Explainer

2023 දී ඔස්ට්‍රේලියානුවන්ට වීසා නොමැතිව ගමන් කළ හැකි ගමනාන්ත මෙන්න (SBS සිංහල/ වාර්තා)

Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා බලපත්‍රයක් නොමැතිව හෝ අදාළ රටට පැමිණි පසු වීසා බලපත්‍රයක්, සංචාරක බලපත්‍රයක් හෝ විද්‍යුත් සංචාරක අධිකාරියක් (ETA) ලබා ගත හැකි රටවල් 185 ක් ඇත.

A hand holds an Australian passport

The Australian passport is one of the world's most desirable when it comes to visa-free travel. Source: Getty / iStockphoto

ලොව රටවල විදේශ ගමන් බලපත්‍රවල බලවත්කම මනිනු ලබන ලොව ප්‍රධාන විදේශ ගමන් බලපත්‍ දර්ශකයක් වන Henley Passport දර්ශකයේ නවතම ශ්‍රේනිගත කිරීම් වලට අනුව ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට අටවන ස්ථානය හිමිව තිබේ.

නොකඩවා පස්වන වරටත් ජපාන විදේශ ගමන් බලපත්‍රය මෙම දර්ශකයේ පළමු ස්ථානයට පත්වී ඇත්තේ ජපන් ජාතිකයින්ට ලොව රටවල් 193 කට වීසා රහිතව ගමන් කිරීමට ඉඩ සලසමිනි.
ලන්ඩන් නුවර පදනම් කරගත් ආයෝජන සංක්‍රමණ උපදේශක සමාගමක් වන Henley & Partners විසින් මෙම දර්ශකය සම්පාදනය කර ඇත.

රටවල් 199ක විදේශ ගමන් බලපත්‍රවල වීසා රහිත ප්‍රවේශය ගමනාන්ත 227කට සංසන්දනය කිරීමට ඔවුන් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන අධිකාරියේ (IATA) දත්ත මේ සඳහා භාවිතා කරයි.

2023 වසරේ Henley Passport දර්ශකයට අනුව සිංගප්පූරු සහ දකුණු කොරියානු විදේශ ගමන් බලපත්‍ර ලොව දෙවැනි ප්‍රබලතම විදේශ ගමන් බලපත්‍ර බවට පත්වී තිබේ.

ජර්මනියේ සහ ස්පාඤ්ඤයේ විදේශ ගමන් බලපත්‍ර මෙම දර්ශකයේ තුන්වන ස්ථානයට පත්වී ඇත.
A list of countries with the most powerful passports
Japan topped the latest Henley Passport Index. Source: SBS

බලගතු බවින් අඩුම විදේශ ගමන් බලපත්‍ර

2023 වසරේ Henley Passport දර්ශකයේ පහළින්ම සිටින විදේශ ගමන් බලපත්‍රය ඇෆ්ගනිස්ථානයේ විදේශ ගමන් බලපත්‍රය වේ.

ඉරාකය, සිරියාව, පාකිස්තානය සහ යේමනය පිළිවෙලින් ඊට ඉහළ මට්ටමක පවතී.
A list of the least powerful passports
The Henley Passport Index ranks the Afghan passport as the least powerful. Source: SBS

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය

2023 Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකා ගුවන් විදේශ බලපත්‍රයට 100 වන ස්ථානය හිමිව ඇති අතර එමගින් වීසා නොමැතිව යා හැකි රටවල් ප්‍රමාණය 42 ක් බව දැක්වෙයි.

මීට වසර තුනකට පෙර මෙම දර්ශකයේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට හිමිවූයේ 95 වන ස්ථානය විය.

Henry Passport Power Rank
Source: Facebook

ඔස්ට්‍රේලියානුවන්ට වීසා නොමැතිව ගමන් කළ හැකි රටවල්

Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා බලපත්‍රයක් නොමැතිව හෝ අදාළ රටට පැමිණි පසු වීසා බලපත්‍රයක්, සංචාරක බලපත්‍රයක් හෝ විද්‍යුත් සංචාරක අධිකාරියක් (ETA) ලබා ගත හැකි රටවල් 185 ක් ඇත.

පෘතුගාලයේ සිට පෝලන්තය දක්වාත් එක්සත් රාජධානියේ සිට යුක්රේනය දක්වාත් යුරෝපීය රටවල් හතළිස් නවයක් වෙත ඔස්ට්‍රේලියානුවන්ට වීසා නොමැතිව යා හැකිය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

Oceania කලාපයේ නවසීලන්තය, ෆීජි සහ French Polynesia ඇතුළු ඔස්ට්‍රේලියානුවන්ට වීසා රහිත ගමන් පිරිනමන ගමනාන්ත ප්‍රමාණයක්ද ඇත.

එමෙන්ම බාබඩෝස්, කේමන් දූපත් සහ ජැමෙයිකාව ඇතුළු කැරිබියන් දූපත්වල ගමනාන්ත කිහිපයකට ද ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා රහිතව ගමන් කිරීමට හැකියාව ඇත.

බොට්ස්වානා, මොරොක්කෝව සහ ටියුනීසියාව ඇතුළු අප්‍රිකානු රටවල් දොළහකටද ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව වැනි ඇමරිකානු කලාපයේ රටවල් දහනවයකට ද ඔස්ට්‍රේලියානුවන්ට ඇතුළු වීම සඳහා වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවේ.
ඔස්ට්‍රේලියානුවන්ට හොංකොං, මැලේසියාව සහ පිලිපීනය ඇතුළුව ආසියානු ගමනාන්ත 10 ක් සහ ඊශ්‍රායලය සහ කටාර් ඇතුළු මැද පෙරදිග රටවල් 6 කට වීසා නොමැතිව සංචාරය කළ හැකිය.

කාම්බෝජය, ඊජිප්තුව, ලෙබනනය, පැරගුවේ සහ Samoa ඇතුළු ලොව පුරා ගමනාන්ත 40කට වඩා වැඩි ප්‍රමාණයකට ඒ ඒ රටවලට ඔස්ට්‍රේලියානුවන්ට පා තැබූ පසු වීසා හෝ සංචාරක බලපත්‍රයක් ලබා ගත හැකිය.

ඊට අමතරව ඔස්ට්‍රේලියානුවන්ට විද්‍යුත් සංචාරක අධිකාරියක් (ETA) ලබා ගෙන ඇමෙරිකාව, කැනඩාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි රටවලට සංචාරය කළ හැකිවේ.

ඔස්ට්‍රේලියානුවන්ට වීසා අවශ්‍ය රටවල්

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර දරන්නන් පිටත්ව යාමට පෙර වීසා බලපත්‍රයක් ලබා ගැනීමට හෝ upon arrival හෙවත් පා තැබූ පසු වීසා බලපත්‍රයක් සඳහා රජයෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය ගමනාන්ත 42 ක් ඇත.

එම රටවලින් අඩකට වඩා ඇත්තේ ඝානාව, කෙන්යාව සහ දකුණු සුඩානය ඇතුළු අප්‍රිකාවේ රටවල්ය.

එමෙන්ම කැරීබියානු කලාපයේ කියුබාවට යාමේදී සහ Oceania කලාපයේ Nauru වෙත යාමේදී ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා ලබාගත යුතුය.

ඇෆ්ගනිස්ථානය, චීනය සහ උතුරු කොරියාව ඇතුළුව ආසියාවේ රටවල් 10 කට යාමේදී වුවද ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා ලබාගත යුතුවේ.

අසර්බයිජානය, රුසියාව හෝ තුර්කිය යන රටවල යුරෝපීය සංචාරයක් සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන්ට වීසා බලපත්‍රයක් අවශ්‍ය වන අතර මැද පෙරදිග සිරියාවට හෝ යේමනයට හෝ ඇමරිකානු කලාපයේ චිලී හෝ Suriname වෙත යන ඔස්ට්‍රේලියානුවන්ටද වීසා ලබාගත යුතුවේ.

Share

Published

By Amy Hall, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service