HIV ආසාදිතයින්ට ඔස්ට්‍රේලියාවේ වීසා දෙන්නේ නැද්ද? ඒ ගැන අලුත්ම විස්තරේ මෙන්න (SBS සිංහල/ වාර්තා)

තමන්ගේ ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය සඳහා වන අයදුම්පත්‍රයට අහිතකර බලපෑමක් එල්ල කරනු ඇතැයි සිතා තාවකාලික වීසා ලාභීන් HIV පරීක්ෂණවලට මුහුණ දීමට බියවී ඇති බව HIV සහ ලිංගික රෝග බෝවීම මැඩලීම සඳහා ක්‍රියා කරනු ලබන ක්‍රියාකාරීන්ගෙන් තමන්ට දැනගන්නට ලැබුණු බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles පැවසීය.

HIV

Source: SBS / Getty Images

HIV වැළඳී ඇති සංක්‍රමණිකයන් සඳහා පනවා ඇති සෞඛ්‍ය සම්බන්ධ වීසා සීමාවන් හා කොන්දේසි ඉවත් කරන ලෙස නීතිවේදීහු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles සුබවාදී ආකල්පයක සිටින බව SBS පුවත් වෙත දැනගන්නට ලැබිණි. 

HIV පරීක්ෂණවලට තාවකාලික වීසා ලාභීන් බිය වෙයි

තමන්ගේ ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය සඳහා වන අයදුම්පත්‍රයට අහිතකර බලපෑමක් එල්ල කරනු ඇතැයි සිතා තාවකාලික වීසා ලාභීන් HIV පරීක්ෂණවලට මුහුණ දීමට බියවී ඇති බව HIV සහ ලිංගික රෝග බෝවීම මැඩලීම සඳහා ක්‍රියා කරනු ලබන ක්‍රියාකාරීන්ගෙන් තමන්ට දැනගන්නට ලැබුණු බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles පැවසීය.

"සංක්‍රමණයින්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රවේශය ප්‍රජා අපේක්ෂාවන් සපුරාලන්නේ නැහැ," ලෙස ඔහු SBS ප්‍රවෘත්ති වෙත පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

අමාත්‍යවරයාගේ මැදිහත්වීම යන විකල්පය හරහා ඔස්ට්‍රේලියාවේ වීසා ක්‍රමයට මැදිහත් වී වීසා පිළිබඳ තීරණ ලබාදීමට තමාට සෑම සතියකම පාහේ සිදුවන බවද ඔහු සඳහන් කළේය.

පසුගිය වසරේ ජූනි මාසයේදී ආගමන විගමන අමාත්‍යධුරය භාරගත් දා සිට, HIV පිළිබඳ සංක්‍රමණික ප්‍රජාවන්හි ඇති වැරදි වැටහීම් සහ බිය ඉවත් කිරීම සහ HIV පරීක්ෂණ වැඩි කිරීම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ HIV පිළිබඳ සජීවී අත්දැකීම් ඇති අය සමඟ සංවාදයක යෙදී සිටින බවද අමාත්‍ය Giles පැවසීය.
Immigration Minister Andrew Giles is seated in a chair leaning forward.
Immigration Minister Andrew Giles says Australia's immigration policy settings on health assessments connected to visa applicants with disability or health conditions are not in line with community expectations. Source: AAP / Bianca De Marchi

HIV වැළඳී ඇති පුද්ගලයින් සඳහා වීසා බාධක

HIV ඇතුළුව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය නිර්ණායක සපුරාලීමට අපොහොසත් වීමට හේතු වන සෞඛ්‍ය තත්ත්වයක් ඇත්නම් ඔවුන්ගේ ප්‍රතිකාර හා සම්බන්ධ වියදම් පියවා ගත හැකි බව පෙන්වීමට 1958 සංක්‍රමණ පනත සහ 1994 සංක්‍රමණ රෙගුලාසි යටතේ යමෙකුට නීතියෙන් හැකියාවක් නැති බව HIV/AIDS නීති මධ්‍යස්ථානයේ නීතිඥ Alexandra Stratigos පැවසුවාය.

අදාළ සෞඛ්‍ය නිර්ණායක තත්ත්වය ජය ගැනීම සඳහා විකල්පයක් ලෙස health waiver එකක් අපේක්ෂා කරන අතර, එය සීමිත වීසා උප ඛාණ්ඩ සංඛ්‍යාවක් සඳහා පමණක් ලබාගත හැකිය. ඒවාට මේවාට සමීප family, humanitarian සහ business වීසා ඇතුළත් වේ

වත්මන් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් තමන් දිරිමත් වන අතර එය පවතින බාධක ඉවත් කිරීමට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවට සංඥාවක් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව Alexandra Stratigos ප්‍රකාශ කළාය.
HIV ඇතුළු ආබාධිත හෝ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සහිත වීසා අයදුම්කරුවන් වෙනුවෙන් සෞඛ්‍ය තක්සේරු කිරීමේ ක්‍රියාවලීන් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රවේශය පිටස්තරයෙකුගේ ස්වරුපයක් ගන්නා බවද Alexandra Stratigos පැවසුවාය.

