Exclusive

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023 සිට නොමිලේ ලැබෙන පෙර පාසල් වැඩසටහන ගැන ඔබ දැනගත යුතු දේ (SBS සිංහල/වාර්තා)

වික්ටෝරියානු ප්‍රාන්තය පුරා ළදරු පාසල් වැඩසටහන් ව්‍යාප්ත කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඩොලර් බිලියන 9ක් වෙන් කර තිබේ.සෑම වසරකම ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පවුල් වලට එක් දරුවෙකුට ඩොලර් 2,500ක් දක්වා ඉතිරියක් ද 26,600ක් පමණ කාන්තාවන් ද ඇතුළුව වික්ටෝරියානුවන් 28,000කට වැඩි පිරිසකට නැවත රැකියාවට පැමිණීමද මෙයින් අපේක්ෂා කෙරේ.

Pre-schoolers learning in their classroom.

Pre-schoolers learning in their classroom. Source: Getty / Getty Images/FatCamera

Key Points
  • 2023 වසරේ සිට, සෑම වසරකම එක් දරුවෙකුට ඩොලර් 2,500ක් ඉතිරි වන පරිදි ස්වාධීන පෙර පාසල් සැසි වාර වලට හෝ ළමා සුරැකුම් මධ්‍යස්ථාන වල පෙර පාසල් වැඩසටහනට සහභාගී වන වයස අවුරුදු තුන සහ හතර වයස්වල ළමුන් සඳහා නොමිලේ පෙර පාසල් සේවාව ලබා ගත හැකි වේ.
  • ඉදිරි දශකය තුළ, වයස අවුරුදු හතරේ ළදරු පාසල 'Pre prep' එනම් පාසලේ බාලාංශ පන්තියට පෙර පාසල යනුවෙන් හදුන්වනු ලැබෙන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ සෑම සිව් හැවිරිදි දරුවෙකු සඳහාම ක්‍රීඩා මත පදනම් වූ සතියකට පැය 30 ක ඉගෙනීමේ වැඩසටහනක් දක්වා එය වෙනස් වනු ඇත.
  • වික්ටෝරියානු ප්‍රාන්ත රජය සතු ජනතාවට දැරිය හැකි මිලකට සේවා සපයන ළමා සුරැකුම් මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කෙරේ. මෙම මධ්‍යස්ථාන ඉදිකරනු ලබන්නේ පෙර පාසල් සදහා ඉල්ලුම සපුරා නොමැති ප්‍රදේශ වල වන බැවින් එම ප්‍රදේශ වල පවුල් වලට ළමා රැකවරණය සඳහා ප්‍රවේශ වීමට එමගින් පහසු වනු ඇත. එම පළමු මධ්‍යස්ථාන 2025 දී විවෘත වේ.

2023 සිට පෙර පාසල් වැඩසටහන නොමිලේ

Free Kinder වික්ටෝරියානු ප්‍රාන්තයේ දරුවෙකුටම ඔවුන් කොතැනක ජීවත් වුවත් ජීවිතයේ හොඳම ආරම්භය ලබා ගැනීමට සහාය වේ.

සියළුම දරුවන් තම අධ්‍යාපනික ගමනේ තීරණාත්මක අංගයක් ලෙස පාසලට යාමට පෙර වසර දෙකක පෙර පාසල් වැඩසටහන් වලට සහභාගී වීම දැඩි ලෙස දිරිමත් කරනු ලැබේ.

වික්ටෝරියානු රජය සෑම දරුවෙකුටම අවුරුදු තුනේ පෙර පාසල් වැඩසටහන සතියකට පැය 15ක් ලබා දීම සඳහා ඉදිරි වසර 10 තුළ ඩොලර් බිලියන 5ක් ආයෝජනය කරයි.

2023 වසරේ සිට, ස්වාධීන පෙර පාසල් සැසි වාර වලට හෝ ළමා සුරැකුම් මධ්‍යස්ථාන වල පෙර පාසල් වැඩසටහනට සහභාගී වන වයස අවුරුදු තුන සහ හතර වයස්වල ළමුන් සඳහා නොමිලේ පෙර පාසල් සේවාව ලබා ගත හැකි වේ.

  • අවුරුදු තුනේ ළමයින් සඳහා, ළදරු පාසල් වැඩසටහන සතියකට පැය 5 සිට 15 දක්වාත්
  • අවුරුදු හතරේ ළමයින් සඳහා, සතියකට පැය 15 (වසරකට පැය 600)
නොමිලේ ලබා දීම මෙයින් අදහස් වේ.

නොමිලේ පෙර පාසල් වැඩසටහන ලබා දීමෙන්,

  • සෑම වසරකම එක් දරුවෙකුට ඩොලර් 2,500ක් දක්වා ඉතිරියක් වේ.
  • 26,600ක් පමණ කාන්තාවන් ද ඇතුළුව වික්ටෝරියානුවන් 28,000කට වැඩි පිරිසකට නැවත රැකියාවට පැමිණිය හැකි වේ.
පෙර පාසල් වැඩසටහන් සඳහා වික්ටෝරියානු රජයෙන් සෘජුවම අරමුදල් ලැබෙනු ඇත.
එබැවින් ඔබට ඒ සදහා ඔබේ පසුම්බියෙන් මුදල් ගෙවීමක් සිදු කර පසුව රජයෙන් එම මුදල් පියවා ගැනීමක් අවශ්‍ය නොවේ.

