ඔස්ට්‍රේලියාවේ ඔබේ ළමයටත් Phone, Tablet, iPad දෙනවද? එසේනම් මේ නවතම වාර්තාවත් කියවන්න (SBS සිංහල/ වාර්තා)

2017-18 වසර හා සසඳන විට වයස අවුරුදු 5-14 අතර ළමුන්ගේ screen හෙවත් තිරය මත ක්‍රියාකාරකම් කිරීමේ ප්‍රතිශතය එලෙසම පැවතුනද (90%) screen time වැඩි වී ඇත.

Children spend more hours a week on screen-based activities

Children spending more hours a week on screen-based activities Credit: Fly View Productions/Getty Images

ඔස්ට්‍රේලියාවේ සෑම ළමුන් දස දෙනෙකුගෙන් නව දෙනෙකු (90%ක්) අවම වශයෙන් සතියකට පැයක්වත් screen-based activities හෙවත් තිරය මත පදනම් වූ ක්‍රියාකාරකම් සඳහා වැය කරන බව හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද නවතම දත්ත මේ බව අනාවරණය කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ළමුන්ගේ screen time

ඔස්ට්‍රේලියාවේ සෑම ළමුන් දස දෙනෙකුගෙන් නව දෙනෙකු අවම වශයෙන් සතියකට පැයක්වත් තිරය මත පදනම් වූ ක්‍රියාකාරකම් සඳහා වැය කරන අතර සතියකට පැය 20 කට වඩා වැඩි කාලයක් ගත කරන ළමුන්ගේ වැඩිවීමක් ද දක්නට ලැබෙන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත පෙන්වා දෙයි.

2017-18 වසර හා සසඳන විට වයස අවුරුදු 5-14 අතර ළමුන්ගේ screen හෙවත් තිරය මත ක්‍රියාකාරකම් කිරීමේ ප්‍රතිශතය එලෙසම පැවතුනද (90%) screen time වැඩි වී ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

තිර මත පදනම් වූ ක්‍රියාකාරකම්වල යෙදෙන ළමුන්ගෙන් 40%ක් පැය 10-19ක් තිර මත ගත කරන නමුත් සතියකට පැය 20කට වඩා වැඩි කාලයක් තිර භාවිතා කරන ළමුන්ගේ ප්‍රතිශතයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ අධ්‍යාපන සංඛ්‍යාලේඛන ප්‍රධානී Michelle Ducat පවසයි.

එම වැඩිවීම 16% සිට 24% දක්වා වන බව සඳහන්.
Screen-based activities හෙවත් තිරය මත පදනම් ක්‍රියාකාරකම්වලට සාපේක්ෂව විනෝදය සඳහා පොත් පත් කියවීම ළමුන් අතර සැලකිය යුතු තරම් ජනප්‍රිය නොවන අයුරු පෙනී ගොස් ඇත.

2017-18 වසරේ විනෝදය සඳහා පොත් පත් කියවන ළමුන්ගේ ප්‍රතිශතය 79% ක්ව පැවතුණද එය මෙවර 72% ක් දක්වා පහත වැටී තිබේ.

ළමයින්ගෙන් තුනෙන් එකක් පමණ සතියකට පැය දෙකක් හෝ ඊට අඩු කාලයක් කියවන බවද හෙළිවී තිබේ.

මීට අමතරව නිර්මාණාත්මක ක්‍රියාකාරකමකට සහභාගී වන ළමුන් 2017-18 හි 63% සිට 2021-22 දී 59% ක් දක්වා පහත වැටී ඇත.

පිරිමි ළමයින් (52%) හා සසඳන විට ගැහැණු ළමයින් (67%) අතර නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වඩාත් ජනප්‍රිය විය.

ළමුන්ගේ screen time කළමනාකරණය කිරීම

දරුවන් දෙමාපියන්ව නිරායාසයෙන් අනුකරණය සහ අනුගමනය කරන නිසා දෙමාපියන් නිවසේ ඩිජිටල් උපකරණ භාවිත කිරීමට දරුවන්ට නොපෙනෙන කාලයක් තෝරාගත යුතු බව මෙල්බර්න්හි ගුරුවරියක් ලෙස සේවය කරන ස්වේතකී මුණසිංහ මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

වයස අවුරුදු 3 ත් 11 ත් අතර කාලය දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක කාලයක් වන බවත් එම කාල සීමාවේදී පුරුදුවන පුරුදු වයස අවුරුදු 11 න් පසුව දරුවන්ට අත්හැර දැමීමට ඉතා අපහසු වන බවත් ඇය සඳහන් කළාය.

එනිසා ඩිජිටල් උපකරණ භාවිත කිරීම සහ රුපවාහිනිය නැරඹීම සම්බන්ධයෙන් පවුල තුළ නීති රීති මාලාවක් සකසා ගැනීම ඉතාම වැදගත් බව ස්වේතකී අවධාරණය කළාය.
පාසල් වාරය තුළ සහ පාසල් නිවාඩු කාලය තුළ එම නීති රීති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දරුවාට පැහැදිලි අවබෝධයක් ලබාදී ඒවා ක්‍රියාත්මක කිරීමට දෙමාපියන් උනන්දු විය යුතු බවද ස්වේතකී ප්‍රකාශ කළාය.

ළමයින්ව නිශ්චිත routine හෙවත් දින චරියාවකට හදා ගැනීම තවත් ප්‍රධාන ක්‍රියා මාර්ගයක් බව ස්වේතකී මුණසිංහ SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

මාස 18 ට වඩා අඩු ළමුන්ට කිසිම විටෙක් ඩිජිටල් තිරයක් පරිහරණය කිරීමට නොදිය යුතු බවට ඔස්ට්‍රේලියානු වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.

මාස 18 ත් 24 ත් අතර ළමුන්ට දිනකට මිනිත්තු 30 කට වඩා ඩිජිටල් තිරයක් පරිහරණය කිරීමට නොදිය යුතුය.

ඊට අමතරව වයස අවුරුදු 3 ත් 5 ත් අතර ළමුන්ට දිනකට උපරිම screen time කාලය පැයක් බව ස්වේතකී පැවසුවාය.

වයස අවුරුදු 6 ත් 17 ත් අතර ළමුන්ට දිනකට උපරිම screen time කාලය පැය දෙකක් බවට නිර්දේශ කර තිබේ.

එනිසා දරුවන්ගේ screen time කාලය පාලනය කිරීමේ වගකීම දෙමාපියන් විසින් අනිවාර්යෙන්ම බාරගත යුතු අතර එය ක්‍රියාත්මක කරන ආකාරය තම පවුලේ සහ නිවසේ ස්වභාවය අනුව ඔවුන්ම තීරණය කළ යුතුය.

 

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service