විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලැබීමට නොමැති නිසා ඔස්ට්‍රේලියාවේ බහුතරයක් ජාත්‍යන්තර සිසුන්ට මානසික සෞඛ්‍ය ගැටළු (SBS සිංහල/ වාර්තා)

මෙම ජාත්‍යන්තර සිසුන් ඉතා ඉහළ මුදලක් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය සඳහා ගෙවන නමුත් එම මුදල් වලට සරිලන අධ්‍යාපනයක් සඳහා ඔවුන්ට ප්‍රවේශ විය නොහැකි බව CISA හි ජාතික සභාපතිනි Belle Lim පැවසුවාය.

93 per cent of international students suffering poor mental health due to no on-campus study, survey finds

Source: AAP

ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව සිටින ජාත්‍යන්තර සිසුන්ගෙන් 93% ක් ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල තුළ ඉගෙනීමට ඉඩ නොදීමෙන් සැලකිය යුතු අහිතකර මානසික සෞඛ්‍ය බලපෑම් අත්විඳින බව හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් ආශ්‍රයෙන් සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත.


Highlights

  • මෙම සමීක්ෂණය The Council of International Students Australia (CISA) හෙවත් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය කවුන්සිලය විසින් සිදුකර ඇත.
  • විශ්ව විද්‍යාල තුළ මුහුණට මුහුණ ඉගෙනීම ආරම්භ කරන දිනය තෙක් තම පාඨ මාලාව කල් දැමීමට තවත් 43% ක පිරිසක් කැමැත්ත පළ කර ඇත.
  • ඔස්ට්‍රේලියාව හැර වෙනත් රටක තම අධ්‍යාපන කටයුතු කිරීමට මෙම සමීක්ෂණයට සහභාගී වූ 36% ක ජාත්‍යන්තර ශිෂ්‍ය පිරිසක් සලකා බලමින් සිටින බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් පිළිබඳව සිදුකළ සමීක්ෂණය

මෙම සමීක්ෂණය The Council of International Students Australia (CISA) හෙවත් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය කවුන්සිලය විසින් සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල ඊයේ (19/05) නිකුත් කෙරිණි.

මෙම සමීක්ෂණය පසුගිය මාර්තු මාසයේදී පවත්වනු ලැබූ අතර ඒ සඳහා ජාත්‍යන්තර සිසුන් 600 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට අත්වී ඇති තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාව හැර වෙනත් රටක තම අධ්‍යාපන කටයුතු කිරීමට මෙම සමීක්ෂණයට සහභාගී වූ 36% ක ජාත්‍යන්තර ශිෂ්‍ය පිරිසක් සලකා බලමින් සිටින බව වාර්තා වේ.
පසුගිය මාස 12 තුළ ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින නමුත් දේශ සීමා වසා දැමීම නිසා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපොහොසත් වී සිටින ජාත්‍යන්තර සිසු සිසුවියන් විසින් තම සංවිධානයට අඛණ්ඩව කතා කළ බව CISA හි ජාතික සභාපතිනි Belle Lim පැවසුවාය.

තාක්‍ෂණික දුෂ්කරතා, විවිධ කාල කලාප හරහා වැඩ කිරීමට සිදුවීම සහ ජාත්‍යන්තර සිසුන්ට නැවත ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල තුළ ඉගෙනීමට පැමිණිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ අවිනිශ්චිතතාව හේතුවෙන් ඔවුන්ගේ online ඉගෙනුම් අත්දැකීම් විනාශ වී ඇති බව ඇය පැවසුවාය.
Students
Source: AAP

ඉහළ මුදලක් ගෙවූ නමුත් Online අධ්‍යාපනය පමණයි

මෙම ජාත්‍යන්තර සිසුන් ඉතා ඉහළ මුදලක් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය සඳහා ගෙවන නමුත් එම මුදල් වලට සරිලන අධ්‍යාපනයක් සඳහා ඔවුන්ට ප්‍රවේශ විය නොහැකි බව CISA හි ජාතික සභාපතිනි Belle Lim පැවසුවාය.

මෙම තත්ත්වය මත ඇතැම් ජාත්‍යන්තර සිසුන් තම දෙමව්පියන්ගේ මුදල් මේ සඳහා වියදම් කිරීම පිළිබඳ වරදකාරි හැඟීමක් ඇති කරගෙන සිටින බවද ඇය SBS පුවත් වෙත සඳහන් කළාය.

"මට මගේ ජීවිතය සැලසුම් කිරීමට හෝ තවදුරටත් මේ ආකාරයට ජීවත් වීමට නොහැකි නිසා අපට ඔස්ට්‍රේලියාවට නැවත පැමිණිය හැක්කේ කවදාදැයි  කියන්න" යනුවෙන් බොහෝ ජාත්‍යන්තර සිසුන් තම ආයතනය වෙත විශාල වශයෙන් පණිවිඩ එවන බවත් ඇතැම් ඒවා සඳහා තම ආයතනයට ද පිළිතුරු ලබා දීමට අපහසු බවත් Belle Lim ප්‍රකාශ කළාය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


2021/22 ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් හෙළිවූ දේ

ඔස්ට්‍රේලියාවට ස්ථිර හා තාවකාලික සංක්‍රමණිකයින් ක්‍රමයෙන් නැවත පැමිණීම 2022 මැද භාගයේ සිට සිදුවනු ඇතැයි පසුගිය සතියේදී ඉදිරිපත් කෙරුණු 2021/22 ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් හෙළිවිය.

එය මීට පෙර සැලසුම් කර තිබූ කාලයට වඩා මස 6 ක ප්‍රමාදයකි.
කෙසේවෙතත්, ඇතැම් ජාත්‍යන්තර සිසුන් නැවත ක්‍රමානුකූලව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම මේ වසර අගදී ආරම්භ කළ හැකි බව මධ්‍යම රජය කියා සිටියි.

විශේෂ ක්‍රමවේදයක් යටතේ ජාත්‍යන්තර සිසුන්ව තම ප්‍රාන්ත වලට ගෙන්වා ගැනීමට නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජයන් සැලසුම් දෙකක් මධ්‍යම රජයට මේ වන විට ඉදිරිපත් කර තිබේ.

නමුත් ජාත්‍යන්තර සිසුන් නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත්වී නොමැති බව CISA හි ජාතික සභාපතිනි Belle Lim SBS පුවත් වෙත සඳහන් කළාය.
International Students
Source: Getty Images

සමීක්ෂණයේ ප්‍රතිඵල

මෙම සමීක්ෂණයට සහභාගී වූ ජාත්‍යන්තර සිසුන්ගෙන් 7% ක් පමණක් online ක්‍රමය හරහා සම්පූර්ණයෙන් ඉගෙනුම ලැබීමට කැමැත්ත පළ කර තිබේ.

මේ අතර තමන්ට විශ්ව විද්‍යාල තුළ මුහුණට මුහුණ ඉගෙනීම ආරම්භ කරන දිනය තෙක් තම පාඨ මාලාව කල් දැමීමට තවත් 43% ක පිරිසක් කැමැත්ත පළ කර ඇත.

ඔස්ට්‍රේලියාව හැර වෙනත් රටක තම අධ්‍යාපන කටයුතු කිරීමට මෙම සමීක්ෂණයට සහභාගී වූ 36% ක ජාත්‍යන්තර ශිෂ්‍ය පිරිසක් සලකා බලමින් සිටින බවද සඳහන්.

මේ අතර ඉංග්‍රීසි භාෂාව සහ විශ්ව විද්‍යාල නොවන උසස් අධ්‍යාපනය ඉලක්ක කර ගනිමින් පසුගිය සතියේ අයවැයෙන් ජාත්‍යන්තර අධ්‍යාපන සැපයුම්කරුවන් සඳහා ඩොලර් මිලියන 53 කට වැඩි මුදල් ප්‍රමාණයක් ලබාදීමට පොරොන්දු විය.

Share

Published

Updated

By Evan Young, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලැබීමට නොමැති නිසා ඔස්ට්‍රේලියාවේ බහුතරයක් ජාත්‍යන්තර සිසුන්ට මානසික සෞඛ්‍ය ගැටළු (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala