ඔස්ට්‍රේලියාව වසරකට සරණාගත වීසා 20,000 ක් දීමට සූදානම් වෙයි (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම නවතම තීරණයට අනුව දැනට 17,875 ක්ව පවතින ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා කෝටාව 20,000 දක්වා ඉහළ දැමේ.

Refugee protest

Refugee supporters hold banners and signs during a rally in Sydney, Source: AAP

ඔස්ට්‍රේලියාවේ මානුෂීය වැඩසටහනේ කොටසක් ලෙස පිරිනමන සරණාගත වීසා කෝටාව ඉහළ නැංවීමට ඔස්ට්‍රේලියාව සූදානම් වේ.

මේ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles නිවේදනය කළේය.

ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා කෝටාව ඉහළට

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම නවතම තීරණයට අනුව දැනට 17,875 ක්ව පවතින ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා කෝටාව 20,000 දක්වා ඉහළ දැමේ.

ඒ අනුව සෑම වසරකම ඒ සඳහා 20,000 ක වීසා කෝටාවක් වෙන් කෙරෙනු ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————
මෙම වැඩිවීම ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා ප්‍රමාණය 2013 දී කම්කරු පක්ෂය මධ්‍යම රජයේ සිටි විට අවසන් වරට තිබුණු මට්ටමට ගෙන එනු ඇත.

ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා කෝටාව 11% කින් පමණ ඉහළ යාම සුදුසු බව අග්‍රාමාත්‍ය Anthony Albanese පැවසුවේය.

ගෝලීය මානුෂීය අර්බුදයට මුහුණ දීමේදී මෙම වැඩිකිරීම මගින් ඔස්ට්‍රේලියාවට වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට ඉඩ සැලසෙන බවත්, මිලියන දෙකකට අධික ජනතාවක් ලොව පුරා හදිසි නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන බවත්, මිලියන 100ක් යුද්ධයෙන් හෝ පාලන තන්ත්‍රය වෙනස් වීම නිසා බලහත්කාරයෙන් අවතැන් වීමට සිදුවී ඇති බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles පැවසීය.

දැනට පවතින 17,875 ක සරණාගත වීසා කෝටාවෙන් 13,570 ක් මූලික සරණාගත වැඩසටහනේ කොටසක් ලෙස වෙන් කර ඇති අතර 4,125 ක් ඇෆ්ගනිස්ථානයේ අවතැන් වන පුද්ගලයින් සඳහා ලබා දී ඇත.

7,000 ක් තවමත් මදි

නීතිවේදීන් මෙම තීරණය පිළිගෙන ඇති අතර මෙය සරණාගතභාවය අපේක්ෂා කරන අයගේ ජීවිත වෙනස් කරන තීන්දුවක් බව ඔස්ට්‍රේලියාවේ සරණාගත කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Paul Power පැවසීය.

"මෙවැනි විශාල අවශ්‍යතාවයක් පවතින අවස්ථාවක, සෑම අමතර සරණාගතයින් නැවත පදිංචි කිරීමේ අවස්ථාවකම සාදරයෙන් පිළිගනු ලබන අතර, පීඩා සහ ගැටුම් හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් සඳහා ජාත්‍යන්තර වගකීමේ කොටස වැඩි කිරීමට ඔස්ට්‍රේලියාවේ කැමැත්ත මෙයින් පෙන්නුම් කරනවා," ලෙස ද ඔහු පැවසීය.
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සරණාගත වීසා කෝටාව 27,000 දක්වා ඉහළ නැංවීමට කම්කරු පක්ෂය මීට පෙර කැපවී සිටියේය.

එම ඉලක්කය සාක්ෂාත් කරගන්නේ කවදාද යන්න සඳහා කම්කරු පක්ෂය කිසිදු කාල රාමුවක් ලබා දී නොමැති අතර 2025 හිදී වත්මන් පාර්ලිමේන්තු වාරය අවසන් වන විට කම්කරු පක්ෂ රජයට මෙම ඉලක්කය සපුරා ගත හැකි බවට විශ්වාස කරන බවද ඔස්ට්‍රේලියාවේ සරණාගත කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Paul Power පැවසීය.

මේ අතර පුද්ගලයන් 27,000ක් සරණාගතයින් ලෙස බාර ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දැනටමත් සකස් කර ඇති බව Settlement Services International සාමාන්‍යාධිකාරී Yamamah Agha පැවසුවාය.

ලෝකයේ මිනිසුන්ගේ අවතැන් වීම වැඩි වන විට, ඔස්ට්‍රේලියාවේ මානුෂීය වැඩසටහනේ ලබාදෙන අවස්ථාද වැඩි විය යුතු බව ඇය පැවසුවාය.



Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාව වසරකට සරණාගත වීසා 20,000 ක් දීමට සූදානම් වෙයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala