අභියෝග රැසක් මැද තමයි අපි ලෝක කුසලානේ ගත්තේ කණ්ඩායමක් විදියට තෘප්තිමත්, ඕස්ට්‍රේලියානු නායක Pat Cummins කියයි

WhatsApp Image 2023-11-22 at 10.00.20 AM (1).jpeg

Patrick Cummins / Captain - Australian cricket team Credit: SBS

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ලෝක කුසලානය හිමිකරගැනීමට සමත් වූ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් මේ වනවිට ඔස්ට්‍රේලියාවට යළි පැමිණ සිටී.


පසුගියදා අවසන් වූ 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ලෝක කුසලානය හිමිකරගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය.

මීට පෙර 1987,1999,2003,2007 සහ 2015 යන වසරවලදීත් ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය හිමිකරගැනීමට සමත් වූ අතර මෙය ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයකට හිමිකම් කියූ 6 වන වතාවයි.

මෙම තරඟාවලියෙන් අනතුරුව ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පසුගියදා ඕස්ට්‍රේලියාවට නැවත පැමිණීම සිදු විය.
WhatsApp Image 2023-11-22 at 10.00.20 AM.jpeg
Credit: SBS

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මාස 6ක පමණ කාලයක් පුරා එංගලන්තයේ සහ ඉන්දියාවේ දිගු සංචාරයක නිරත වීමෙන් අනතුරුව මෙලෙස යළි ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ.

මෙහිදී සිඩ්නි වෙත පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම් නායක Pat Cummins මාධ්‍ය වෙත කියා සිටියේ, මෙම ලෝක කුසලාන ජයග්‍රහණයත් සමග තමන් නායකත්වය දුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයට එක්වනු ඇති බවයි.

මම හිතන්නේ මේ වෙද්දී ඔවුන් ඔවුන්ගේම උරුමයක් නිර්මාණය කර තිබෙනවා,

එමෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක Pat Cummins තවදුරටත් සඳහන් කොට සිටියේ, ලෝක කුසලානයක් යනු සෑම වසර හතරකට වරක් ලැබෙන එක් අවස්ථාවක් පමණක් වන අතර විශේෂයෙන් ඉන්දියාව වැනි රටවල ක්‍රීඩා කිරීම දුෂ්කර වන බවයි.


කෙසේ නමුත් මෙම තරඟාවලියට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියාවේ එක්දින ක්‍රිකට් තරඟ ක්‍රීඩා කල අතර, එවැනි තරඟවලදී ජයග්‍රහණය කරා යාම අභියෝගාත්මක වූ බවත් ඔහු පැවසීය.


කෙසේ නමුත් මෙවැනි දැඩි අභියෝගාත්මක පරිසරයක් තුල ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් කණ්ඩායමක් වශයෙන් තෘප්තිමත් වන බව නායකවරයා කියා සිටී.


ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක Pat Cummins සහ වේග පන්දු යවන ක්‍රීඩක Josh Hazelwood බදාදා උදෑසන සිඩ්නි ගුවන්තොටුපල වෙත ලඟා වූ අතර, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Andrew McDonalds සහ තුන් ඉරියව් ක්‍රීඩක Mitchell Marsh මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.එමෙන්ම ක්‍රීඩක Marnus Labuschagne බ්‍රිස්බේන් වෙත පියාසර කළේය.
WhatsApp Image 2023-11-22 at 10.00.19 AM.jpeg
Credit: SBS

ඉදිරියේදී පැවැත්වෙන 20යි 20 තරගාවලියට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියානු සංචිතයේ සාමාජිකයින් 07 දෙනෙකු ඉන්දියාවේ තවමත් රැඳී සිටී.

සෙසු ක්‍රීඩකයින් පිරිස Aussie summer of cricket තරඟාවලි සඳහා සූදානම් වීමට නැවත මෙලෙස ඕස්ට්‍රේලියාවට පැමිණීම සිදු විය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මෙම වසර මුලදී මාස 2ක් පමණ කාලයක් ඉන්දියාවේ ටෙස්ට් තරඟමාලාවක් සඳහා සහභාගී වූ අතර ලෝක කුසලානයට පෙර කෙටි විවේකයක් සමඟ අළු බඳුන තරඟාවලිය සඳහා තවත් මාස දෙකක් එංගලන්තයේ සංචාරයක නිරත විය.

මේ අනුව, මෙම වසරේදී ඕස්ට්‍රේලියාව, ලෝක ටෙස්ට් ශූරතා ජයග්‍රහණයක් සහ එක්දින ලෝක කුසලාන ජයග්‍රහණයක් අත්කරගැනීමට සමත්ව තිබේ.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service