COVID 19 update 29 July: ආසාදිතයින් 239 ක් වාර්තා වීම නිසා NSW ප්‍රාන්තයේ කොරෝනා නීති තවත් තර කෙරේ

2021 ජූලි 29 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A near empty Market Street is seen in the central business district in Sydney, Thursday, July 29, 2021. NSW recorded 236 new locally acquired cases of COVID-19 in the 24 hours to 8pm last night. (AAP Image/Mick Tsikas) NO ARCHIVING

A near empty Market Street is seen in the central business district in Sydney. Source: AAP Image/Mick Tsikas

Highlights

  • කොරෝනා වසංගතය ආරම්භ වූ දින සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වේ.
  • කොරෝනා ආසදිතයෙකුට වයිරසය ආසාදනය වූ අයුරු පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්ත රජය තවමත් විමර්ශනය කරමින් සිටියි.
  • දකුණු ඔස්ට්‍රේලියාවෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන්ට තවත් සතියක් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 239 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොරෝනා මරණ දෙකක්ද වාර්තා වී ඇත.

වයස අවුරුදු 90 පසුවූ කාන්තාවක් සහ 80 වන වියෙහි පසුවූ පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනාම නිරිතදිග සිඩ්නි කලාපයේ වැසියන් බව සඳහන්.

ආසාදිතයින් 239 දෙනාගෙන් 126 කට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි විමර්ශනය කරමින් සිටින අතර 81 කට වයිරසය වැළදී ඇත්තේ ඔවුන්ගේ නිරෝධායන කාලය තුළදීමය.

Fairfield, Canterbury-Bankstown, Liverpool, Cumberland, Blacktown, Parramatta, Campbelltown සහ George's River නගර සභා කලාප වල වැසියන්ට තම නිවසේ සිට කිලෝ මීටර් 5 කට වඩා ගමන් කිරීම තහනම් බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මුව ආවරණ පැළඳ නොසිටින පුද්ගලයින් වෙත නිකුත් කරන දඩ මුදල $200 සිට $500 දක්වා වැඩි කර තිබේ.

යළි යළිත් කොරෝනා නීති උල්ලංඝණය කරන ව්‍යාපාර වසා දැමීමට පොලිසියට හෙට සිට (30/07) බලය ලබා දෙනු ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංශෝධිත කොරෝනා නීති පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙතැනින්.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 7 ක් හමුවී තිබේ.

එම සියලු දෙනාම දැනට හඳුනාගෙන ඇති Delta ප්‍රභේදයේ කොරෝනා පොකුරට සම්බන්ධ බව සඳහන්.

මේ අතර ඊයේ දිනයේදී (28/07) වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ එක් කොරෝනා ආසාදිතයෙකු මෙල්බර්න් නුවර COVID-19 පරීක්ෂණ සිදුකරන මධ්‍යස්ථානයක සේවය කරන අයෙක් බව වාර්තා විය.

අදාළ පුද්ගලයා Moonee Valley තුරඟ තරඟ පිටියේ ඇති COVID-19 පරීක්ෂණ සිදුකරන මධ්‍යස්ථානයේ රථවාහන පාලකයෙකු ලෙස කටයුතු කරන අයෙක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.

මේ අතර එක් කොරෝනා ආසදිතයෙකුට වයිරසය ආසාදනය වූ අයුරු පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්ත රජය තවමත් විමර්ශනය කරමින් සිටියි.

වික්ටෝරියා ප්‍රාන්තයේ බලාත්මක කොරෝනා නීති පිළිබඳ විස්තර මෙතනින් ලබාගත හැකිය.

පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

  • ගතවූ පැය 24 තුළ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවී ඇති අතර ඔවුන් දෙදෙනාටම වයිරසය ආසාදනය වී ඇත්තේ නිරෝධායනය වෙමින් සිටියදීය.
  • ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ නගර සභා 11 ක වැසියන්ට තවත් සතියක් යනතෙක් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

 

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
COVID-19 Vaccination Glossary
Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 29 July: ආසාදිතයින් 239 ක් වාර්තා වීම නිසා NSW ප්‍රාන්තයේ කොරෝනා නීති තවත් තර කෙරේ | SBS Sinhala