We are missing them: බටහිර ඕස්ට්‍රේලියාවේ වැසියෝ තම ප්‍රාන්ත දේශසීමා විවෘත කරන ලෙසට ඉල්ලති

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තම ප්‍රාන්ත දේශ සීමා තවදුරටත් වසාගෙන සිටීම සම්බන්දව ප්‍රාන්තයේ සංක්‍රමණික ප්‍රජාවගේ අදහස් ඉහත වීඩියෝවෙන් නරඹන්න....

ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත රාජ්‍යයන් ජාත්‍යන්තර සංචරණ සඳහා තම ප්‍රාන්තයේ දේශසීමා විවෘත කොට තිබේ. ඒ නිසා බොහෝ සංක්‍රමණිකයන්ගේ දෙමාපියන් හට ඉක්මනින්ම ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවකාශ සැලසී තිබේ. නමුත් බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන් පවසන්නේ තම ප්‍රාන්ත රජය තවමත් ප්‍රාන්ත දේශ සීමා වසා තබාගනිමින් දැඩි ප්‍රාන්ත දේශසීමා නීති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් තම පවුලේ සාමාජිකයින් සමඟ කාලය ගත කිරීමට ඇති අවස්ථාව අවහිර කොට ඇති බවයි.
මිට පෙර ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අගමැති ස්කොට් මොරිසන් පවසා සිටියේ එක් එක් ප්‍රාන්ත රාජ්‍යයන් තම ප්‍රාන්තය තුල කොවිඩ් එන්නත් ද්විත්ව මාත්‍රා ඉලක්කය 80% සම්පුර්ණ කල පසු එම ප්‍රාන්ත වල රජයයන් හට තම දේශ සීමා, අන්තර්ජාතික සංචරණ සඳහා විවෘත කිරීමේ අයිතිය ලබාදෙන බවයි.
මේ අනුව බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අගමැති Mark McGowan පවසා සිටියේ තම ප්‍රාන්තයේ අවශ්‍ය එන්නත්කරන ඉලක්කය තවමත් සපුරා නොමැති හෙයින් ප්‍රාන්ත දේශ සීමා විවෘත කල නොහැකි බවයි.

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතරින් අවම කොවිඩ් ආසාදන සහ අවම lockdown කිරීමේ අවස්ථා වාර්තා වනුයේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙනි

(මේ සම්බන්ද බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංක්‍රමණික ප්‍රජාවගේ අදහස් ඉහත වීඩියෝවෙන් නරඹන්න)


 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට
www.facebook.com/sbssinhala

  • SBS සිංහල වෙබ් අඩවියෙන්
www.sbs.com.au/sinhala 

  • SBS Radio APP එකෙන් (Free from APP Store/ Google Play)
 


 


Share

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya, SBS News
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service