ඔබේ දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක ළදරු පාසල් වැඩසටහනකට සහභාගී වන්නේ නම්, ඔබට ගෙවීමට සිදු වන මුළු මුදලින් $2,000 ක් මෙම පෙර පාසල් සහනාධාර මගින් හිලව් වේ.

අවුරුදු තුනේ සහ හතරේ පෙර පාසල් වැඩසටහන් ආරම්භ කිරීමට සහාය

වයස

ජනවාරි සහ අප්‍රේල් අතර උපන් දරුවන් සිටින පවුල්වලට එම දරුවන් සදහා අවුරුදු තුනේ පෙර පාසල ආරම්භ කරන්නේ කුමන වසරේද යන්න තෝරා ගත හැකිය.

මෙම දරුවන්ට වයස අවුරුදු තුන සපිරෙන එම වසරේම අවුරුදු තුනේ පෙර පාසල් වැඩසටහන ආරම්භ කිරීම හෝ වයස අවුරුදු හතරක් සපිරෙන වසරේදී එය ආරම්භ කිරීම සිදු කළ හැක.

කාර්ය මණ්ඩල අවශ්‍යතා හේතුවෙන්, සමහර පෙර පාසල් සේවාවන් දරුවන්ගෙන් ඔවුන්ගේ තුන්වන උපන්දිනයෙන් පසුව පමණක් පෙර පාසලට පැමිණෙන ලෙස ඉල්ලා සිටිය හැක.

ඇතැම් දරුවන්ට ඔවුන්ගේ ළදරු පාසල් වැඩසටහනේ පළමු පෙර පාසල් වාරයේ කොටසකට සහභාගී විය නොහැකි වීම මින් අදහස් කෙරේ.

ඔබේ දරුවාට දෙසැම්බර් අගදී (පාසල් වර්ෂයේ අවසාන දිනය සහ දෙසැම්බර් 31 අතර) වයස අවුරුදු හයක් සම්පූර්ණ වන්නේ නම්, ඔවුන්ට එම වසරේම අවුරුදු හතරක් වයසැති ළදරු පාසලට ගොස් ඊළඟ වසරේ පාසලට ද පැමිණිය හැකි වේ.

ඔබේ දරුවාට පෙර පාසල් වැඩසටහන පටන් ගත යුතු කාලය තීරණය කිරීමට ඔබට සහය අවශ්‍ය නම් ඔබේ ප්‍රදේශයෙන් ඇති පෙර පාසල් සේවා සමග සම්බන්ධ විය හැක.

වැඩි විස්තර සඳහා 3yo.kindergarten@education.vic.gov.au වෙත පිවිසෙන්න.

Kinder Tick
Kinder Tick
Kinder tick Credit: Victorian government
Kinder Tick යනු වික්ටෝරියානු පවුල්වලට ඔවුන්ගේ දරුවන් සඳහා අරමුදල් සහිත පෙර පාසල් වැඩසටහනක් සොයා ගැනීමට උපකාර කරන වික්ටෝරියානු ප්‍රාන්ත රජය පිරිනමන ලාංඡනයකි.ළදරු පාසල් සේවාවක් තෝරාගැනීමේදී Kinder Tick සලකුණු ඇත්දැයි බලන්න.

කින්ඩර් ටික් ලාංඡනය ඔබේ ප්‍රාදේශීය ළමා සුරැකුම් සේවාවේ හෝ පෙර පාසල් වැඩසටහන් සේවාවේ, හෝ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලේ , භූමියේ, ඔවුන්ගේ වෙබ් අඩවියේ හෝ ඔවුන්ගේ තොරතුරු පත්‍රිකා වල ඇත් දැයි විමසිලිමත් වන්න.

Kinder tick ඇත්නම් එම පෙර පාසල් සේවාව,
  • සුදුසුකම් ලත් ගුරුවරයෙක් විසින් මෙහෙයවන බව
  • ක්‍රීඩා මත පදනම් වූ ඉගෙනුම් ක්‍රියාවලියකින් යුතු බව
  • අරමුදල් හිමි වන වික්ටෝරියානු ප්‍රාන්ත රජයෙන් අනුමත කළ සේවාවක් වන බව
  • රජයේ මාර්ගෝපදේශයන්ට අනුව සහ ජාතික ගුණාත්මක රාමුවට (National Quality Framwork) අනුකූල බව
ඔබට තහවුරු කර ගත හැකිය.

