාලා කළමණාකාරවරුන්
  • ළමා සුරැකුම් නිලධාරීන්
  • වැඩිහිටි සුරැකුම් නිලධාරීන්
  • ලියාපදිංචි හෙදියන්
  • රසායනාගාර පරීක්ෂකවරුන්
  • සයිබර් ආරක්ෂාව පිලිබඳ විශ්ලේෂකයින්
  • සයිබර් ආරක්ෂාව පිලිබඳ විශේෂඥයින්

මෙම නොමිලයේ ලබාදීමට නියමිත TAFE පාඨමාලා සම්බන්ධයෙන් නිපුණ තවදුරටත් සඳහන් කොට සිටියේ, යමකු ඔස්ට්‍රේලියාව තුල යම් ක්ෂේස්ත්‍රයක අධාපනය හදාරා යම් කාලයක් ගතවී ඇත්නම්, එම ගත වූ කාලය (Gap) පිරවීම සඳහා මෙවැනි පාඨමාලාවක් හැදෑරිය හැකි බවයි.

කෙසේ නමුත් මෙහිදී තමන් අධ්‍යාපනය සිදුකල ක්ෂේස්ත්‍රයේ පාඨමාලාවක් හැදෑරීම සිදු කල යුතු බවත්, අවශ්‍යනම් සුදුසුකම් ලත් වුර්තිය පුහුණු උපදේශකයකුගේ සහාය ලබාගැනීම සිදු කලයුතු බවත් ඔහු පෙන්වා දෙයි.
Technical and Further Education system NSW Sydney Institute
Technical and Further Education system NSW Sydney Institute Source: AAP

එමෙන්ම යමකු මේ වනවිටත් රැකියාවක නිරත වන්නේ නම් සහ ඔවුනට මෙවැනි පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍ය නම් online මාර්ගයෙන් මෙය සිදු කල හැකි බවත් නිපුණ පවසයි.

මෙම පාඨමාලා නම්‍යශීලි වන අතර online ඔස්සේ සහ සති අන්තයේ පවා ක්‍රියාත්මක වේ.

කෙසේ නමුත් නිපුණ අවධාරණය කොට සිටින්නේ මෙවැනි පාඨමාලා නොමිලයේ එක්වරක් පමණක් ලබාදීම සිදු වන අතර, තම රැකියා ක්ෂේස්ත්‍රයේ ඉදිරියට යාම සඳහා සුදුසුම පාඨමාලාවක් තෝරාගැනීමට අනිවාර්යයෙන්ම වගබලාගැනීම වැදගත් වන බවයි.

Share

Published

Updated

By Nipuna Dodangoda, Athini Amarasiri
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවේ "නොමිලේ" දෙන TAFE පාඨමාලා වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඔබට උපදෙස් (SBS සිංහල / වාර්තා) | SBS Sinhala