ඔස්ට්‍රේලියාවේ නිවසේ සිට රැකියා කරන විට ඇති බදු අඩු කිරීම්වල සංශෝධනයක්, දැනගත යුතු සියල්ල මෙන්න

සංශෝධිත fixed cost ක්‍රමය යටතේ බදු ගෙවන්නන්ට දැන් වැඩ කරන පැයකට ශත 67ක් ඉල්ලා සිටිය හැක. මීට පෙර එය ක්‍රියාත්මක වූයේ වැඩ කරන පැයකට ශත 52 ක් ලෙසය.

Мајка користи лаптоп и мобилен телефон додека ја држи малата ќерка

Australian taxpayers can not claim tax deductions for costs related to their children's education such as iPads, desks and subscriptions for online learning. (Representative image). Credit: MoMo Productions/Getty Images

ඔස්ට්‍රේලියාවේ ආදායම් බදු ගෙවන්නන්ට working from home හෙවත් නිවසේ සිට රැකියා කරන අතරතුර ඔවුන් දරන වියදම් සඳහා බදු අඩු කිරීම් ඉල්ලා සිටිය හැක.

මෙම වියදම් 'actual cost' හෝ 'fixed rate' ක්‍රමවෙදවලින් එකක් භාවිතා කර ලබා ගත හැකිය.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) දැන් fixed rate ක්‍රමය සංශෝධනය කර ඇත.

සුදුසුකම්

බදු ගෙවන්නන් නිවසේ සිට රැකියා කිරීමේ වියදම් ඉල්ලා සිටීමට පෙර ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කළ යුතු බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පැවසුවේය.

ඔබගේ නිවසේ වියදම් සඳහා හිමිකම් පෑමට, ඉඳහිට විද්‍යුත් තැපෑල පරීක්ෂා කිරීම හෝ ඇමතුම් ලබා ගැනීම වැනි අවම කාර්යයන් ඉටු කිරීම පමණක් නොව, ඔබගේ රැකියා රාජකාරි ඉටු කිරීමට ඔබ නිවසේ සිට වැඩ කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

එසේම, නිවසේ සිට රැකියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබට අමතර වියදම් දැරීමට සිදු විය යුතු බවද ඔහු පැවසීය.

අමතර වියදම්වලට heating හෝ cooling සහ ආලෝකය සඳහා විදුලිය හෝ ගෑස් (බලශක්ති වියදම්), අන්තර්ජාල හෝ දත්ත වියදම්, ජංගම සහ නිවසේ දුරකථන වියදම්, ලිපි ද්‍රව්‍ය සහ කාර්යාල සැපයුම් ඇතුළත් විය හැක.

"වෙනත් වියදම් අතරට පුටු, මේස, පරිගණක, ලැප්ටොප් සහ මෘදුකාංග වැනි රාජකාරී සඳහා භාවිතා කරන ක්ෂය වන වත්කම්වල වටිනාකම පහත වැටීම සහ ක්ෂය වන වත්කම් අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම ඇතුළත් වෙනවා" ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය SBS වෙත පැවසීය.

සේවකයින් සියලු අමතර වියදම් පිළිබඳ වාර්තාවක් තබා ගත යුතුය.

කෙසේ වෙතත්, ඔවුන්ට කෝපි, තේ, සාමාන්‍ය ගෘහ භාණ්ඩ, iPad වැනි ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට අදාළ වියදම්, online ඉගෙනුම් සඳහා වැයවන මුදල් සහ සේවා යෝජකයින් සපයන අයිතම සඳහා අඩු කිරීමක් ඉල්ලා සිටිය නොහැක.
Tim_Loh.jpg
Assistant Commissioner Tim Loh. Credit: ATO/lightbulb studio

වියදම් වාර්තා තබා ගැනීම

2023 මාර්තු 01 සිට සංශෝධිත fixed cost ක්‍රමය යටතේ ඇස්තමේන්තුගත වියදම්, සති හතරක නියෝජිත දිනපොතක් හෝ ඊට සමාන ලියකියවිලි පිළිගන්නේ නැති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පැවසීය

සේවකයෝ time-sheets, සේවමුර ලේඛන, සේවායෝජකයා හෝ ව්‍යාපාර පද්ධති වෙත ප්‍රවේශ වීමට ගත කළ කාලය පිළිබඳ සටහන්, හෝ මුළු වසර සඳහා දිනපොතක් වැනි ආකෘතිවලින් තම සේවා පැය සටහන් කළ යුතුය.

කෙසේනමුත්, 2022 ජූලි 01 සිට 2023 පෙබරවාරි 28 දක්වා, නිවසේ සිට වැඩ කරන මුළු පැය ගණන නියෝජනය කරන වාර්තාවක් පිළිගන්නා බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පැවසුවේය.

Actual cost ක්‍රමවේදය

Actual cost ක්‍රමවේදය නොවෙනස්ව පවතින බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පැවසීය.

සියලුම වියදම්වල සත්‍ය රාජකාරී ආශ්‍රිත වියදම් කොටස ඉල්ලා සිටීම සඳහා සේවකයින් මෙම ක්‍රමය භාවිතා කිරීමට අදහස් කරන්නේ නම් වාර්තා තබා ගත යුතු බව එහි සඳහන් වේ.

ආදායම් වර්ෂය තුළ නිවසේ සිට වැඩ කළ පැය ගණන පෙන්නුම් කරන සියලුම රිසිට්පත්, බිල්පත් සහ ලේඛන ඇතුළත් කළ යුතුය.

සේවකයින් තම වියදම්වල රාජකාරී සම්බන්ධ සහ පුද්ගලික කොටස සම්බන්ධ වෙන වෙනම ගණනය කළ ආකාරය පිළිබඳ වාර්තාවක් පවත්වා ගත යුතු බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පැවසීය.

ඔවුන්ට දැනටමත් ගෙවා ඇති හෝ සේවා යෝජකයින් විසින් ප්‍රතිපූරණය කර ඇති වියදම් සඳහා අඩු කිරීමක් ඉල්ලා සිටිය නොහැක.


භාවිතා කරන ක්‍රමය කුමක් වුවත්, සේවකයින්ට ඩොලර් 300ට වඩා වැඩි වත්කමක සම්පූර්ණ මුදල වහාම ඉල්ලා සිටිය නොහැකි බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පැවසීය.



එම වියදම් අඩු කිරීම වසර ගණනාවක් පුරා ක්ෂයවීමක් ලෙස ඉල්ලා සිටිය යුතු බව ඔවුහු සඳහන් කරති.


Share

Published

By Sahil Makkar, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service