විදුලිය ගාස්තු අඩු කිරීමට වඩා කාබන් විමෝචනය පහත හෙලීමට ඔස්ට්‍රේලියාවේ බහුතරයකගේ කැමැත්ත. (SBS සිංහල/වාර්තා)

Energy

Source: AAP

තමන්ගේ බලශක්ති බිල්පත් ගාස්තු අඩු කිරීම වෙනුවට ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය පහත හෙලීමට බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන්ට අවශ්‍ය වී තිබේ.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම පර්යේෂණ හා සමීක්ෂණ ආයතනයක් වන Lowy ආයතනයේ නවතම සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙළිවී තිබේ.
power bills
Source: AAP

ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය පහත හෙලීම

පසුගිය සතියේදී නිකුත් කළ Lowy ආයතනයේ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය පහත හෙලීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රමුඛතම කාර්යයක් විය යුතු බවට ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් 47% ක ප්‍රතිශතයකට ඉල්ලයි.

එමෙන්ම තමන්ගේ නිවෙස් වල බලශක්ති ගාස්තු අඩු කරන ලෙසට 38% ක ඔස්ට්‍රේලියානුවාසීන් ඉල්ලා තිබේ.

මේ අතර තවත් 15% කගේ අදහස වී තිබුණේ විදුලිය විසන්ධි නොවී නොකඩවා විදුලිය සැපයීම පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රමුඛත්වය සැපයිය යුතු බවය.
power bills
Source: AAP

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ වයස් ඛාණ්ඩ අනුව බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳ මත

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ වයස් ඛාණ්ඩ අනුව බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳ දරන මත වෙනස් බවද මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

වයස අවුරුදු 18 ත් 44ත් අතරේ පසුවන පුද්ගලයින්ගෙන් 62% ක් විශ්වාස කරනුයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රමුඛත්වයක් ලබා දිය යුත්තේ ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය පහත හෙලීමට බවය.

එම මතය දරනු ලබන වයස අවුරුදු 45 ට වැඩි පිරිස 33% ක ප්‍රතිශතයකි.
Climate change
Source: SBS

ඔස්ට්‍රේලියාවට ඇති ප්‍රධානතම තර්ජනය

ඉදිරි දශකය තුළ ඔස්ට්‍රේලියාවට ඇති ප්‍රධානතම තර්ජනය දේශගුණික විපර්යාසය බව මෙවර සමීක්ෂණයේදී හෙළිවීම වඩා සුවිශේෂී කරුණක් විය.

දේශගුණික විපර්යාස පිළිබඳ ඔස්ට්‍රේලියනුවන් දැඩි අවධානයකින් පසුවන බව ඉන් පෙනී යයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට ඇති ප්‍රධානතම තර්ජනය දේශගුණික විපර්යාසය බවට මෙවර සමීක්ෂණයේදී  65% ක ප්‍රතිශතයක් ප්‍රකාශ කර ඇත.

එම ප්‍රමාණය පසුගිය වසරේදී 59% ක් ව පැවති බවත් 2014 වසරේදී 18% ක්ව පැවති බවත් වාර්තා වේ.

මේ අතර Lowy ආයතනයේ නවතම වාර්ෂික සමීක්ෂණය සඳහා ඔස්ට්‍රේලියාවට තර්ජනයක් එල්ලවීමට වඩාත්ම ඉහළ සම්භාවිතාවක් ඇති තර්ජන 12 ක ලැයිස්තුවක් ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබාදී තිබේ.

එහිදී වැඩිහිටියන්ගෙන් 64% ක්ම ඔස්ට්‍රේලියාවට ඇති විශාලතම තර්ජනය ලෙස දක්වා ඇත්තේ ද දේශගුණික විපර්යාසය බව සඳහන්.

ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ වෙනත් රටවලින් ඔස්ට්‍රේලියාවට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාර ය.

ජාත්‍යන්තර ත්‍රස්තවාදය මෙම තර්ජන ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්වන විට උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩසටහන එහි සිව්වන ස්ථානයට පත්ව ඇත.
power bills
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
විදුලිය ගාස්තු අඩු කිරීමට වඩා කාබන් විමෝචනය පහත හෙලීමට ඔස්ට්‍රේලියාවේ බහුතරයකගේ කැමැත්ත. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala