පාස්කු නිවාඩුවට සිඩ්නි හා මෙල්බර්න් ගුවන් තොටුපළ හරහා ගමන් කරන ඔබ දැනගත යුතු විශේෂ උපදෙස් මෙන්න

මිලියන හතකට ආසන්න සංචාරකයින් සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් ගුවන් තොටුපලවල පර්යන්ත හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

A man walking past a window at an airport. There are planes parked outside.

Special tips you need to know when traveling through Sydney and Melbourne airports over the Easter holidays Source: Getty / Mark Evans

පාස්කු නිවාඩුවත් සමග දහස් සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවාසීන් ඔස්ට්‍රේලියාව තුළ හා විදේශයන්හි සංචාර සඳහා ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ වෙත පැමිණෙනු ඇත.

කොවිඩ් වසංගතයට පෙර මෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ වසරේ ඔවුන්ගේ කාර්යබහුලම සති අන්තය සඳහා සූදානම් වෙමින් සිටී.
මිලියන හතකට ආසන්න සංචාරකයින් සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් ගුවන් තොටුපලවල පර්යන්ත හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අතරින් සිඩ්නි සහ මෙල්බර්න් ගුවන් තොටුපොළ පාස්කු නිවාඩුවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවාසීන්ට තදබදය අවම කරගැනීමට සහ වේලාව පිළිබඳ ගැටළු මග හරවා ගැනීමට විශේෂ උපදෙස් නිකුත් කර තිබේ.

සිඩ්නි ගුවන් තොටුපොළ

අවධානය යොමු කළ යුතු විශේෂ කරුණු

  • පාස්කු සමයේ පාසල් නිවාඩු කාලය තුළ මිලියන 2.4 ක ජනතාවක් සිඩ්නි ගුවන් තොටුපළ හරහා ගමන් කිරීමට සූදානම් වෙයි.
  • එම සංචාරකයින්ට දේශීය ගුවන් මගීන් මිලියන 1.5 කට වැඩි සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර ගුවන් මගීන් 850,000 ක් ඇතුළත් වේ.
  • ඒ සියලු සංචාරකයින්ට සියලුම සේවා සැපයීමට සිඩ්නි ගුවන් තොටුපොළ සූදානම් බව ගුවන් තොටුපොළ බලධාරීහු පවසති.
  • ඔස්ට්‍රේලියාව තුළ ගමන් කරන ගුවන් මගීන් - Hand luggage පමණක් ඇති ගුවන් මගීන් ගුවන් යානය පිටත්වීමට පැයකට පෙර පැමිණිය යුතු අතර hand luggage සහ checked baggage ඇති ගුවන් මගීන් ගුවන් යානය පිටත්වීමට පැය දෙකකට පෙර පැමිණිය යුතුය.
  • ජාත්‍යන්තර ගුවන් මගීන් - තම ගුවන් යානය පිටත්වීමට පැය තුනකට පෙර පැමිණිය යුතුය.
  • Passengers depart Sydney Airport
    Passengers depart Sydney Airport Source: AAP

සිඩ්නි ගුවන් තොටුපළේ පාස්කු ක්‍රියාකාරකම්

  • 2023 අප්‍රේල් පාසල් නිවාඩු කාලය පුරාවට treasure hunt, face-painting සහ Easter egg පිරිනැමීම ඇතුළුව ළමයින්ට විනෝදාස්වාදය ලබා දීම සඳහා සිඩ්නි ගුවන් තොටුපළේ පර්යන්තවල විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක් සංවිධානය කර ඇති බව සිඩ්නි ගුවන් තොටුපොළ බලධාරීහු පවසති.
  • Chocolate Easter egg පිරිනැමීම: අප්‍රේල් 6 සිට 9 දක්වා T1, T2, T3 පර්යන්තවල
  • ඡායාරුප ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු සත්ත්වයින්ගේ cut out ප්‍රදර්ශනය කිරී: අප්‍රේල් 6 සිට 23 දක්වා T1, T2, T3 පර්යන්තවල
  • ළමුන් සඳහා face painting කිරීම: අප්‍රේල් 6 සිට 7 දක්වා සහ අප්‍රේල් 10 සිට 13 දක්වා පෙරවරු 7.30 සිට 10.30 දක්වා T2 සහ T3 පර්යන්තවල
  • පාස්කු තේමා යටතේ ඩිජිටල් treasure hunt ක්‍රීඩාව: දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් පර්යන්තවල අප්‍රේල් 6 සිට 23 දක්වා. මෙහිදී ඩොලර් 3,000ක සංචාරක වවුචරයක් දිනා ගැනීමේ අවස්ථාවක් උදාවේ.
  • Cuddly Care කාඩ්පත්: නිවාඩු කාලය පුරාම ළමයින්ට ඔවුන්ගේ soft toys වල ඇමිණීම සඳහා Ambassador Desks වලින් boarding pass ලබා ගත හැකිය.
———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙල්බර්න් ගුවන් තොටුපළ