ඔබේ පවුලට ගැලපෙන පෙර පාසලක් සොයා ගැනීම

ක්‍රීඩා මත පදනම් වූ ඉගෙනුම් සමඟ නොමිලේ සහ රජයේ අනුමත පෙර පාසල් වැඩසටහන් සපයන සේවාවන් සොයා ගැනීමට, Find a Kinder වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔවුන්ගේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය ගැන ඔබේ ප්‍රාදේශීය පෙර පාසල සේවා හෝ ළමා සුරැකුම් මධ්‍යස්ථාන සමඟ කතා කරන්න.

මධ්‍යම ලියාපදිංචි කිරීමේ පද්ධතියක් ඔබේ ප්‍රදේශයේ ක්‍රියාත්මක විය හැක. වැඩි විස්තර සඳහා, ඔබේ ප්‍රාදේශීය කවුන්සිලය අමතන්න.

වයස අවුරුදු තුනේ පෙර පාසල් වැඩසටහන් 2023 සිට සෑම සතියකම පැය 5 සහ 15ක් අතර ක්‍රියාත්මක වේ
අවුරුදු තුනේ පෙර පාසල් වැඩසටහන් පැවැත්වෙන කාලය විවිධ වන බැවින් ඔබට ගැලපෙන වැඩසටහන තෝරා ගත හැකිය.

සමහර සේවාවන් වල කෙටි සැසි වාර ඇති අතර එය පාසලේ වැඩිහිටි දරුවන් සිටින පවුල්වලට ගැලපේ. වැඩි පැය ගණනක් සහිත සැසි වාර වෙනත් පවුල් සඳහා වඩා හොඳින් ගැළපිය හැක.

ස්වාධීන පෙර පාසල් සේවා සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඇතුළුව විවිධ සැකසුම් තුළද මෙම පෙර පාසල් වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ළමා සුරැකුම් මධ්‍යස්ථානයක පෙර පාසල් වැඩසටහනක් සහ ස්වාධීන සැසි වාර සහිත පෙර පාසලක් අතර වෙනස කුමක්ද?

දරුවන්ට ළමා සුරැකුම් මධ්‍යස්ථානයක හෝ ස්වාධීන පෙර පාසලක ඇති අවුරුදු තුනේ පෙර පාසල් වැඩසටහනකට සහභාගි විය හැකිය.
මෙම සේවාවන් හිදී වයස අවුරුදු හතරේ පෙර පාසල් වැඩසටහන්ද පිරිනැමිය හැකිය.
3YO Kinder Campaign infographics 11.2.jpg
Long day care services Credit: Victorian government

ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ද,ී

  • ගුරුවරයා විසින් මෙහෙයවනු ලබන පෙර පාසල් වැඩසටහනේ පැය ගණනට අමතරව දරුවාට අධ්‍යාපනය සහ රැකවරණය සැපයීමක් සිදුවේ.


    ස්වාධීන පෙර පාසල් සේවාවකද,ී
  • පෙර පාසල් වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ ඇතැම් දිනවල සහ නිශ්චිත වේලාවන්හිදී පමණි. මෙම දින සහ පැය සකසනු ලබන්නේ එම පෙර පාසල් සේවය විසිනි.
    3YO Kinder Campaign infographics_11.1.jpg
    Standalone kindergardens Credit: Victorian government
ඔබේ දරුවා මින් කුමන වර්ගයේ පෙර පාසල් වැඩසටහනකට කොතැනක සහභාගි වුවත් පුහුණු
ගුරුවරුන් සහ පුහුණු අධ්‍යාපනඥයින් විසින් එම වැඩසටහන මෙහෙයවනු ඇත.

2025 සිට අවුරුදු හතරේ පෙර පාසල් වැඩසටහන Pre-prep ලෙස වෙනස් වේ.

අවුරුදු හතරේ පෙර පාසල් වැඩසටහන 2025 වසරේ සිට අදියර වශයෙන් Pre-prep ලෙස වෙනස් වීමට නියමිතයි.

අවුරුදු හතරේ පෙර පාසල් වැඩසටහන ඉදිරි දශකය තුළ ක්‍රමානුකූලව Pre-prep ලෙස වෙනස් වන විට,

එම වසර තුළ දරුවන්ට උසස් තත්ත්වයේ අධ්‍යාපනයක නිරත වීමට සතියකට පැය 30ක් දක්වාක් කාලයක් ලැබෙනු ඇත.

2032 වසර වන විට, වික්ටෝරියානු ප්‍රාන්තය පුරා සිටින සෑම දරුවෙක්ටම පැය 30ක පාසල සදහා පූර්ව සූදානම් වැඩසටහනක් ( Pre-prep වැඩසටහන ) සඳහා ප්‍රවේශය ලැබෙනු ඇත.

වඩාත්ම අවදානමට ලක්විය හැකි සහ වඩාත්ම අවාසිදායක තත්ව ඇති දරුවන්ට මෙන්ම ආදිවාසී ප්‍රජාවන්ගේ දරුවන්ට ඔවුන් කොතැනක ජීවත් වුවත්, මෙම පෙර පාසල් වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් සහතික කරමින්, Pre-Prep වැඩසටහන ද වික්ටෝරියා ප්‍රාන්තය පුරා අදියර වශයෙන් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

Share

Published

By Athini Amarasiri
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service