පවුල් සහ ගෘහස්ථ හිංසනය අත් විඳින ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන්ට සුබ ආරංචියක් (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ, ඇතැම් වීසා අයදුම්කරුවන් ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිකරුවෙකු සමඟ ඔවුන්ගේ සබඳතාවයේදී පවුල් හෝ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අත්විඳින්නේ නම් ස්ථිර වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබිය හැකිය.

Australian visa compliance system found to have "extensive shortcomings"

Source: Supplied

ඔස්ට්‍රේලියාවේ වීසා සහය අපේක්ෂා කරන පවුල් සහ ගෘහස්ථ හිංසනයට ගොදුරු වූවන් සඳහා ඊට අදාළ සාක්ෂි අවශ්‍යතා සඳහා වන වෙනස්කම් කම්කරු පක්ෂ රජය විසින් පසුගියදා නිවේදනය කරන ලදී.

පවුල් හෝ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ප්‍රකාශ සඳහා අවශ්‍ය සාක්ෂි සැපයීම සම්බන්ධයෙන් වින්දිතයින් හෝ හිංසනයෙන් දිවි ගලවා ගත් අය මුහුණ දී ඇති අභියෝග සම්බන්ධයෙන් නීති විශේෂඥයින් සමඟ රජයේ උපදේශනයෙන් පසුව මෙම නිවේදනය නිකුත් කරන ලදී.

ප්‍රධාන සංශෝධන

ඔස්ට්‍රේලියාවේ, ඇතැම් වීසා අයදුම්කරුවන් ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිකරුවෙකු සමඟ ඔවුන්ගේ සබඳතාවයේදී පවුල් හෝ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අත්විඳින්නේ නම් ස්ථිර වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබිය හැකිය.

එහිදී පවුල් හෝ ගෘහස්ථ හිංසන විධිවිධාන සඳහා සලකා බැලීමට, පවුල් හෝ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ වලංගු හිමිකම් පෑමක් අදාළ වින්දිතයා විසින් කළ යුතුය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් දක්වා ඇති අදාළ සාක්ෂි අවශ්‍යතා සපුරාලීම එයට ඇතුළත් වේ.

මේ සඳහා සාක්ෂි සැපයිය හැකි වෛද්‍ය වෘත්තීන් ලැයිස්තුවට වින්නඹු මාතාවන් ඇතුළත් කිරීම කම්කරු පක්ෂ රජය විසින් සිදුකළ සංශෝධනවල ප්‍රධාන එකකි.

දිවුරුම් ප්‍රකාශයන් වෙනුවට සාක්ෂි වර්ග ලෙස අවදානම් තක්සේරු කිරීම් සහ වාර්තා ලබාගැනීම, ක්ෂි සැපයිය හැකි අතිරේක උපදේශන සහ අර්බුද පිළිබඳ සේවා සපයන්නන් ඇතුළත් කිරීම සහ ඇතැම් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා දිවුරුම් ප්‍රකාශන අවශ්‍යතාවය ඉවත් කිරීම සෙසු ප්‍රධාන සංශෝධන බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.

ස්ථිර වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබිය හැකි වීසා ඛාණ්ඩ

ඔබ පහත සඳහන් ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රවලින් එකක් සඳහා ඉල්ලුම් කර ඇත්නම් හෝ දැනට හිමිකරගෙන ඇත්නම්, ඔබ ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වය අත්විඳ ඇත්නම් ඔබට ස්ථිර වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබිය හැකිය.

  • Temporary Partner (subclass 820) වීසා
  • Provisional Partner (subclass 309) වීසා
  • Prospective Marriage (subclass 300) වීසා
  • Dependent Child (subclass 445) වීසා (වීසා දරන්නා වූ මාපියන් පවුල් හිංසන විධිවිධාන සඳහා ඉල්ලුම් කර ඇති යැපෙන්නෙකු ලෙස)
  • Global Talent (subclass 858) වීසා (ප්‍රාථමික වීසා දරන්නාට ස්ථිර වීසා බලපත්‍රයක් ලබා දී ඇති විටදී ද්විතීයික වීසා අයදුම්කරුවෙකු ලෙස)

වැඩි විස්තර සහ උපකාරක සේවා

පවුල් සහ ගෘහස්ථ හිංසන විධිවිධාන සහ යාවත්කාලීන කරන ලද සාක්ෂි අවශ්‍යතා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න.

ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු පවුල්, ගෘහස්ථ හෝ ලිංගික හිංසනය අත්විඳිමින් සිටී නම් හෝ අත්විඳීමේ අවදානමක් ඇත්නම්, 1800 737 732 ට 1800RESPECT අමතන්න. නැතිනම් 1800RESPECT.org.au වෙත පිවිසෙන්න.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service