2024 වසරේදී ඕස්ට්‍රේලියානුවන්ට වීසා නොමැතිව සංචාරය කල හැකි රටවල් මෙන්න

Australian Passport

Australian passport holders can travel to 189 countries in 2024 without a visa Source: SBS

ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට මෙම වසරේදී වීසා බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව විදේශ ගමනාන්ත 189 කට ගමන් කළ හැක.


Henley Passport Index යන දර්ශකයට අනුව, ඕස්ට්‍රේලියානුවන්ට වීසා බලපත්‍රයක් නොමැතිව සංචාරය කල හැකි ගමනාන්ත රැසක් පවතී.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන අධිකාරියේ (IATA) දත්ත භාවිතා කරමින්, ලන්ඩනය පදනම් කරගත් ආයෝජන සංක්‍රමණ උපදේශන සමාගමක් වන Henley & Partners මගින් රටවල් 199ක විදේශ ගමන් බලපත්‍රවල වීසා රහිත ප්‍රවේශ ලබාදෙන ගමනාන්ත සම්බන්ධයෙන් සොයා බලා තිබේ.

මෙහිදී ලොව පුරා ගමනාන්ත 227ක් සංසන්දනය කොට ඇති බව වාර්තා වේ.

මෙමගින් සොයාගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට එමගින් ගමනාන්ත 189කට ගමන් කළ හැකි බවයි.
————————————————————————————————————————————-


ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න

————————————————————————————————————————————-

මෙහිදී ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍ර හිමියන් හට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවීම හෝ ගමනාන්තයට පැමිණීමෙන් අනතුරුව තාවකාලික වීසා බලපත්‍රයක් ලබාගැනීමට හැකියාව පවතී.

ජපානය සහ සිංගප්පූරුව ප්‍රබලම ගමන් බලපත්‍ර හිමි රටවල් අතරට එක්ව තිබේ.

යුරෝපීය රටවල් වන ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය යන රටවල පිරිසට ඔවුන්ගේ ගමන් බලපත්‍ර සමඟ ගමනාන්ත 194කට වීසා රහිත ප්‍රවේශය පවතී.

ෆින්ලන්තය, දකුණු කොරියාව සහ ස්වීඩනය යන රටවල විදේශ ගමන් බලපත්‍ර හිමියන් හට ලොව පුරා ගමනාන්ත 193කට වීසා රහිත ප්‍රවේශය තිබේ.

මේ අනුව නවසීලන්තය, චෙචියාව සහ පෝලන්තය සමඟ ඕස්ට්‍රේලියාව හයවන ස්ථානය ලබාගෙන තිබේ.

henleypassportindex.jpeg
Credit: SBS News

ඕස්ට්‍රේලියානුවන්ට වීසා නොමැතිව ගමන් කළ හැකි රටවල් අතරට ජර්මනිය, ප්‍රංශය, අයර්ලන්තය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය ඇතුළු යුරෝපීය ගමනාන්ත 50ක් අයත් වේ.

එමෙන්ම Cook Islands ෆීජි සහ නවසීලන්තය වැනි රටවල් සඳහාත් හොංකොං, මැලේසියාව සහ පිලිපීනය ඇතුළු ආසියාවේ ගමනාන්ත 14කට වීසා රහිතව ඕස්ට්‍රේලියානුවන් හට සංචාරය කල හැක.
ආර්ජන්ටිනාව, මෙක්සිකෝව, බාබඩෝස් සහ ජැමෙයිකාව වැනි ඇමරිකාවේ සහ කැරිබියන් දූපත් දෙකෙහිම ගමනාන්ත 20කට වඩා ඕස්ට්‍රේලියානුවන්ට ඇතුළු වීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවේ.

අප්‍රිකාවට යාමට අවශ්‍ය ඕස්ට්‍රේලියානුවන් හට බොට්ස්වානා, මොරොක්කෝව සහ රුවන්ඩා ඇතුළු ගමනාන්ත 17 කට වීසා රහිත ප්‍රවේශය ලබා දෙන අතර, කටාර් සහ ඕමානය ඇතුළු මැද පෙරදිග රටවල් 05ක් සඳහා ඕස්ට්‍රේලියානුවන්ට වීසා රහිත ප්‍රවේශය ලබා දේ.


බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මලාවි සහ සෞදි අරාබිය ඕස්ට්‍රේලියානුවන්ට පැමිණීමේදී වීසා හෝ visitor's permit ලබා ගත හැකි ලොව ගමනාන්ත 40 අතර වේ.

