2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඉවත් වෙයි (SBS සිංහල/ වාර්තා)

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වික්ටෝරියා ප්‍රාන්තයේ පැවැත්වීමට මින් පෙර සැලසුම් කර තිබුණද එම සැලසුම අවලංගු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

Two swimmers jump into the pool at Commonwealth Games as two match officials stand in the back.

Victoria state Premier Daniel Andrews said his government has withdrawn as host of the 2026 Commonwealth Games because of a massive increase in the projected cost of staging the multi-sports event. Source: AP / Mark Baker

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වික්ටෝරියා ප්‍රාන්තයේ පැවැත්වීමේ සැලසුම අවලංගු කළ බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

අද (ජූලි 18) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.



2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඉවත් වෙයි

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වික්ටෝරියා ප්‍රාන්තයේ පැවැත්වීමට මින් පෙර සැලසුම් කර තිබුණද එම සැලසුම අවලංගු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල පැවැත්වීමට සැලසුම් කර තිබුණු අතර ඒ සඳහා Geelong, Bendigo, Ballarat සහ Gippsland කලාප තෝරාගෙන තිබුණි.
මේ ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ඩොලර් බිලියන 2.6 ක් පමණ වැය වනු ඇතැයි මීට පෙර පුරෝකථනය කර තිබුණි.

නමුත් මේ වන විට එයට වැයවන පිරිවැය ඩොලර් බිලියන 6-7 ත් අතර දක්වා ඉහළ ගොස් ඇති බවත් එය දින 12 ක ක්‍රීඩා උත්සවයකට පමණට වඩා ඉහළ පිරිවැයක් බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

වැය කරන මුදල්වලට පවත්වන ක්‍රීඩා උළෙලෙන් වටිනාකමක් නියෝජනය නොකරන බවත් සියල්ල වියදම් බවත් කිසිදු ප්‍රතිලාභයක් වික්ටෝරියා ප්‍රාන්තයට අත්නොවන බවත් ඔහු පැවසීය.

ඩොලර් බිලියන 7 ක් වුවද මෙම ක්‍රීඩා උළෙල සඳහා සුදුසු සහ ප්‍රමාණවත් ලෙස අරමුදල් සැපයීමට වික්ටෝරියා ප්‍රාන්ත රජයට විශ්වාසයක් ඇති බවට තමන්ට මෙහිදී පැවසීමට නොහැකි බවත් එම පිරිවැය ඊටත් වඩා වැඩි විය හැකි බවට තමන් සිතන බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
A graph showing the costs of hosting the Commonwealth Games.
Credit: SBS News

විකල්ප සියල්ලම වියදම් අධිකයි

මුල්‍ය දුෂ්කරතා හේතුවෙන් 2022 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දකණු අප්‍රිකාවේ Durban නුවර පැවැත්වීම අහෝසි කිරීමත් සමග 2026 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට කලින් සැලසුම් කර තිබූ Birmingham නුවර 2022 වසරේ ක්‍රීඩා උළෙල පැවැත්වීමට ඉදිරිපත් විය.

ඉන් පසුව 2026 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වයට තරග වැදුණු වික්ටෝරියා ප්‍රාන්තය එම අවස්ථාව හිමි කරගත්තේය.

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙල්බර්න් වෙත ගෙනයාම, ක්‍රීඩා ඉසව් අඩුවෙන් පැවැත්වීම සහ ප්‍රාදේශීය කලාපවල ක්‍රීඩා කේන්ද්‍රස්ථාන අඩු කිරීම යන සියලු විකල්ප වික්ටෝරියා ප්‍රාන්ත රජය සලකා බැලූ නමුත්, ඒ සියල්ල මිල අධික බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

ඒ වෙනුවට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප සඳහා නිවාස, ක්‍රීඩා, යටිතල පහසුකම් සහ සංචාරක ව්‍යාපාරය ඉලක්ක කර ඩොලර් බිලියන 2 කට අධික අරමුදල් පැකේජයක් ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රකාශයට පත් කළේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————

නව social සහ affordable නිවාස නිවාස 1,300ක් ඉදිකිරීම ඇතුළුව නිවාස සඳහා ඩොලර් බිලියනයක් පමණ වෙන් කරන බව ඔහු පැවසීය.

"පසුගිය වසර සඳහා ඇස්තමේන්තු කර අයවැයේ වියදම මෙන් තුන් ගුණයක් වන උත්සවයක් සඳහා අරමුදල් සැපයීම සඳහා මම රෝහල් සහ පාසල්වලට වෙන්කර ඇති මුදල් නොගන්නෙමි," යනුවෙන් ද ඔහු පැවසීය.

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමේ තීරණය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා බලධාරීන්ට දන්වා තිබූ අතර වැඩිදුර රැස්වීම් ලන්ඩනයේදී පැවැත්වීමට නියමිතය.

දැනටමත් මේ සඳහා කොපමණ මුදලක් වියදම් කර ඇත්ද යන්න හෝ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට කොපමණ මුදලක් වැය වේද යන්න පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා ප්‍රකාශ නොකළ බවද සඳහන්.


Share

Published

By Madeleine Wedesweiler, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service