මීට පස්සේ ඔස්ට්‍රේලියාවේ මේ ක්ෂේත්‍රවල උදවියට Tax Return එකේදී බොරු කරන්න බැහැ, ATO එකෙන් විශේෂ පණිවිඩයක්

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය තම දත්ත ගැලපුම් ක්‍රියාවලිය නව ක්ෂේත්‍ර ගණනාවක් දක්වා දැන් පුළුල් කර තිබේ.

income

Source: AAP

ඔස්ට්‍රේලියනුවාසීන් නියමිත අන්දමින් නිසි පරිදි ආදායම් බදු ගෙවනවා දැයි පරීක්ෂා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ක්‍රියාත්මක කරන data-matching හෙවත් දත්ත ගැලපීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කර ඇතැයි ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) නිවේදනය කරයි.

ඒ අනුව බදු ගෙවන්නන් මෙම බදු කාලය තුළ තම නිවැරදි ආදායම මග නොහැර රැකියාවට හෝ ව්‍යාපාරයට අදාළ වියදම් වෙනස් නොකරන බව සහතික කිරීම සඳහා මෙය ඉවහල් වනු ඇතැයි ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි. 

ATO දත්ත ගැලපුම් ක්‍රියාවලිය පුළුල් කෙරේ

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය තම දත්ත ගැලපුම් ක්‍රියාවලිය පහත ක්ෂේත්‍ර දක්වා දැන් පුළුල් කර තිබේ.
  • දේපල කළමනාකරුවන්
  • landlord insurance providers හෙවත් ඉඩම් හිමියන් සඳහා රක්ෂණ සපයන්නන්
  • නේවාසික ආයෝජන දේපල සඳහා ණය ලබා දෙන ආයතන
  • sharing economy providers හෙවත් Uber, Airbnb වැනි හවුල් ආර්ථික සේවා සපයන්නන්
  • ආදායම් ආරක්ෂණ රක්ෂණයන්
"මෙය අනුමාන කිරීම් කරන ක්‍රීඩාවක් නෙමෙයි, අපගේ නවීන දත්ත ගලපන වැඩසටහන් නිසා බදු ගෙවන්නන්ගේ tax return එකේ වැරදි තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය සියලු ඉඟි අපට ලබා දෙනවා." යනුවෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පවසයි.

නේවාසික ආයෝජන දේපල ණය සහ ඉඩම් හිමියන්ගේ රක්ෂණය

කුලී දේපල හිමිකරුවන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම ඔවුන්ගේ බදු ප්‍රතිලාභය වැරදි ලෙස ලබා ගන්නා බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ ආදායම් බදු ප්‍රතිලාභ පිළිබඳ සමාලෝචනය පෙන්නුම් කරයි.

ආයෝජන ණය දත්ත සහ ඉඩම් හිමියන්ගේ රක්ෂණ ප්‍රතිපත්ති තොරතුරු ඇතුළුව කුලී දේපළ ආයෝජකයින් සඳහා නව දත්ත ගැළපෙන ප්‍රොටෝකෝල දෙකක් මේ වසරේ ආරම්භ වන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පවසයි.
———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

කුලී දේපළවලින් ආදායමක් ඇති බදු ගෙවන්නන්ගෙන් 80%ක් පමණ තම ණය සඳහා පොලිය සඳහා අඩු කිරීමක් ඉල්ලා සිටි අතර එතැනදී වැරදි කිරීම් දකින බව ද ඔහු ප්‍රකාශ කරයි.

"උදාහරණයක් ලෙස, ඔබට යුරෝපයට නිවාඩුවක් යාම හෝ ටෙස්ලා මෝටර් රථයක් වැනි පුද්ගලික අයිතම මිලදී ගැනීමට ආයෝජන දේපලක් refinance කරන්නට බහ, ඉන්පසු ඒ සඳහා වන පොලී වියදම් බදු අඩු කිරීමක් ලෙස දිගටම ඉල්ලා සිටින්නත් බැහැ." යනුවෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh වැඩි දුරටත් පැහැදිලි කරයි.

නව ඉඩම් හිමි රක්ෂණ දත්ත-ගලපන ප්‍රොටෝකෝලය සමඟ, කුලී දේපල සඳහා ගෙවන රක්ෂණ වාරික බදු අඩු කිරීමක් ලෙස ඉල්ලා සිටිය හැකි බව ATO බදු ගෙවන්නන්ට සිහිපත් කරයි.

ඒ හා සමානව, ආයෝජන දේපලක් සම්බන්ධයෙන් ලැබෙන ඕනෑම රක්ෂණ ලැබීමක් ආදායමක් ලෙස වාර්තා කළ යුතුය.

Sharing Economy වාර්තාකරණ රෙජීමය (SERR)

ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන්ගෙන් වාර්තාගත සංඛ්‍යාවක් දැන් රැකියා කිහිපයක් කරමින් හෝ අමතර ආදායමක් ලබමින් හෝ Sharing Economy අංශයෙන් ආදායමක් ලබමින් හෝ සිටී.

SERR 2023 ජූලි 01 සිට ආරම්භ වන අතර, මෙය අදියර දෙකකින් බලාත්මක වනු ඇත:
  • කුලී රථ සේවා, ride-sourcing ර සහ කෙටි කාලීන නවාතැන් සේවා සපයන ඉලෙක්ට්‍රොනික platforms 2023 ජූලි 01 සිට සිය ආදායම් දත්ත වාර්තා කළ යුතුය.
  • අනෙකුත් සියලුම ඉලෙක්ට්‍රොනික platforms 2024 ජූලි 01 සිට සිය ආදායම් වාර්තා කළ යුතුය.
මෙම නව නීති මගින් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට අදාළ platforms භාවිතයෙන් ආදායම් උපයන පුද්ගලයින්ගේ පැහැදිලි ආදායම් දත්ත ලබා දෙනු ඇත.

ආදායම් ආරක්ෂණ රක්ෂණය

නව ආදායම් ආරක්ෂණ දත්ත ගැලපුම් ප්‍රොටෝකෝලය මෙම මාසයේ ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් ආදායම් ආරක්ෂණ රක්ෂණ ප්‍රතිපත්ති සඳහා ගෙවන වාරික මෙන්ම ලැබුණු ගෙවීම් ද දැන ගනු ඇත.

ඔබට සාමාන්‍යයෙන් ඔබ මිලදී ගන්නා ආදායම් ආරක්ෂණ රක්ෂණය සඳහා බදු අඩු කිරීමක් ඉල්ලා සිටිය හැකි නමුත් ඔබේ super අරමුදල මඟින් රක්ෂණ ගාස්තු ගෙවනු ලබන්නේ නම් ඔබට බදු අඩු කිරීම ඉල්ලා සිටිය නොහැකි බව බදු කාර්යාලය සිහිපත් කරයි.

‘ඔබේ පුද්ගලික රක්ෂණයෙන් හෝ ඔබේ superඅරමුදලෙන් හෝ ඔබට ආදායම් ආරක්ෂණ රක්ෂණ ගෙවීමක් ලැබෙන්නේ නම්, ඔබ ඔබේ බදු ප්‍රතිලාභයට එම ආදායම ඇතුළත් කළ යුතු බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පවසයි.



Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service