ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා දීම පිළිබඳ නව වෙනස්කම් පහළ මන්ත්‍රණ සභාවේදී සම්මත වෙයි. (SBS සිංහල/වාර්තා)

“ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය කියන්නේ මහඟු වරප්‍රසාදයක්. එම වරප්‍රසාදය ලබන්නට නම් ඒ සඳහා අයදුම් කරන උදවිය ඔස්ට්‍රේලියාවේ නීතිය, සංස්කෘතිය සහ සාමාජ වටිනාකම් පිළිබඳ හොඳින් දැන සිටිය යුතු අතර ඒවාට ගරු කළ යුතුද වෙනවා. ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබන්න සුදුසුකම් ලබන්නේ එවැනි අයයි.” යනුවෙන් ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton සූදානම් වෙයි.

Australian Citizenship requirement changes pass lower house.

Source: SBS

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා දීම පිළිබඳ සිදුකිරීමට යෝජිත වෙනස්කම් ඊයේ (14/08) රාත්‍රියේදී ඔස්ට්‍රේලියානු පහළ මන්ත්‍රණ සභාවේදී සම්මත වී තිබේ.

ඒ අනුව මෙම යෝජිත වෙනස්කම් සෙනට් සභාවට ඉදිරිපත් කිරීමට ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton සූදානම් වෙයි.
“ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය කියන්නේ මහඟු වරප්‍රසාදයක්. එම වරප්‍රසාදය ලබන්නට නම් ඒ සඳහා අයදුම් කරන උදවිය ඔස්ට්‍රේලියාවේ නීතිය, සංස්කෘතිය සහ සාමාජ වටිනාකම් පිළිබඳ හොඳින් දැන සිටිය යුතු අතර ඒවාට ගරු කළ යුතුද වෙනවා. ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබන්න සුදුසුකම් ලබන්නේ එවැනි අයයි.” යනුවෙන් ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton සූදානම් වෙයි.
“නමුත් අවාසනාවකට අන්තවාදී පිරිස් සහ ත්‍රස්ත ක්‍රියා වලට උරදෙන පුද්ගලයින්ගෙන් ඔස්ට්‍රේලියානු සමාජයට හානි සහ බලපෑම් සිදුවෙමින් පවතිනවා. කණගාටුදායක කරුණ වෙන්නේ එවැනි වූ බොහෝ සිදුවීම් පිටුපස සිටින්නේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් පිරිස්. ඉතින් ඔස්ට්‍රේලියානු සමාජයට හානි කරන පිරිස් හට මෙම මහඟු වරප්‍රසාදය ලබා නොදීමට කටයුතු කිරීම රජයේ වගකීමක්” ලෙසද අමාත්‍ය Peter Dutton පැහැදිලි කළේය.
මෙම වෙනස්කම් හරහා සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියානු සමාජයත් සමග ඉතා හොඳින් බද්ධ වීමට හැකියාව ලැබෙනු ඇතැයිද ඔහු පැවසුවේය.

මෙම වෙනස්කම් අසාධාරණ, බෙදා වෙන් කරන වර්ගවාදී බව කම්කරු පක්ෂය කියයි.

මෙම වෙනස්කම් වලට කම්කරු පක්ෂය තම විරුද්ධත්වය ප්‍රකාශ කරන අතර එයට ඇතුළත් ඉංග්‍රීසි භාෂාව පරීක්ෂා කිරීමේ අසීරු පරීක්ෂණය අසාධාරණ සහ වර්ගවාදී එකක් බව පවසයි.

“මෙම වෙනස්කම් වලට අනුව ඔබට විශ්ව විද්‍යාලීය මට්ටමේ ඉංග්‍රීසි භාෂා දැනුමක් නැතිනම් කවදාවත් ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීමට නොහැකි වෙනවා.” යනුවෙන් කම්කරු පක්ෂයේ මන්ත්‍රී Jason Clare පැවසීය.

“ඔබගේ ඉංග්‍රීසි දැනුම හොඳ මට්ටමක තිබේනම් ඔබට වඩා හොඳ රැකියාවක් ලබාගැනීමට හැකියි. ඔබට හොඳ රැකියාවක් ලැබෙනවා කියන්නේ ඔබ ඔස්ට්‍රේලියානු සමාජයත් සමග හොඳින් බද්ධ වෙනවා කියන එක. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ ඔබට විශ්ව විද්‍යාලීය මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් නැත්නම් ඔබට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නොලැබිය යුතුයි කියලා. එම අඩුපාඩුව මඟ හරින්න අපි ඔවුන්ගේ කුසලතා වර්ධනය කළ යුතුයි.” යනුවෙන්ද ඔහු පැවසුවේය.
“ඔබට ඉංග්‍රීසි රචනාවක් ලියාගන්නට නොහැකි නම්, ඔබට විශ්ව විද්‍යාලීය නිබන්ධනයක් ලියාගන්නට නොහැකි නම් ඔබ ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. මෙයින් කියවෙන්නේ එවැනි දෙයක්” යනුවෙන්ද කම්කරු පක්ෂයේ මන්ත්‍රී Jason Clare පැහැදිලි කළේය.
ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා දීම පිළිබඳ නව වෙනස්කම් පිළිබඳ සෙනට් සභාවේ විමර්ශනයෙන් පසුව ඒ පිළිබඳ අවසාන වාර්තාව සැප්තැමබර් 04 වන දිනට පෙර ලැබීමට නියමිත බවද වාර්තා වේ.

------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

------------------------------------------------------------------------------------------

Share

Published

Updated

By Madhura Seneviratne, Marija Zivic (Original)
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service