මෙල්බර්න් Holiday Inn හෝටලයේ කොරෝනා පොකුර 8 දක්වා ඉහළට, වයිරසය පැතිරුණේ වෛද්‍ය උපකරණයකින් බවට සැකයක් (SBS සිංහල)

වික්ටෝරියා ප්‍රාන්තයේ Holiday Inn හෝටලයේ නිරෝධායන වැඩසටහන හරහා බිහිවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8 ක් දක්වා වර්ධනය වී තිබේ.

Victorian Premier Daniel Andrews

Victorian Premier Daniel Andrews Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ Holiday Inn හෝටලයේ නිරෝධායන වැඩසටහනේ තවත් සේවකයකු සහ එම හෝටලයේ නතරවී සිටි අමුත්තෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ සමග Holiday Inn හෝටලයේ නිරෝධායන වැඩසටහන හා බැඳුනු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8 ක් දක්වා වර්ධනය වී තිබේ.

අදාළ අමුත්තා පසුගිය ඉරිදා හෝටලයෙන් පිටවගොස් ඇති බවත් ඊට පෙර වයිරසය ආසාදනය වූ අමුත්තා පිටව ගියේද එදිනම බවත් වාර්තා වේ.

ඒ අනුව හෝටල් නිරෝධායන වැඩසටහන හා සම්බන්ධ සේවකයින් තිදෙනෙකු, හෝටලයේ නැවතී සිට පිටව ගිය අමුත්තන් දෙදෙනකු සහ හෝටලයේ කෙටි කාලයක් සිට පිටව ගිය පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ලෙස මෙම ආසාදිතයින් 8 දෙනා නම් කර තිබේ.


 

Highlights

  • Holiday Inn හෝටලයේ නිරෝධායන වැඩසටහන හා බැඳුනු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළට.
  • අද (10/02) මධ්‍යම රාත්‍රියේ පටන් Greater Melbourne වැසියන්ට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පිවිසීම තහනම් කෙරෙන ලකුණු.
  • Holiday Inn කොරෝනා පොකුර නිර්මාණය වූයේ කාමරයක තිබූ  nebuliser යකින් බව සැක කෙරේ.

Greater Melbourne වැසියන්ට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පිවිසීම අවහිර කරන ලකුණු

අද (10/02) මධ්‍යම රාත්‍රියේ පටන් Greater Melbourne වැසියන්ට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පිවිසීම තහනම් කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබේ.

කෙසේනමුත් මේ වන විටත් ඒ සම්බන්ධ අවසන් තීන්දුවක් ගෙන නොමැත.

Greater Melbourne කලාපයේ සංචාරය කළ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත වැසියන් නැවත තම ප්‍රාන්තයට පැමිණීමට හෝ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පදිංචිය වෙනස් කරමින් යන පුද්ගලයින්ට හෝ අනෙකුත් අවසර ලත් සංචාරකයින්ට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පිවිසීමට අවසර ඇති නමුත් දින 14 ක් නිරෝධායනය විය යුතු බව පැවසේ.
Victorian Chief Health Officer Brett Sutton addresses the media on 9 February, 2021.
Victorian Sağlık Müsteşarı Officer Brett Sutton aşı olabileceklerin hemen randevu almasını istedi. Source: AAP

වයිරසය බෝවූයේ වෛද්‍ය උපකරණයක් නිසාදෝ සැකයක්

ඉහත සඳහන් කළ පවුල විසූ කාමරයක තිබූ වෛද්‍ය උපකරණයක් මෙම කොරෝනා පොකුරට වගකිව යුතු බව බලධාරීහු විශ්වාස කරති.

එම උපකරණය nebuliser යක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Brett Sutton විශ්වාස කරයි.

nebuliser යක් යනු ඖෂධ හෝ දියර සිහින් දුමකට වාෂ්ප කරන උපකරණයකි.

අඟහරුවාදා (09/02) දැඩි සත්කාර සඳහා ගෙන ගිය Holiday Inn හෝටලයේ අමුත්තෙකු විසින් මෙම nebuliser ය භාවිතා කර ඇත.

මෙම කොරෝනා පොකුර නිසා Holiday Inn හෝටලය වසා දැමීමට සිදුවී ඇත.

ඒ සමග ලබන සතියේදී විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔස්ට්‍රේලියනුවන් මෙල්බර්න් නුවරට බාරගන්නා කෝටාව 1,120 සිට 1,310 දක්වා  වැඩි කිරීමට තීරණය කර ඇති නමුත් එය ක්‍රියාත්මක නොවන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

එලෙස දැඩි සත්කාර සඳහා ගෙන ගිය අමුත්තා ට සහ සෙසු පවුලේ සාමාජිකයින් දෙදෙනාට කොරෝනා වයිරසය වැළදී ඇත්තේ විදෙස් රටකදී බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව හෝටලයේ එම මහලේ සිටින සෑම කෙනෙකුම මෙම වයිරසයට ගොදුරු විය හැකි බව මහාචාර්ය Sutton පැවසීය.

මේ වන විට හෝටලයේ සේවය කරන සේවකයින් 220 ක් හුදකලා කර තිබෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews  පැවසීය.

එමෙන්ම වයිරසය ආසාදනය වූ සේවකයන් ගේ සහ අමුත්ත්තන් ගේ ආශ්‍රිතයින් හට මේ වන විට කොරෝනා පරීක්ෂාවන් සිදුකරගන්නා ලෙසත් ප්‍රතිඵල පැමිණෙන තෙක් හුදකලා වන ලෙස දැනුම් දී ඇත.

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service