කොරෝනා වසංගතය අතරේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර කළ යුතු දේ (SBS සිංහල/ වාර්තා)

ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර, ඔබ ඔස්ට්‍රේලියානු සංචාරක ප්‍රකාශය සම්පූර්ණ කළ යුතුය.

At the airport

Source: Getty Images

කොරෝනා වසංගතය හේතුවෙන් 2020 වසරේ මාර්තු මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා තිබේ.

නමුත් අවසර ලත් පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකියාව ඇත.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

අවසර ලත් පුද්ගලයින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර සිදුකළ යුතු දේ පිළිබඳ ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.


Highlights

  • ඔස්ට්‍රේලියාව බලා ඔබේ ගුවන් යානය පිටත්වීමට පැය 72 කට පෙර PCR පරීක්ෂණයක්සි දුකරගත යුතු අතර එහි ප්‍රතිඵලය ඍණාත්මක විය යුතුය.
  • ඔස්ට්‍රේලියාවේ travel restrictions හෙවත් සංචාරක සීමාවන්ගෙන් නිදහස් කිරීමක් (exemption) ලබාගෙන තිබිය යුතුය.
  • ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් ගොඩබට ගුවන් තොටුපොළෙන් හෝ වරායෙන් හෝ නම් කරන ලද ස්ථානයක දින 14 ක් නිරෝධායනය විය යුතුය.

ඔස්ට්‍රේලියානු සංචාරක ප්‍රකාශය

ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර, ඔබ ඔස්ට්‍රේලියානු සංචාරක ප්‍රකාශය සම්පූර්ණ කළ යුතුය.

ගුවන් ගුවන් සේවා කාර්ය මණ්ඩලය, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින්, හමුදා ගුවන් යානාවල ගමන් කරන පුද්ගලයින් සහ සාගරය හරහා පැමිණෙන මගීන් සහ එම නෞකාවල සේවකයින් හැර ඔස්ට්‍රේලියාවට පැමිණෙන සෙසු සියලුම දෙනා මෙම ඔස්ට්‍රේලියානු සංචාරක ප්‍රකාශය සම්පූර්ණ කළ යුතු බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
Melbourne Airport
Source: AAP

පිටත්වීමට පෙර COVID-19 පරීක්ෂණයක්

ඔස්ට්‍රේලියාව බලා ඔබේ ගුවන් යානය පිටත්වීමට පැය 72 කට පෙර ඔබ COVID-19 පරීක්ෂණයක් (PCR පරීක්ෂණයක්) සිදුකරගත යුතු අතර එහි ප්‍රතිඵලය ඍණාත්මක විය යුතුය.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන හෝ ඔස්ට්‍රේලියාව හරහා ගමන් කරන පුද්ගලයින් දෙපාර්ශවයම මෙම පරීක්ෂණය සිදුකරගත යුතුවේ.
ඔබ නවසීලන්තයේ සිට නිරෝධායනය රහිත ගුවන් යානයකින් ඔස්ට්‍රේලියාවට පැමිණෙයි නම් මෙය අවශ්‍ය නොවේ.

සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් වලදී මෙන්ම ගුවන් තොටුපොළ වලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

ඔස්ට්‍රේලියාව බලා පිටත්වීමට පෙර සිදුකරගත යුතු COVID-19 පරීක්ෂණය සම්බන්ධයෙන් යම් සහන ඇති අතර ඒ පිළිබඳ වැඩි විස්තර ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


අමතර අවශ්‍යතා

ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී ඔබ පහත සඳහන් අවශ්‍යතා සපුරාලිය යුතුය.

  • ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවශ්‍ය වලංගු වීසා බලපත්‍රයක් තිබිය යුතුය.
  • ඔස්ට්‍රේලියාවේ travel restrictions හෙවත් සංචාරක සීමාවන්ගෙන් නිදහස් කිරීමක් (exemption) ලබාගෙන තිබිය යුතුය.
  • ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වලට ඇතුළුවීමට අවසර ලබා තිබිය යුතුය.
මෙම ලේඛන වලින් ඇතැම් ඒවා පිටත්වන ගුවන් තොටුපොළේදී ඔබ check-in වන විටදී සහ ඔස්ට්‍රේලියාවට පැමිණි පසු ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළේදී ඉදිරිපත් කළ යුතුය.
කොරෝනා වසංගතය අතරේ ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා travel restrictions හෙවත් සංචාරක සීමාවන්ගෙන් නිදහස් කිරීමක් (exemption) ලබාගත හැකි පිරිස් පිළිබඳ ලිපියක් නුදුරේදීම බලාපොරොත්තුවන්න.
Passengers at Sydney Airport prepare to travel to New Zealand earlier this year.
Source: AAP

නිරෝධායනය වීම

නවසීලන්තයේ සිට නිරෝධායනය රහිත ගුවන් යානයකින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් හැර ඔස්ට්‍රේලියානු පුරවැසියන් ද ඇතුළුව සියලුම පුද්ගලයින් ඔස්ට්‍රේලියාවට පැමිණි පසු නිරෝධායනය විය යුතු අතර එහිදී පහත දේ පිළිබද අවධානය යොමු කළ යුතුය.

  • ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් ගොඩබට ගුවන් තොටුපොළෙන් හෝ වරායෙන් නම් කරන ලද ස්ථානයක දින 14 ක් නිරෝධායනය විය යුතුය.
  • අදාළ සියලු ප්‍රකාශ සහ ආකෘති සම්පූර්ණ කළ යුතු වීම
  • යම් පුද්ගලයෙකු COVID-19 වයිරසයට ධනාත්මක වී ඇත්නම් එම පුද්ගලයාගේ ආශ්‍රිතයින් සොයා යාමට සහය වීම
  • ඔබේ නිරෝධායනයේ ගාස්තුව ඔබට ගෙවීමට සිදුවිය හැකිය.

ඔස්ට්‍රේලියාවට යළි පැමිණෙන ඔස්ට්‍රේලියානුවන්

ඔබ ඔස්ට්‍රේලියාවට යළි පැමිණීමට වෙර දරන නමුත් තවමත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිවී ඇති ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචි ලාභියෙකු නම් ඔබට ඔබේ තොරතුරු ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ හැකිය

තොරතුරු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව ඔබට ඔස්ට්‍රේලියාවට යළි පැමිණීමට  ගුවන් ගමනක් සකසා දෙන බවට වගකීම බාර නොගන්නා නමුත් ඔවුන් ඔබගේ පුද්ගලික තත්ත්වයන් සහ රජයේ පහසුකම් සහිත වානිජ ගුවන් ගමනක් සඳහා අවශ්‍ය සුදුසුකම් තක්සේරු කරනු ඇත.

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොරෝනා වසංගතය අතරේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර කළ යුතු දේ (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala