මේ ග්‍රීෂ්ම නිවාඩුවේ ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ නොකළ යුතු දේ සහ දැනගත යුතු කරුණු මෙන්න (SBS සිංහල/ වාර්තා)

අදාළ පරිසරයන් තුළ ඇති කටුක තත්ත්වයන් සහ beach safety skills හෙවත් වෙරළ ආරක්ෂණ කුසලතා නොමැතිකම නිසා වෙරළ තීරවල ඔබේ ක්‍රියාකාරකම් මාරාන්තික විය හැකිය.

Two lifesavers on the beach walking towards a 'beach closed' sign.

The summer holiday season can be a dangerous time of year on Australian beaches. Source: AAP / Regi Varghese

ග්‍රීෂ්ම නිවාඩුව යනු ඔස්ට්‍රේලියානුවාසීන්ට සහ සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ වෙරළ තීරයට යාමට වසරේ වඩාත්ම ජනප්‍රිය කාලයයි.

අවාසනාවකට මෙන්, එය වඩාත් භයානක ගමනක් ද විය හැකිය.
අදාළ පරිසරයන් තුළ ඇති කටුක තත්ත්වයන් සහ beach safety skills හෙවත් වෙරළ ආරක්ෂණ කුසලතා නොමැතිකම නිසා වෙරළ තීරවල ඔබේ ක්‍රියාකාරකම් මාරාන්තික විය හැකිය.

නමුත් නිවැරදි පූර්වාරක්ෂක පියවර ගැනීමෙන් ඔබට මෙම අවදානම් බොහොමයක් වළක්වා ගත හැකිය.

මෙම ග්‍රීෂ්ම නිවාඩුවේ මුහුදු වෙරළේදී ඔබට කරදරයක් වුවහොත් ඔබ දැනගත යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ගෙනෙයි.

නියමිත ප්‍රදේශවලින් පිටත පිහිනන්න එපා

NSW ප්‍රාන්තයේ පමණක් ස්වේච්ඡා ජීවිතාරක්ෂකයින් සහ ජීවිතාරක්ෂකයින් විසින් බොක්සිං දිනයේ දියේ දිවි ගලවාගැනීම් 348 ක් සිදු කළ අතර, වික්ටෝරියානුවන් තිදෙනෙකු, දකුණු ඔස්ට්‍රේලියානු කාන්තාවක් සහ තායිවාන ජාතිකයෙකු නත්තල් දිගු සති අන්තයේ ඕස්ට්‍රේලියානු ජල මාර්ගවල ගිලී මිය ගියහ.

දෙසැම්බර් 27 වනදා අඟහරුවාදා පස්වරුවේ, මෙල්බර්න් නගරයට උතුරින් පිහිටි විලක පස් හැවිරිදි දැරියක් මිය ගියාය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

පසුගිය වසරේ, එනම් 2021 දෙසැම්බර් සහ 2022 පෙබරවාරි අතර කාලසීමාව NSW ප්‍රාන්තයේ ග්‍රීෂ්ම සෘතුව තුළ වැඩිම වෙරළබඩ සහ මුහුදේ ගිලී මිය යාමේ වාර්තාවට හිමිකම් කියන අතර, එම කාලයේදී මරණ 25ක් වාර්තා විය.

මුහුදු වෙරළේ ඇති ප්‍රමුඛතම අවදානම දියේ ගිලීම වන අතර නත්තල් සමය සංඛ්‍යාත්මක වශයෙන් වසරේ භයානකම කාලය බව Surf Life Saving NSW හි ප්‍රධාන විධායක නිලධාරී Steven Pearce පැවසීය.

"සංඛ්‍යාලේඛන අනුව, නත්තල් නිවාඩු කාලය තුළ මිනිසුන් දියේ ගිලී මියයාමේ සම්භාවිතාව වසරේ වෙනත් ඕනෑම අවස්ථාවකට වඩා 2.7% කින් වැඩි බව අපි දකිනවා," ඔහු පැවසීය.


ජීවිතාරක්ෂකයින් විසින් මුර සංචාරය නොකරන ස්ථානවල හෝ රතු සහ කහ කොඩි පිහිටුවා නොමැති හෝ රාජකාරියේ ජීවිතාරක්ෂකයින් නොමැති ඕනෑම ස්ථානයක පිහිනීම නිසා දියේ ගිලීම් ඇතිවීමේ අවදානමක් තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

Surf Life Saving NSW ට අනුව, ගැඹුරු හෝ අඳුරු ජලය, බිඳෙන රළ අඩු වීම, දිය මත ලිස්සා යන කලාපයෙන් ඔබ්බට විහිදෙන වැලි පැහැති ජලය, සුන්බුන් හෝ මුහුදු පැලෑටි සහ සැලකිය යුතු ජල චලනය මගින් භයානක දිය වැල් හඳුනාගත හැකිය.

ඔබ දිය වැලකට හසු වුවහොත්, සන්සුන්ව සිටින ලෙසත්, අනෙක් අයගේ අවධානය ආකර්ෂණය කර ගැනීම සඳහා ඔබේ දෑත් ඔසවන ලෙසත්, සහ ජීවිතාරක්ෂකයින් ඔබව ගලවා ගන්නා තෙක් බලා සිටින ලෙසත් උපදෙස් දෙයි.

ඔබට වෙරළට සමාන්තරව පිහිනීමට හැකි නම්, ඔබට දිය වැලෙන් ගැලවිය හැකිය, නැතහොත් ඔබ එය සමඟ පාවී ගියහොත්, එය ඔබව නොගැඹුරු වැලි ඉවුරකට ගෙන යා හැකිය.
විසකුරු මුහුදු සතුන්

ජලය සහ වැලි යන පෘෂ්ඨ දෙකෙහිම සිටින විසකුරු මුහුදු සතුන් ඉක්මනින් ඔබට තුවාලයක්ද සමග වේදනාකාරී අත්දැකීමක් ළඟා කළ හැකිය.

ඔබගේ ස්ථානය අනුව, ඔබ ජෙලිෆිෂ්, bluebottles, බූවල්ලා හෝ මුහුදු ඉකිරියන් සමඟ ගැටීමට ඔබට හැකි වනු ඇත.

වැලි මත මෙම ජීවීන්ගෙන් කිසිවක් ඔබ දුටුවහොත්, ඔවුන් මිය ගොස් හෝ හානිකර නොවන බව උපකල්පනය නොකරන්න, ඒවා ස්පර්ශ කිරීමෙන් අවදානමක් නොගන්නා ලෙස බලධාරීහු උපදෙස් දෙති.

එවැනි සතෙකු ඔබට දෂ්ට කළහොත්, ඉතිරිව ඇති ඔවුන්ගේ දළ ඉවත් කර cold packs හෝ අයිස් ආලේප කිරීම වැදගත් වන අතර, ජීවිතාරක්ෂකයෙකුගෙන් උපකාර පැතීම වැදගත් වේ.

Surf Life Saving Australia වලට අනුව, දෂ්ට කිරීම මත වැලි අතුල්ලමින්, සමට සිසිල් බීම වත් කිරීම හෝ ඒ මත මුත්‍රා කිරීම වැනි පිළියම් සාමාන්‍යයෙන් ප්‍රයෝජනවත් නොවේ.


A bluebottle on the beach.
Bluebottles are common on Australian beaches, with stings causing pain and sores, rash or redness on the skin. Source: Twitter / Twitter/@QldAmbulance

හිරු එළියෙන් ආරක්ෂා වීම

ඔස්ට්‍රේලියානු වෙරළ තීරයේ ඇති එකම අනතුරුදායක දෙය ජලය නොවේ, හිරු එළියට නිරාවරණය වීම පිළිබදවද සැලකිලිමත් විය යුතු වේ.

පිළිකා කවුන්සිලයට අනුව, පාරිසරික සාධක සහ සමාජ ආකල්පවල එකතුවක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව ලොව ඉහළම සමේ පිළිකා අනුපාතයක් අහි රටවලින් එකකි.

බොහෝ අව්වට පිළිස්සීම් ඇති, ලප කැළැල් වර්ධනය වීමට ඉඩ ඇති, හිරු එළියේ වැඩි කාලයක් ගත කරන, පැහැපත් සමක් ඇති හෝ සමේ පිළිකා සහ මෙලනෝමා පිළිබඳ පවුල් ඉතිහාසයක් ඇති අය අතර සමේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩිය.

ඔබ වෙරළේ හෝ වෙනත් එළිමහන් ප්‍රදේශයක කාලය ගත කරන්නේ නම්, තොප්පියක් සහ ආරක්ෂිත ඇඳුම් ඇඳීමට වග බලා ගන්න, හැකි සෑම විටම සෙවණෙහි වාඩි වී නිතිපතා sunscreen ආලේප කරන්න.

Mother applying sunscreen to a child
Source: Getty / Getty Images/Peter Cade

විජලනය වීමට ඉඩ නොදෙන්න

මෙම මස මුලදී ඔස්ට්‍රේලියාවට අත්දැකීමට ලැබුණු අසාමාන්‍ය ලෙස සිසිල් කාලගුණයෙන් පසු, මේ සතියේ රටේ බොහෝ ප්‍රදේශ තාප තරංගවලට ගොදුරු වී ඇත.

සමේ හානි මෙන්ම, උණුසුම් කාලගුණය විජලනය, sunstroke හෝ තාපය පිටවීම වැනි වෙනත් කාලගුණික ආශ්‍රිත තත්වයන් ද ඇති විය හැක.

මෙම තත්ත්වයන් හිසරදය සහ කරකැවිල්ල, සෙල්සියස් අංශක 40 ට වැඩි ශරීර උෂ්ණත්වය, ඔක්කාරය හෝ වමනය සහ මාංශ පේශි වෙහෙස ඇතුළු රෝග ලක්ෂණ ගණනාවක් ඇති කළ හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දැඩිලෙස ව්‍යායාම කිරීමෙන් වැළකීම, සෙවණෙහි සිටීම, හයිඩ්‍රේට් කිරීම සහ මධ්‍යසාර, සීනි සහ අධික කැෆේන් ගැනීමෙන් වැළකීම, heatstroke වලින් වැළකී සිටීමට හොඳම ක්‍රම වේ.

මත්පැන් පානය කර සහ වෙරළේ ක්‍රියාකාරකම්වල නොයෙදෙන්න

වෙරළ තීරයේ සහ අනෙකුත් ජල මාර්ගවල ආරක්ෂිත සිදුවීම් සම්බන්ධයෙන් ගත් කල, නත්තල් සමයේදී මත්පැන් පානය පොදු අවදානම් සාධකයක් බව Surf Life Saving NSW හි ප්‍රධාන විධායක නිලධාරී Steven Pearce පැවසීය.

"ඇතැම් විට මත්පැන් නිසා තමන්ගේ පිහිනුම් හැකියාවන් සාමාන්‍ය තත්ත්වයට වඩා ප්‍රබල බව මිනිසුන් සිතනවා. මත්පැන් ආශ්‍රිත ප්‍රශ්න නිසා මිනිසුන් කරදරයට පත්වන තැනට අපට බොහෝ ඇමතුම් ලැබෙනවා." යනුවෙන්ද ඔහු පැවසීය.


Share

Published

By Jessica Bahr, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මේ ග්‍රීෂ්ම නිවාඩුවේ ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ නොකළ යුතු දේ සහ දැනගත යුතු කරුණු මෙන්න (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala