වර්තමාන තත්ත්වයත් සමග ඔස්ට්‍රේලියාවේ නිවෙසක් මිලට ගැනීමට සුදුසුම කාලය කුමක්ද? (SBS සිංහල/වාර්තා)

Australian Housing Market

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ අනාගත නිවාස හා දේපළ වෙළෙඳපොළ පිළිබඳ ඔස්ට්‍රේලියානුවාසීන්ට මේ වන විට විශාල ගැටළුවක් පැන නැගී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


 

ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳපොළ අනාගතයේදී නැවතත් ඉහළ නගීවිද? නැතිනම් සම මට්ටමේ පවතීද? එසේත් නැතිනම් තවත් පහළ බසීවිද යන ගැටළු ත්‍රිත්වය මධ්‍යයේ මේ වන විට නිවසක් ගැනීමට අදහස් කර සිටින බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන් අතරමංවී ඇත.
Australian Housing Market
Source: AAP

නිවාස හා දේපළ වෙන්දේසිය

ඉහත ප්‍රශ්න වලට තරමක් දුරට හෝ සාර්ථක පිළිතුරක් ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙන්දේසි දෙස අවධානය යොමු කළ විට ගත හැකිවේ.

විශේෂයෙන්ම auction clearance ප්‍රතිශතය එයට සාර්ථක පිළිතුරු සපයනු ඇත.

පසුගිය සතිය වන විට සිඩ්නි නුවර auction clearance ප්‍රතිශතය 62.2% ක් බව news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.
එමෙන්ම පසුගිය සතියේදී සමස්ත ඔස්ට්‍රේලියාවේම ජාතික  auction clearance ප්‍රතිශතය 56% ක් බවද සඳහන්.

එය එතරම් ඉහළ ප්‍රතිශතයක් නොවන නමුත් බරපතල ලෙස පහළ ප්‍රතිශතයක් නොවන බවත් පෙනෙන්නට තිබේ.
Australian Housing Market
Source: AAP

නිවාස හා දේපළ වෙන්දේසි වලින් නිවාස වෙළෙඳපොල ගැන අනාවැකි කිව හැකිද?

නිවාස හා දේපළ වෙන්දේසිය සම්බන්ධ auction clearance කලින් කලට වෙනස් වෙයි.

එය බොහෝ විට කාලය සමග බැදී පවතී.

අතීත දත්ත විශ්ලේෂණය කිරීමේදී ඔස්ට්‍රේලියාව තුළ නිවාස හා දේපළ වෙන්දේසි බහුල ලෙස සිදුවන්නේ වසන්ත සෘතුවේදීය.
සාමාන්‍යයෙන් වසරක් මුලදී නිවාස වෙන්දේසි ප්‍රමාණය ඉතා අඩු අගයක් ගන්නා නමුත් auction clearance ප්‍රතිශතය ඉහළ අගයක් ගනී.

පහත ප්‍රස්තාරයෙන් ඒ බව මනාව පිළිඹිබු වෙයි.

එහි නිවාස වෙන්දේසි ප්‍රමාණය "අළු" පැහැයෙන්ද auction clearance ප්‍රතිශතය "නිල්" පැහැයෙන්ද දැක්වෙයි.
Australian Housing Market
Source: Supplied

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල තවත් පහළට?

ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළේ මිල ගණන් පහත බැසීම නිසා බොහෝ නිවාස සෘජුව අලෙවි කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතවී ඇති බවද වාර්තා වේ.

එමෙන්ම බොහෝ නිවෙස් එලෙස අලෙවි කිරීමට බොහෝ කාලයක් බලා සිටිය යුතු වීමද තවත් බරපතල කරුණක් වී ඇත.

මේ අතර දැනට ලැබී ඇති දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ ඉදිරියටත් නොකඩවා නිවාස මිල පහත බසිනු ඇති බවත් එනිසාම ඉහළ ඉල්ලුමක් හා මිල ගණන් තිබෙන ප්‍රදේශ වලින් දැනට නිවාසයක් මිලට නොගෙන සිටීම වඩා සුදුසු බවත් realestate.com.au වෙබ් අඩවියේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Nerida Conisbee  පෙන්වා දුන්නාය.

ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළේ ප්‍රධාන ස්ථානයක් ගන්නා සිඩ්නි හා මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ මෙන්ම බ්‍රිස්බන්, පර්ත්  නිවාස වෙළෙඳපොළ වලද මේ තත්ත්වය බොහෝ දුරට සමාන බව සඳහන්.

නමුත් ටස්මේනියා දේපළ වෙළෙඳපොල ඉතා ශීග්‍රයෙන් ඉහළ යන බවත් Rokeby වැනි Hobart කලාපයේ උප නගර වල මේ තත්ත්වය තීව්‍රව දැකිය හැකි බවත් ආර්ථික විද්‍යාඥ Nerida Conisbee පැවසුවාය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service