ඇමරිකාව, කැනඩාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු ගමනාන්ත අටකට ඇතුළු වූ පසු ඕස්ට්‍රේලියානුවන් හට electronic travel authority බලපත්‍රයක් ලබා ගත හැක.

ඉරානය, ලෙබනනය සහ යුක්රේනය යන රටවල් වීසා රහිතව ඕස්ට්‍රේලියානුවන් හට ගමන් කල හැකි රටවල් වශයෙන් පවතින අතර කෙසේ නමුත් මේ වනවිට එම රටවලට සංචාරය නොකරන ලෙස ඕස්ට්‍රේලියානු රජය උපදෙස් ලබාදී තිබේ.

ඊශ්‍රායලය සහ පලස්තීන යන රටවල් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානුවන් හට සංචාරය කිරීමේදී නැවත සලකා බලන ලෙස දන්වා තිබේ.

ඕස්ට්‍රේලියානුවන්ට වීසා අවශ්‍ය රටවල්

ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර දරන්නන් ඕස්ට්‍රේලියාවෙන් පිටත්වීමට පෙර වීසා බලපත්‍රයක් ලබා ගත යුතු හෝ එම රටට ඇතුල්වීමෙන් පසු වීසා බලපත්‍රයක් ලබාගත යතු රටවල් 37ක් පවතී .

නමුත් ඒ සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතු වේ.

මේ සඳහා Ghana දකුණු සුඩානය සහ උගන්ඩාව ඇතුළු අප්‍රිකානු රටවල් අයත් වේ.

පැපුවා නිව්ගිනියාව සහ නාවුරු යන රටවල් අපගේ අසල්වැසියන් ලෙස සැලකිය හැකි වුවත් ඕස්ට්‍රේලියානුවන්ට මෙම රටවලට යාමට වීසා බලපත්‍රයක් අවශ්‍ය වේ.
ඕස්ට්‍රේලියානු සංචාරකයින්ට වීසා බලපත්‍ර අවශ්‍ය වන ලැයිස්තුවේ එකම කැරිබියන් ජාතිය වශයෙන් කියුබාව පවතින අතර ආසියාවේ ඇෆ්ගනිස්ථානය, චීනය සහ උතුරු කොරියාව ඇතුළුව ගමනාන්ත 7ක් පවතී.

අසර්බයිජානයේ හෝ රුසියාවේ යුරෝපීය නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඕස්ට්‍රේලියානුවන්ටද ඔවුන් පිටත් වීමට පෙර වීසා බලපත්‍රයක් අවශ්‍ය වේ.

එමෙන්ම මැද පෙරදිග සිරියාවට හෝ යේමනයට මෙන්ම ඇමරිකාවේ බ්‍රසීලය හෝ චිලී රාජ්‍යය වෙත ගමන් කරන ඕස්ට්‍රේලියානුවන් හටත් වීසා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වේ.

ඕස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය ජාත්‍යන්තර සංචාරක ගමනාන්ත

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත වලට අනුව නවසීලන්තය, ඕස්ට්‍රේලියානුවන්ගේ වඩාත්ම ජනප්‍රිය ජාත්‍යන්තර සංචාරක ගමනාන්තය වේ.

ඉන්දුනීසියාව සහ ඇමරිකාව යන රටවල් වැඩි වශයෙන් ඕස්ට්‍රේලියානුවන් සංචාරය කරන ස්ථාන අතර දෙවන සහ තෙවන ස්ථාන ගනී.
එක්සත් රාජධානිය, ඉන්දියාව, තායිලන්තය, ෆීජි, සිංගප්පූරුව, ජපානය, සහ වියට්නාමය යන රටවල් මුල් රටවල් 10 අතර පවතී.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන් පැමිණීමට පෙර, වීසා බලපත්‍රයක් ලබා ගත යුතු බව එම ලැයිස්තුවේ ඇති එකම රටවල් වන්නේ ඉන්දියාව සහ වියට්නාමය වන බවට වාර්තා වේ.

*******************************************************************************

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර


ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA


රූපවාහිනියේ channel 38 (SBS Radio 2)


රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)


අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala


SBS Audio APP (Free)


SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය


*******************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
2024 වසරේදී ඕස්ට්‍රේලියානුවන්ට වීසා නොමැතිව සංචාරය කල හැකි රටවල් මෙන්න | SBS Sinhala