ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සහ Student Guardian වීසා සැකසීම, ඕස්ට්‍රේලියානු රජය කඩිනම් කරයි

Australian visa

Source: SBS

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සහ Student Guardian වීසා අයදුම්පත් සැකසීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කොට තිබේ.


ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සහ Student Guardian වීසා අයදුම්පත් සැකසීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කොට තිබේ.

2023 දෙසම්බර් මස 14 දින නව Ministerial Direction හෙවත් "අමාත්‍ය විධානයක්" මේ සම්බන්ධයෙන් අත්සන් කොට තිබේ.

Ministerial Direction ඔස්සේ විවිධ කාර්යයන් හෝ බලතල සහිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට, ලිඛිත උපදෙස් දීමට ආගමන අමාත්‍යවරයාට අවසර ලබා දීම සිදු වේ.

මේ අනුව, ශිෂ්‍ය සහ Student Guardian වීසා හෙවත් ශිෂ්‍ය භාරකාර වීසා සැකසුම් කාලය සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙයි.

ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර අධ්‍යාපන අංශය ශක්තිමත් කිරීම සඳහා මෙම නව පියවර ගෙන තිබේ.
Indian students
Source: Getty / Getty Images/gawrav

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ආයතන සඳහා බලපාන නව Evidence levels මට්ටමක් මේ ඔස්සේ හඳුන්වා දී ඇති අතර, විදේශීය සිසුන් සඳහා (CRICOS) හි ලියාපදිංචි අධ්‍යාපන සැපයුම්කරුවන් සපයන පාඨමාලා සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයක් යොමුව තිබේ.

මෙම Evidence levels මට්ටම සම්බන්ධයෙන් තහවුරු කිරීම, අදාළ අධ්‍යාපන ආයතන වල confirmation of enrolment (COE) හෙවත් ඇතුළත් වීමේ තහවුරු කිරීමක් ඇති මුළු ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සහ, ශිෂ්‍ය වීසා බලපත්‍ර දරන්නන් සංක්‍යාව මත පදනම්ව සිදු කරයි.

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන්ගේ අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය ලබා දීමේ ක්‍රියාවලියේදී, අධ්‍යාපන ආයතන සඳහා බලපාන නව ශ්‍රේණිගත කිරීම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කෙරේ.

Ministerial Direction ඔස්සේ,

  • ඕස්ට්‍රේලියාවෙන් පිටත ගොනු කරනු ලැබූ ශිෂ්‍ය වීසා අයදුම්පත් සඳහා
  • පාසල්, විදේශ කටයුතු හෝ ආරක්ෂක සහ පශ්චාත් උපාධි පර්යේෂණ අංශයේ අයදුම්කරුවන් සඳහා
  • Evidence level 1 මට්ටමේ අධ්‍යාපන සැපයුම්කරුවෙකුගෙන් උසස් අධ්‍යාපනය, විදේශීය සිසුන් සඳහා වන (ELICOS) ඉංග්‍රීසි භාෂා පාඨමාලා, වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු, Non-Award sector හෙවත් සම්මාන නොවන අංශයේ අයදුම්කරුවන් සඳහා
  • අවුරුදු 18 ට අඩු අවිවාහක පවුලේ සාමාජිකයෙකු ඇතුළත් ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට පසුකාලීනව ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා
  • ඕස්ට්‍රේලියාවේ හෝ ඉන් පිටත සිට අයදුම් කරන Student Guardian වීසා අයදුම්පත් සඳහා

ඉහළම ප්‍රමුඛතාව ලබා දීම සිදු වේ.

ප්‍රාථමික වීසා අයදුම්පත්‍රය සඳහා ඇතුළත් කර ඇති (spouse, de-facto partner හෝ dependent child) ඇතුළු ඕනෑම ද්විතීයික අයදුම්කරුවෙකුට සමාන ප්‍රමුඛතාවයක් ලබා දීම සිදුවේ.

ප්‍රාථමික අයදුම්කරු හෝ ප්‍රාථමික වීසා දරන්නා සමඟ ඒකාබද්ධ අයදුම්පතක් ඉදිරිපත් නොකළ ශිෂ්‍ය වීසා බලපත්‍ර Subsequent entrant වශයෙන් හැඳින්වේ.

අධ්‍යයන පාඨමාලා දෙකක් හෝ වැඩි ගණනක් (course packaging) හැදෑරීමට අදහස් කරන ප්‍රාථමික අයදුම්කරුවන් සඳහා, ඉහළම ඕස්ට්‍රේලියානු සුදුසුකම් රාමුව හෙවත් (AQF) මට්ටමට අදාලව අධ්‍යයන පාඨමාලා ප්‍රමුඛතා අනුපිළිවෙලට අනුව අයදුම්පත සැකසේ.
Refugee
Credit: Department of Home Affairs

නව ශිෂ්‍ය වීසා සැකසීමේ ප්‍රමුඛතාවය 2023 දෙසැම්බර් 15 හෝ දින සිට ඉදිරිපත් කරන ලද සියලුම වීසා අයදුම්පත් සඳහා බලපායි.

තවමත් ඕස්ට්‍රේලියානු රජය වීසා සැකසුම් අවසන් කර නොමැති 2023 දෙසැම්බර් 15 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලද අයදුම්පත් සඳහාද මෙය අදාළ වේ.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියාව තුල සිට අයදුම් කල ශිෂ්‍ය වීසා ඉල්ලුම්පත්‍ර, මේ වනවිට "පවතින සාමාන්‍ය සැකසුම්" විධිවිධාන වලට අනුව සිදු කෙරේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service