Explainer

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරිවල ඔබේ දරුවාට රැකියාවක් කිරීම ඇරඹිය හැකි අවම වයස සහ නීති මෙන්න

ඔස්ට්‍රේලියාවේ ඔබේ දරුවාට රැකියාවක් ආරම්භ කළ හැක්කේ කවදාද සහ ඒ සම්බන්ධ නීති මොනවාද යන්න මෙම ලිපියෙන් තොරතුරු ගෙන එයි.

Two teenagers operating an espresso machine.

There are different minimum working ages across Australian jurisdictions. Source: Getty, iStockphoto / Standret

ඔස්ට්‍රේලියාවේ පාසල් යන වයසේ සිටින දරුවන්ට ද රැකියාවල නියුතු වීමට නීතිමය අවසර දී තිබේ.

නමුත් එම අවසරය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට, ටෙරිටරියෙන් ටෙරිටරියට වෙනස් වේ.

ඔස්ට්‍රේලියාවේ ඔබේ දරුවාට රැකියාවක් ආරම්භ කළ හැක්කේ කවදාද සහ ඒ සම්බන්ධ නීති මොනවාද යන්න මෙම ලිපියෙන් තොරතුරු ගෙන එයි.

වික්ටෝරියා ප්‍රාන්තය

වයස අවුරුදු 15ට අඩු දරුවෙකු බඳවා ගැනීමට අවශ්‍ය නම් සේවා යෝජකයන්ට බලපත්‍රයක් තිබිය යුතුය.

ලියුම් පෙට්ටිවල ප්‍රචාරණ ද්‍රව්‍ය දැමීම වැනි බෙදා හැරීමේ ක්‍රියාවලියක් කිරීමට අවම වශයෙන් වයස අවුරුදු 11ක් විය යුතු අතර සිල්ලර වෙළඳාම සහ ආගන්තුක සත්කාරය වැනි අංශවලට වයස අවුරුදු 13ක් විය යුතුය.

විනෝදාස්වාද සහ වෙළඳ ප්‍රචාරණ කර්මාන්තවල රැකියා සඳහා අවම වයස් සීමාවක් නොමැති නමුත් දින සහ පැය සඳහා සීමාවන් ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————
පාසල් වාරය තුළ දරුවෙකුට වැඩ කළ හැකි පැය ගණන දිනකට පැය තුනක් සහ සතියකට 12 කට වඩා වැඩි නොවේ.

පාසල් නිවාඩු දිනවල එය දිනකට පැය හයක් බැගින් සතියකට පැය 30ක් දක්වා වැඩිවේ.

දෙමව්පියන් හෝ භාරකරුවන් තම දරුවන් පවුලේ ව්‍යාපාරයක සේවයට යොදවා ගැනීම සම්බන්ධයෙන් අඩු සීමාවන් ඇත, නමුත් පාසල් වේලාව තුළ ඔවුන්ව රැකියාවේ යොදවා ගැනීමට ඔවුන්ට අවසර නැත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රැකියා කිරීම සඳහා අවම වයසක් නොමැති නමුත් දරුවන්ට වැඩ කළ හැක්කේ කවදාද සහ කොපමණ කාලයක් සඳහාද යන්න සීමා කිරීම් අදාළ වේ.

පාසල් දිනයක් තුළ ළමයෙකුට පැය හතරකට වඩා රැකියාව කළ නොහැකි අතර, පසුදින පාසල ඇත්නම් රාත්‍රී 9ට පෙර රාජකාරී අවසන් කළ යුතුය.

ඉල්ලීමකට ඔවුන්ගේ විදුහල්පති ලිඛිත අනුමැතියක් ලබා දෙන්නේ නම් මිස පාසල් වේලාව තුළ ඔවුන්ට රැකියා කළ නොහැකිය.

දරුවෙකු නාට්‍ය හෝ වෙනත් රස වින්දනාත්මක ක්ෂේත්‍රයක හෝ විනෝදාස්වාදය සම්බන්ධ රැකියාවක නියුතු වන්නේ නම්, ඔවුන්ට සතියකට පැය කීයක් සහ දින කීයක් වැඩ කළ හැකිද යන්න ඔවුන්ගේ වයස් සීමාව මත රඳා පවතී.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

සාමාන්‍යයෙන් රැකියාවක් කිරීමට හැකි අවම වයස අවුරුදු 13 ලෙස සලකනු ලැබේ.

පුවත්පත් බෙදා හැරීම වැනි ඇතැම් බෙදා හැරීමේ වැඩ සඳහා එය 11 වේ, නමුත් ළමයින් අධීක්ෂණය කළ යුතුය.

පාසල් වාරය තුළදී, දරුවෙකුට සතියකට උපරිම වශයෙන් පැය 12ක් වැඩ කළ හැකි අතර, පාසල් පවතින හෝ නොපවතින දිනවලදී පැය කීයක් වැඩ කළ හැකිද යන්න පිළිබඳ සීමාවන් ඇත. පාසල් නිවාඩු දිනවල සතිපතා සීමාව පැය 38 දක්වා වැඩිවේ.

වයස අවුරුදු 11 සිට 13 දක්වා දරුවන් බෙදා හැරීමේ කාර්යයේ යෙදී සිටින්නේ නම්, පාසල් වේලාව තුළ හෝ රාත්‍රී 10 සිට පෙරවරු 6 දක්වා හෝ සවස 6 සිට උදෑසන 6 දක්වා කාලය තුළ ඔවුන්ව රාජකාරී කිරීමට ඔවුන්ව සේවාමුරගත කල නොහැකිය.

ඕනෑම වයසක දරුවෙකුට විනෝදාස්වාද කර්මාන්තයේ වැඩ කළ හැකි අතර, ඔවුන්ගේ වයස අනුව වෙනස් වන පැය සහ දින සීමා කිරීම් තිබේ.

පවුලේ ව්‍යාපාරයක සේවය කරන ළමයෙකු පාසල් වේලාව තුළ වැඩ කිරීමට සේවාමුරගත කළ නොහැක, නමුත් සමස්තයක් වශයෙන්, ඔවුන්ට එහිදී අඩු සීමාවන් අදාළ වේ.

දකුණු ඔස්ට්‍රේලියාව

රැකියා කළ හැකි අවම වයසක් නොමැත.

වයස අවුරුදු 6 ත් 16 ත් අතර දරුවෙකුට(අනිවාර්ය පාසල් වයස) පාසල් වේලාව තුළ වැඩ කළ නොහැක.

නමුත් වයස අවුරුදු 15 සහ 16 දරුවන්ට රැකියා හේතූන් මත පාසලෙන් ස්ථිර නිදහස් කිරීමක් සඳහා ඉල්ලුම් කළ හැකිය.

රාත්‍රියේදී හෝ උදේ පාන්දර වැනි පාසැලේදී ඔවුන්ගේ කාර්ය සාධනයට බලපෑ හැකි පැය වලදී ඔවුන්ට රැකියා කිරීමට අවසර නැත.

ටස්මේනියා ප්‍රාන්තය

මෙහි රැකියා කළ හැකි අවම වයසක් නොමැත.

නමුත් නිදහස් කිරීමක් ලබා නොගන්නේ නම් පාසල් කාලය තුළ දරුවෙකු රැකියාවක සේවමුරගත කළ නොහැක.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

කුඩා දරුවන්ට කළ හැකි රැකියා කිහිපයක් තිබුණද රැකියා වෙළඳපොළට වඩාත් විවෘත ප්‍රවේශයක් වයස අවුරුදු 15 සිට ආරම්භ වේ.

වයස අවුරුදු 10 සිට 12 දක්වා අයට තම රැකියාව කරන විට දෙමාපියෙකු සමඟ සිටින තාක් කල් පුවත්පත් හෝ ප්‍රචාරණ ද්‍රව්‍ය බෙදා හැරීම සිදුකළ හැකි අතර එය උදේ 6 ට පෙර ආරම්භ නොකළ යුතුය, සහ සවස 7 ට පෙර අවසන් කළ යුතුය.

වයස අවුරුදු 13 ක් සහ 14ක් වයසැති දරුවන්ට දෙමාපියන් අවසර ලබා දෙන්නේ නම් සිල්ලර වෙළඳාමේ හෝ hospitality ක්ෂේත්‍රයේ වැඩ කළ හැකිය.

ඔවුන්ට උදේ 6 ට පෙර ඔවුන්ගේ වැඩ මුරය ආරම්භ කළ යුය්තු අතර රාත්‍රී 10 ට පෙර අවසන් කළ යුතුය.

ඕනෑම වයසක දරුවන්ට තම දෙමාපියන්ට හෝ ඥාතියෙකුට අයත් ව්‍යාපාරයක වැඩ කළ හැකි අතර, නළුවෙකු හෝ සංගීතඟයකු ලෙස වෘත්තීමය වශයෙන් කටයුතු කරන අයටද එලෙස හැකිය.

නිදහස් කිරීමක් ලබා නොගන්නේ නම් කිසිම දරුවෙකුට පාසල් වේලාව තුළ වැඩ කළ නොහැක.

Northern Territory

පිළිගත් මට්ටමේ රැකියාවක් ලබා ගැනීමට ඔබ අවම වශයෙන් වයස අවුරුදු 15 ක් විය යුතුය.

ළමයින්ට උදේ 6ට පෙර හෝ රාත්‍රී 10ට පසුව වැඩ කළ නොහැකි අතර, ඔවුන්ගේ ශාරීරික, මානසික යහපැවැත්මට හානි කරන හෝ හානියක් විය හැකි කාර්යයක් කිරීමට ඔවුන්ගෙන් ඉල්ලා නොසිටිය යුතුය.

ACT

ළමයින්ට "සැහැල්ලු වැඩ" කිරීමට අවසර ඇත, ඔවුන් වයස අවුරුදු 15 ට අඩු නම්, මුදල් අයකැමියෙකු ලෙස වැඩ කිරීම, ගෙවතු වගා කිරීම හෝ නිරුපන ශිල්පය වැනි රැකියා කළ හැකිය.

ඔවුන්ගේ දෙමාපියන් ද ඒවාට එකඟ විය යුතු අතර, රැකියාව කරන අතරතුර දරුවා අධීක්ෂණය කළ යුතුය

මෙම දරුවන්ට සාමාන්‍යයෙන් සතියකට පැය 10ක් දක්වා පමණක් වැඩ කළ හැක.

ඔවුන්ගේ සේවායෝජකයාට පාසල් නිවාඩු කාලය තුළ අදාළ දරුවන්ව වැඩිපුර පැය ගණනක් සේවයේ යෙදවීමට අවශ්‍ය නම්, දරුවා සහ ඔවුන්ගේ දෙමාපියන් ඊට එකඟ විය යුතු අතර සේවා මුරය වෙනස් කිරීමට අවම වශයෙන් දින හතකට පෙර ළමා හා තරුණ ආරක්ෂණ සේවා වෙත දැනුම් දිය යුතුය.

වයස අවුරුදු 15 සහ ඊට අඩු අය පාසල් වේලාව තුළ සේවාමුරගත කළ නොහැක, සාමාන්‍යයෙන් සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් ප්‍රදානය කරන අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමක් ලබා ගන්නේ නම් මිස වැඩිහිටි දරුවන්ට ද එම නීතිය අදාළ වේ.

පවුලේ ව්‍යාපාරවල වැඩ කරන දරුවන්ට ද එම සීමාවන් අදාළ වේ.

Share

Published

By David Aidone, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරිවල ඔබේ දරුවාට රැකියාවක් කිරීම ඇරඹිය හැකි අවම වයස සහ නීති මෙන්න | SBS Sinhala