"මෙම නීති 1990 ගණන්වල සිට මේ දක්වා අවම වෙනස්කම් සහිතව තවමත් පෙර පැවති මට්ටමේම පවතින අතර, එය HIV සමඟ ජීවත් වන පුද්ගලයින්ට රට තුළට ඇතුළු වීමට සහ මෙහි රැඳී සිටීමට සැලකිය යුතු බාධාවක් ඇති කරනවා. එය පවුල් වෙන් කිරීමට හේතු වෙනවා. එය වියදම් අධිකයි. එය ආතතියක් ඇති කරනවා. " ලෙසද ඇය වැඩි දුරටත් පැවසුවාය.

HIV වැළඳී ඇති පුද්ගලයින් සඳහා පනවා ඇති දැඩි සෞඛ්‍ය නිර්ණායක ඉවත් කරන ලෙස හෝ එය අසමත් වුවහොත් health waiver විකල්ප සහිත තවත් වීසා උප ඛාණ්ඩ හඳුන්වා දෙන ලෙස ඇය ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටියාය.

HIV පරීක්ෂාවට මුහුණ දීමේ බිය නැති කිරීම

HIV ප්‍රජාවට ප්‍රතිචාර දැක්වීම සඳහා වන ජාතික සම්මේලනය වන Health Equity Matters හි ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ Darryl O'Donnell ය.

තාවකාලික වීසා බලපත්‍රලාභීන් සෞඛ්‍ය සේවා වෙත ඉදිරිපත් වීමට සහ HIV සඳහා පරීක්ෂා කිරීමට බිය වී ඇති බවත්, HIV ධනාත්මක ප්‍රතිඵලයක් ඔවුන්ගේ වීසා අයදුම් කිරීම ප්‍රමාද කිරීමට හෝ අනතුරට ලක්විය හැකි බවට බියෙන් සිටින බවත් ඔහු පැවසීය.

"ඇතැම් ජාත්‍යන්තර සිසුන් සහ ඔස්ට්‍රේලියාවේ තාවකාලිකව සේවය කරන ඇතැම් පුද්ගලයින්, HIV ධනාත්මක ප්‍රතිඵලයක් තමන්ගේ ස්ථිර පදිංචිය සඳහා වන අයදුම්පතට අහිතකර ලෙස බලපෑ හැකි බැවින් HIV පරීක්ෂාවට බිය වී තිබෙනවා," ලෙසද ඔහු පැවසීය.
ඔස්ට්‍රේලියාවේ සිටින ඕනෑම කෙනෙකුට HIV සඳහා පරීක්‍ෂා කළ හැකි බව සහ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට එය බාධාවක් නොවන බව පැහැදිලි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සමඟ තම ආයතනය යෝජනා කරන පද්ධතියේ තවමත් ගැටලු තිබෙන බවද Health Equity Matters හි ප්‍රධාන විධායක නිලධාරි Darryl O'Donnell ප්‍රකාශ කළේය.

Kirby ආයතනය විසින් නිකුත් කරන ලද ඔස්ට්‍රේලියාවේ HIV අනුපාතය පිළිබඳ වාර්ෂික දත්ත පෙන්නුම් කරන පරිදි 2022 වසරේදී වාර්තා වූ HIV රෝගීන් 555 න් 44% ක් වසර හතරක් හෝ ඊට වැඩි කාලයක් ප්‍රමාදවී රෝග විනිශ්චයන් ලබාගත් අය වේ.

ඔස්ට්‍රේලියාවේ උපන් ජනගහනය හා සසඳන විට, විදේශයන්හි උපන් අයට ප්‍රමාද වූ රෝග විනිශ්චයක් ලැබීමට ඇති ඉඩකඩ වැඩිය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රජාව තුළ හඳුනා නොගත් HIV සම්ප්‍රේෂණයට අමතරව HIV ඇති පුද්ගලයින් ද ප්‍රතිකාර කිරීම සඳහා පැමිණීම ප්‍රමාද කරන බැවින් ඒ පිළිබඳ බරපතල වද වීමක් ඇති බව Kirby ආයතනයේ වෛද්‍ය Skye McGregor පැවසුවාය.

මිනිසුන් HIV පරීක්ෂාවට ලක් කිරීම වළක්වන ඕනෑම බාධකයක් නැති කළ යුතු බව ද ඇය පැවසුවාය.



Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service