ඔස්ට්‍රේලියාවේ රැකියාවකට අයදුම් කිරීමේදී ස්ථිර පදිංචිය ඇසීමෙන් තාවකාලික වීසා ලාභීන්ට වෙනස්කොට සලකන බවට චෝදනා

තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවේ සිටින සේවකයන්ට වෙනස් කොට සැලකීම ඉතා පුලුල්ව පැතිරී ඇති බව Migrant Workers Centre හෙවත් සංක්‍රමණික ශ්‍රමික මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී Matt Kunkel පැවසුවේය.

"Are you a permanent resident". Is this a fair question to ask when applying for a job in Australia?

"Are you a permanent resident". Is this a fair question to ask when applying for a job in Australia? Source: Getty / Getty Images

‘Are you a permanent resident of Australia or are you in the country on a visa? If on a visa, what type of visa?’

"ඔබ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක්ද නැතිනම් වලංගු වීසා බලපත්‍රයක් මත ඔස්ට්‍රේලියාවේ සිටිනවාද? වීසා බලපත්‍රයක් මත සිටී නම්, ඒ කුමන වර්ගයේ වීසා බලපත්‍රයක්ද?"

ඔබ ඔස්ට්‍රේලියාවේ රැකියාවකට අයදුම් කිරීමේදී ඉහත සඳහන් ප්‍රශ්නය සෑම රැකියා අයදුම්පතකම පාහේ තිබී ඇති බව ඔබට සිහිපත් වනු ඇත.

එය බොහෝ විට ඔස්ට්‍රේලියාවේ රැකියා ඉල්ලුම්පත්‍රයක් පුරවන විට අසනු ලබන පළමු ප්‍රශ්නවලින් එකක් වන අතර තමන් අයදුම් කළ බොහෝ රැකියා සඳහා ස්වයංක්‍රීයව තමන්ව ඉවත් කිරීමට එය හේතුවූ බව Radha Neupane ද විශ්වාස කරයි.
A man and a woman standing by the water's edge.
Radha Neupane and her husband Pratik Sigdel say trying to finding work in the fields in which they have qualifications is challenging as migrants. Source: Supplied

තාවකාලික වීසා ලාභීන්ට වෙනස්කොට සැලකීමක්

තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවේ සිටින සේවකයන්ට වෙනස් කොට සැලකීම ඉතා පුලුල්ව පැතිරී ඇති බව Migrant Workers Centre හෙවත් සංක්‍රමණික ශ්‍රමික මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී Matt Kunkel පැවසුවේය.

බොහෝ දෙනෙකුට ඔවුන්ගේ වීසා තත්ත්වය හේතුවෙන් ඇතැම් රැකියා සඳහා අයදුම් කිරීමට පවා අවහිර වී ඇති බව පසුගිය දා නිකුත්කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇතැයි ඔහු පැවසීය.
“ඔස්ට්‍රේලියාවේ discrimination laws හෙවත් වෙනස් කොට සැලකීමේ නීති වෙනස් කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා, එවිට යමෙකුට ඔවුන්ගේ ජාතිය, පන්තිය, ස්ත්‍රී පුරුෂ භාවය, ආගම යනාදිය සඳහා වෙනස් කොට සැලකීමට විරුද්ධ වන ආකාරයටම ඔවුන්ගේ වීසා පදනම මත යමෙකුට වෙනස් කොට සැලකීම ද නීති විරෝධී වනු ඇති” Matt Kunkel පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය සහ සංක්‍රමණික සේවකයින්ගේ රැකියා වෙළඳපල අත්දැකීම් යන මාතෘකාවෙන් යුත් මෙම වාර්තාව සංක්‍රමණික සේවකයින් 1,000 කට වැඩි පිරිසකගේ සමීක්ෂණ ප්‍රතිචාර මත පදනම් විය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා ස්ථිර පදිංචිය නීත්‍යානුකූල අවශ්‍යතාවයක් නොවූවත්, “ව්‍යාපාර එය රැකියා අයිතීන්ට සමාන කිරීමට නැඹුරු වන අතර තාවකාලික වීසා මත සිටින සංක්‍රමණික සේවකයන්ගේ අයදුම්පත් භාර නොගන්නා” බව එම වාර්තාව සඳහන් කර ඇත.

"ඔවුන්ගේ තාවකාලික වීසා බලපත්‍රය දිගු කාලීනව එම පුද්ගලයාව රැකියාවේ තබා ගැනීම සඳහා අඩු ආකර්ශනීය විකල්පයක් බවට පත් කරන බව හෝ ඔවුන් රැකියාවේ තබා ගැනීමේ අපේක්ෂාවන් අඩු වී ඇති බවක් දැනෙනවා විය හැකිය, නමුත් තාවකාලික වීසා බලපත්‍ර ඇති පුද්ගලයින් වැඩි බවත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකුට වඩා සේවායෝජකයා සමඟ දිගු කලක් තාවකාලික වීසා ලාභීන් රැකියාව කිරීමට ඉඩ ඇති බවත් මෙම වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා,”සංක්‍රමණික ශ්‍රමික මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී Matt Kunkel වැඩිදුරටත් පැහැදිලි කළේය.

මෙම සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් අඩකට වඩා (54%) තමන් රැකියාවේදී වෙනස් කොට සැලකීම් අත්විඳ ඇති බව පැවසූ අතර සහභාගී වූවන්ගෙන් තුනෙන් එකකට වඩා (38%) හිරිහැර කිරීම් සහ වාචික අපයෝජනයන් (37%) අත්දැක ඇති බව පවසා තිබේ.

නිර්දේශ ගණනාවක්

සංක්‍රමණික ශ්‍රමිකයින් රැකියා සඳහා අයදුම් කිරීම තහනම් කිරීම හෝ සංක්‍රමණ තත්ත්වය මත රැකියාවේදී ඔවුන්ට වෙනස් කොට සැලකීම නීති විරෝධී බවට යෝජනා කිරීම මෙන්ම, මෙම වාර්තාව තවත් ප්‍රතිපත්ති නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇත.

ඒවා අතර සංක්‍රමණික සේවකයින්ගේ කුසලතා සහ දායකත්වය වඩා හොඳින් හඳුනා ගැනීම ද විය.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයින්ට ඇති කුසලතා සහ ඔවුන් අවසානයේ රැකියා කරන ක්ෂේත්‍ර අතර විශාල විෂමතාවයක් දකින බව සංක්‍රමණික ශ්‍රමික මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී Matt Kunkel සඳහන් කළේය.

මෙම වාර්තාව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය "ප්‍රභූ සංක්‍රමණ පද්ධතියක්" ලෙසට ක්‍රියාත්මක වීම අවසන් කරන ලෙස ද ඉල්ලා සිටියේය.
රැකියා සහ වීසා අතර චක්‍රලේඛ තර්කනයකට හසු වූ සංක්‍රමණිකයන් කොපමණ දැයි එහි විස්තර කර ඇත.

"හොඳ රැකියාවක් ලබා ගැනීම සඳහා ඔබට ස්ථිර වීසා බලපත්‍රයක් අවශ්‍ය වන අතර ස්ථිර වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සංක්‍රමණ ලකුණු උපයා ගැනීමට ඔබට යහපත් රැකියාවක් අවශ්‍ය වේ" යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.

ස්ථිර වීසා බලපත්‍ර පිළිබඳ බොහෝ කොන්දේසි ඉතා සීමිත වන අතර ඒවා ඉවත් කළ යුතු බව Matt Kunkel පැවසීය.

මීට අමතරව තමන්ට නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් වැටුප් ගෙවන බව බොහෝ සංක්‍රමණික ශ්‍රමිකයන් පවසා තිබේ.

සංක්‍රමණික සේවකයින්ගෙන් 58% ක් පමණ වැටුප් සූරාකෑම්වලට මුහුණ දෙන බව මෙම වාර්තාවෙන් පෙනී ගොස් ඇතැයි සංක්‍රමණික ශ්‍රමික මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී Matt Kunkel පැවසීය.

Share

Published

By Aleisha Orr, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ රැකියාවකට අයදුම් කිරීමේදී ස්ථිර පදිංචිය ඇසීමෙන් තාවකාලික වීසා ලාභීන්ට වෙනස්කොට සලකන බවට චෝදනා | SBS Sinhala