අවධානය යොමු කළ යුතු විශේෂ කරුණු

  • අප්‍රේල් 5 සහ 25 අතර මෙල්බර්න් ගුවන් තොටුපළේ පර්යන්ත හතර හරහා මිලියන 2.1 කට වැඩි ගුවන් මගීන් සංඛ්‍යාවක් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • එය පසුගිය වසරේ පාස්කු කාලයට වඩා 30% කින් වැඩිය.
  • එම ගුවන් මගීන්ගෙන් මිලියන 1.5 කට ආසන්න පිරිසක් ඔස්ට්‍රේලියාව තුළ ගමන් කරනු ඇති අතර ජාත්‍යන්තර මගීන් 635,000 කට වැඩි සංඛ්‍යාවක් ගමන් කරනු ඇතැයි පුරෝකථනය කර ඇත.
  • නිවාඩු කාලයට පෙර මාස ගණනාවක් සැලසුම් කිරීමේ ප්‍රයත්නයන් සමග අපේක්ෂිත මගී ප්‍රමාණය හැසිරවීමට මෙල්බර්න් ගුවන් තොටුපළ හොඳින් සන්නද්ධව ඇති බව මෙල්බර්න් ගුවන් තොටුපළේ ගුවන් සේවා ප්‍රධානී Jim Parashos පැවසුවේය.
  • ගුවන් තොටුපොළේ පෝලිම් තිබිය හැකි නමුත් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය හැකි ඉක්මනින් මගීන්ට ඇතුල් වීමට සහ ආරක්ෂිතව ඔවුන්ට සංචරණය කිරීමට පහසුකම් සලසා දෙනු ඇත.
  • ඔස්ට්‍රේලියාව තුළ ගමන් කරන ගුවන් මගීන් - තම ගුවන් යානය පිටත්වීමට පැයකට හෝ දෙකකට පෙර පැමිණිය යුතුය.
  • ජාත්‍යන්තර ගුවන් මගීන් - තම ගුවන් යානය පිටත්වීමට පැය තුනකට පෙර පැමිණිය යුතුය.
  • එම කාලයට පෙර ගුවන් තොටුපොළට ඇතුළු නොවන ලෙස ගුවන් මගීන්ගෙන් මෙල්බර්න් ගුවන් තොටුපළ ඉල්ලා සිටී.
  • ඇතැම් ගුවන් සමාගම් නියමිත වෙලාවට පෙර check-in විවෘත නොකිරීම සහ විශාල මගී ප්‍රමාණයන් කළමනාකරණය කිරීමට සිදුවීම ඊට හේතු ලෙස දක්වා තිබේ.
  • රථ ගාල් කාර්යබහුල වනු ඇති බැවින් හැකිතාක් දුරට වේලාසනින් online වෙන්කරවා ගැනීමට සහ මෝටර් රථ ඉඩක් සොයා ගැනීමට අමතර කාලයක් වැයවනු ඇතැයි උපදෙස් දෙයි.
The arrivals hall at Melbourne Airport
Melbourne Airport Source: AAP

මෙල්බර්න් ගුවන් තොටුපළේ පාස්කු ක්‍රියාකාරකම්

  • ළමයින්ට විනෝදාස්වාදය ලබා දීම සඳහා මෙල්බර්න් ගුවන් තොටුපළේ පාස්කු ක්‍රියාකාරකම් පැවැත්වේ.
  • සියලු පර්යන්තවල පැවැත්වෙන එම ක්‍රියාකාරකම් හරහා ත්‍යාග ලබාගත හැකිය.
  • T4 පර්යන්තයේ සිටින Easter Bunny හෙවත් පාස්කු හාවා සමඟ පින්තූර ගැනීමට ද දරුවන්ට සහ වැඩිහිටියන්ට අවස්ථාව ලැබේ.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service