ඕස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට සහනයක් වෙමින් ගුණාත්මක සේවයක් දෙන්න, රජය පියවර රැසක් ගනී

International Students

Credit: bestressnomore.wordpress.com

ඕස්ට්‍රේලියාවේ ඉහළම ගුණාත්මක බවකින් යුත් ශිෂ්‍ය අත්දැකීමක් ජාත්‍යන්තර සිසුන්ට ලබා දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය නව ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කොට තිබේ.


ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔබ, වඩා හොඳින් ආරක්ෂා කිරීමට සහ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන අතරතුර ඔබට යහපත් අත්දැකීම් ලබාදීම සහතික කිරීමට සැකසු නව ක්‍රියාමාර්ග ඕස්ට්‍රේලියානු රජය මෙලෙස නිවේදනය කර තිබේ.

ජාත්‍යන්තර සිසුන්ට බලපාන මෙම නව ක්‍රියාමාර්ග මොනවාද?

ඕස්ට්‍රේලියාව තුල විවිධ අධ්‍යාපන සේවා සපයන්නන් සඳහා ජාත්‍යන්තර සිසුන් යොමු කිරීමේ අරමුණින් අධ්‍යාපන සහ පුහුණු සපයන්නන් අධ්‍යාපන නියෝජිතයින්ට ගෙවන ගාස්තු සඳහා තවදුරටත් අවසර ලබා නොදේ

ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් හට ඉහළම ගුණාත්මක අධ්‍යාපනය සහ පුහුණුව ලබා දෙන බවට සහතික කිරීම සඳහා Australian Skills Quality Authority හෙවත් "ඕස්ට්‍රේලියානු නිපුණතා තත්ත්ව අධිකාරිය" මගින් නව VET අඛණ්ඩතා ඒකකයක් ක්‍රියාත්මක කෙරේ

වෙනත් රටවල සිටින උසස් තත්ත්වයේ අධ්‍යාපන සේවා නියෝජිතයන් සමඟ කටයුතු කරන බව සහතික කිරීම සඳහා ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සැපයුම්කරුවන්ට අධ්‍යාපන නියෝජිත දත්ත වෙත වැඩි ප්‍රවේශයක් ලබා දීම සිදු වේ.
Labour Party said there is a case to be made for limiting the number of international students enrolled in Australia.
Labour Party said there is a case to be made for limiting the number of international students enrolled in Australia. Source: Getty

ජාත්‍යන්තර අධ්‍යාපන අංශයේ නියාමකයින් මගින් ජාත්‍යන්තර සිසුන්, සිය අධ්‍යාපන කටයුතු සඳහා අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාල වෙත පැමිණීම වඩාත් සමීපව නිරීක්ෂණය කරයි.

ජාත්‍යන්තර සිසුන් සඳහා වන අධ්‍යාපන සේවා පනත (ESOS Act) අධ්‍යාපන සහ පුහුණු සපයන්නන් සඳහා පවතින සුදුසුකම් සහ නිසි පුද්ගල පරීක්ෂණය ශක්තිමත් කිරීම සඳහා වෙනස් කිරීම සිදු වේ.

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන මුල්‍යමය හැකියාව සම්බන්ධයෙන් වූ වෙනස්කම් සහ ශිෂ්‍ය බඳවා ගැනීම් සම්බන්ධයෙන් වූ වෙනස්කම් ඇතුළුව, මෑත කාලීනව ප්‍රකාශයට පත් කරන ලද දත්ත මත පදනම්ව ඕස්ට්‍රේලියානු රජය මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

ජාත්‍යන්තර සිසුන් උපකාර ලබාගන්නේ කෙසේද?

ඔබට ඔබේ අධ්‍යාපන සැපයුම්කරු පිළිබඳව ගැටලුවක් තිබේ නම්, ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව උපකාර ලබාදීම සිදු කරයි. ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස, ඔබේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ඔබට මේ සම්බන්ධයෙන් වන සම්පත් රාශියකට ප්‍රවේශය පවතී:

අධ්‍යාපන සැපයුම්කරුවන් සහ දේශීය ශිෂ්‍ය සේවාව (Provider and local student services):

ඕස්ට්‍රේලියාවේ "ජාත්‍යන්තර සිසුන් සඳහා වන අධ්‍යාපන සේවා පනත" හෙවත් ESOS පනත ඔස්සේ සියලුම ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සහ පුහුණු සපයන්නන් ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස ඔබට නිශ්චිත ශිෂ්‍ය සේවාවන් ලබා දිය යුතු වේ. වැඩි විස්තර සඳහා කරුණාකර ඔබගේ ජාත්‍යන්තර ශිෂ්‍ය උපදේශක සේවාව වෙත සම්බන්ධ වන්න.

International Students
Source: Getty / Getty Images/urbancow

උපකාරක ආරක්ෂණ සේවාව (TPS) (Tuition Protection Service (TPS)):

අධ්‍යාපන සැපයුම්කරු තම සේවා ලබාදීම හදිසියේ නවතා දැමීම හේතුවෙන් පීඩාවට පත් වන ජාත්‍යන්තර සිසුන් සඳහා උපකාරක ආරක්ෂණ සේවාව සහාය ලබාදෙයි.

නොමිලේ වන ශිෂ්‍ය උපකාරක සේවාවන්ට පහත සඳහන් සේවා ඇතුලත් වේ:

  • වෙනත් අධ්‍යාපන සැපයුම්කරුවෙකු සමඟ ඔබේ අධ්‍යයන කටයුතු කරගෙන යාමට සහය ලබාදීම.
  • අධ්‍යයන කටයුතු අසම්පුර්ණ වුවහොත් ඔබ ගෙවූ උපකාරක ගාස්තු ආපසු ලබා ගැනීමට ඔබට උපකාර කිරීම.
  • අධ්‍යාපන සැපයුම්කරුවෙකු පාඨමාලාවක් සැපයීම නතර කරන්නේ නම් හෝ ඔබ ගෙවීම් සිදුකිරීමට අපොහොසත් වුවහොත් උපදෙස් ලබා දීම.
  • ඔබේ ශිෂ්‍ය වීසා බලපත්‍රයේ කොන්දේසි කඩ කළහොත් උපදෙස් ලබා දීම.

ඕස්ට්‍රේලියානු ඔම්බුඩ්ස්මන් (Commonwealth Ombudsman):

ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික පාසල්, විද්‍යාල, ආයතන සහ විශ්වවිද්‍යාල පිළිබඳව ඔබට ඇති ඕනෑම පැමිණිල්ලක් ඕස්ට්‍රේලියානු ඔම්බුඩ්ස්මන්වරයාට විමර්ශනය කළ හැක.

ඔබ පොදු විශ්ව විද්‍යාලයක, TAFE හෝ පාසලක ඉගෙනුම ලබන්නේ නම්, කරුණාකර ඔබේ ප්‍රාන්තයේ, ටෙරිටරියේ හෝ ප්‍රදේශයේ ඔම්බුඩ්ස්මන් සම්බන්ධ කරගතයුතු වේ.

මානසික සෞඛ්‍ය සේවා සම්පත් (Mental health resources):

ඔබට ආතතියක් හෝ කනස්සල්ලක් දැනේ නම්,ඔස්ට්‍රේලියාව තුල ඒ සඳහා නොමිලේ ලබා ගත හැකි සේවාවන් බොහොමයක් පවතී.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට සහනයක් වෙමින් ගුණාත්මක සේවයක් දෙන්න, රජය පියවර රැසක් ගනී | SBS Sinhala